Wednesday, December 31, 2008

අර්ධ ශතකය, බෝඩිම, සහ සමුගැනීම

මේ මගේ ජයග්‍රාහී අර්ධ ශතකය. හරියටම 2008ට බ්ලොග් සටහන් පනහයි. අර්ධ ශතකයක් එක්කම කියන්න තව දෙයක් තියෙනවා.
මම උදේ හවස දුම්රියේ යන එක නතර කළා. දැන් ඉන්නෙ බෝඩිමක. හැව්ලොක්, කොළඹ 05. කැම්පස් එකට පයින් යන්න පුළුවන් දුර. දැන් ඇවිත් සතියක් විතර වෙනවා. ආයෙමත් යාළුවොත් එක්ක පරණ ආතල් ජීවිතේට සෙට් වෙන්න පුළුවන්. :) බම්බු, සිලියා, රෙපා, රූකඩයා, සරා, කන්නසාමියා, ඇච් ඇස්, දොරේ, දයා, පුලා, ඉම්බා, වැංකා, රානි, පුන්නා, කතා, ගරූ, පොලා සහ තඩියා ඇතුළු මෙකී නොකී කැම්පස් යාළුවොත් එක්ක ආයෙ වල බහින්න පුළුවන් -- මීටත් වඩා ආතල් එකක් කොයිද?

හවසට ගෙදර යන කාලෙ හවස 5.30 දුම්රියේ යන්න 5ට කැම්පස් එකෙන් පිටත් වෙන්න ඕනා. ඒක තමයි අමාරුම කාරිය. ඒත් දැන් එහෙම නෑ. රෑ 8 වෙනකම් කැම්පස් එකේ ඉන්න පුළුවන්. :) බැචාල සෙට් වුණාම වෙලාව ගතවෙනව දැනෙන්නෙත් නෑ. කැම්පස් එක තියෙන්නෙ අධිආරක්ෂිත කලාපයක නිසා රෑ අටෙන් පස්සෙ ඉන්න බෑ. :( එහෙම නොවුනා නං සිරාම ආතල් එක. ඒත් ඉතිං ආරක්ෂාවත් වැදගත්නෙ.

දිනපතා දුම්රිය මගියා කාලෙ දවසෙ වෙලාවෙන් පැය පහක්ම නාස්ති වුණා. එක ගමනකට පැය දෙකහමාරක්! හැබැයි සිරාම මගී යාළුවො සෙට් එකක් සෙට් වුණා. කැම්පස් වගේම ආතල් අපි කෝච්චියෙදි ගන්නෙ... මේ බ‍ටර් ගාන්නෙ එයාල මේක කියවන නිසා. :D දැන් farewell party එකත් දීල ඔක්කොම close කරල තියෙන්නෙ. හැබැයි ජනවාරි පළවෙනිදා ආයෙම සෙට් වෙන්නයි හිතාගෙන ඉන්නෙ. :)
---
හැව්ලොක් කාක්කොත් අපරාදෙ කියන්න බෑ මාව සාදරයෙන් පිළිගෙන තිබුණා. :D ඒක දැනගත්තෙ බෝඩිමට ආවම ලැප්ටොප් බෑග් එකේ පැත්තකින් සිරස්ව පහළට බේරිලා ගිය සුදුපාට පැල්ලම දැක්කම. ඒක පිරිසිදු කරන්න වෙච්ච මහන්සිය මමයි දන්නෙ -- හැව්ලොක් කාක්කව අල්ලල උගේ අධෝමුඛය තංගුස් නූලෙන් මහන හැටි මෙනෙහි කරමිනුයි මම බෑග් එක හේදුවෙ!
---
ඊළඟට කියන්න තියෙන්නෙ ශෝකජනක කතාවක්. අපේ දෙවන වසර පළමු සමාසිකය සඳහා විභාගය ජනවාරි මාසෙ පටන් ගන්නව. ආතල් ඔක්කොම මාසෙකට suspend කරන්න වෙනවා. වල බැහිල්ල නතර කරල 'කුප්පි සරණං ගච්ඡාමි' කියලා අද ඉඳල පාඩම් කරන්න සෙට් වෙනව. ඒ නිසා බ්ලොග් ලිවිල්ලෙන් තාවකාලිකව සමුගන්නවා... :(



එහෙනම්, දයාබර කියවන්නෙනි...
මගේ බ්ලොග් මිතුරනි...
සෞභාග්‍යමත් සුභ නව වසරක්...
හෙටින් එළැඹෙන 2009!

මේ වසරේ මාත් සමඟ රැඳී සිටියාට ඔබට මගේ හදපිරි ප්‍රණාමය!

යන්නාං... ටටා... :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

10 comments:

  1. අඩේ අප්පා. මමත් නිකමට බැලුවා මගේ බ්ලොග් ගාන.. ඒකත් 50 යි. ඒ වෙනුවෙන් මොනවා හරි ලියන්න ඕන.

    හා යහලුවා ඒක නෙමෙයි, හැමෝගෙම පටබැදි නම් දාලා තියෙන්නෙ. ඔයාට කියන නම කොහොමද. ?? ඒකත් දාන්න, නැත්නම් හොඳ නැහැනේ.

    ReplyDelete
  2. මෙයා නං එක කියයි කියලා හිතන්න බෑ. ඒක දන්න වෙන කෙනෙක් හරි මෙතන ඒක දාන්නකෝ.

    ReplyDelete
  3. ආ.. ගියාට කමක් නෑ ඉක්මනට එන්න. මං කියවන බ්ලොග් වලින් ගොඩක් වැදගත් එකක් මේක. all the best for ur exams!!!
    And Happy New Year!!!

    ReplyDelete
  4. මෙයා සිම්** =D

    ReplyDelete
  5. ආහා.... ඉතිං ආයුබෝවන්... තව අවුරුද්දකින් නැවත හමුවෙමු.. සුභ පැතුම්‍... ටටා‍‍‍.. බායි බායි..!

    ReplyDelete
  6. උඹට විභාගය මතක් වෙච්ච එක ගැන සතුටු වෙන්න පුලුවන්...:D

    ලබන්නා වූ 2009 වසර සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ වසරක් වේවා !

    ReplyDelete
  7. සුබ නව වසර වේවා!!!! ( වැඩ අඩු )

    ReplyDelete
  8. ආතල් බොහෝවූ සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා මචං!!

    @අරවින්ද

    පොඩ්ඩක් shoutbox එක බැලුවනම් card එක හොයාගන්න අමාරු නෑ. . .

    ReplyDelete

Facebook ප්‍රතිචාර