පංකාව වටේ දූවිලි විමානයයි. අවුරුද්දක් තිස්සෙ සුද්ධ කරල නැහැනෙ. දූවිලි බැඳෙන්නෙ නැතුව තියේවියැ; අපට කොහෙද AC කරපු කාමර? කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා. දැං බලන්න ලස්සනයි. බබා වගේ.
ඔය CPU එකේ ඉඳල පංකාව පැත්තට යන මහත තඹ කම්බිය තමයි තාප ගිල්ලුමයි (heat sink) පංකාවයි අතර ප්‍රධාන තාප සන්නයන මාධ්‍යය. බලමුකො ඒකෙත් හැටි! සාමාන්‍ය desktop පරිගණකයක heat sink හදන්නෙ ඇළුමිනියම් මිශ්‍රලෝහයෙන් (alloy). මේකෙ තඹ! (තඹ ඇළුමිනියම් වලට වඩා මිලෙන් වැඩියි)
ඔය කළුපාට දිලිසෙන සිහින් වයරය තමයි Wi-Fi ඇන්ටෙනාව.
මම ලැප්ටොප් පරිගණකයක නිවෙස්නය (housing) විවෘත කරපු පළවෙනි වතාව තමයි මේක.
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ගොඩාක් හොඳයි, එත් කැඩුනා නම් එහෙම?
ReplyDeleteමගේ යාලුවෙක් එකපාරක් ඕක කලා හැබැයි අන්තිමට ආපහු හයි කරල ඉවර උනාම ඇණ ඉතුරුයි. හැබැයි ලැප්ටොප් එක වැඩ
ReplyDeleteහික් හික්. . . එළ එළ. . . උඹ අවුරුද්දක්ම බලන් හිටියද ඕක කරන්න?? මම නම් ගත්ත දවසෙම දුන්නා වැඩේ.
ReplyDeleteමධ්යසාර කොහෙන්ද හොයාගත්තෙ??? :P
ReplyDeleteමටත් මගේ එකට වැඩක් දෙන්න ආසයි. ඒත් බයයි. බලමු... මොනවා හර් උනොත් බඩුම තමයි.
ReplyDelete@Chathura Sandeepa,
ReplyDeleteiso propyl alcohol ෆාමසියෙන් ගන්න පුළුවන්.
ඉතුරු වෙච්ච කෑලී එහෙම නැද්ද?
ReplyDeleteමම මේ නිකමට වගේ අහන්නේ...දැන් ඕක වැඩ කරනවද?
ReplyDeleteමධ්‍යසාර ඉතුරු වෙච්ච ඒවට මොකෝ කලේ
ReplyDeleteහැබෑට කෝ ඉතුරු ටික ( මධ්‍යසාර [බාර් එකෙන්ද ගත්තේ??])
ReplyDelete> "කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා"
ReplyDeleteඔයා මධ්‍යසාර පාවිච්චි කළාම පංකාව පවිත්‍ර උනේ කොහොම ද ?
සිරාවට, මොනවද ඉතුරු උනු කෑලි ?
> "කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා"
ReplyDeleteමේකෙන් අදහස් කරන්නෙ උඹ කරටි කැඩෙන්න ගහලා ෆෑන් එක සුද්ද කරා කියන එක නේද? :D
මද්‍යසාර ගැන අහන අයට,
ReplyDelete&^%^$$^*#%#%$^^%%$^^&&^#$^#%^*