Sunday, November 16, 2008

සිංහරාජෙට ගිය විනෝද ගමන

මට දැන් මීට මාස තුනකට විතර කලින් (එතකොට මම බ්ලොග් ලිවීම අතහැර දාලයි හිටියේ) කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක සිංහරාජෙට ගිය ආතල් ගමන මතක් වුණා. කෝ දැන් දෙක වසරනෙ. කොළඹින් එළියට ගිහින් ඒ වගේ ආතල් ගන්න ආයෙම නිදහසක් එයිද දන්නෙත් නෑ. ඒ තරමට වැඩ.

මේ වීඩියෝ තුනේ තියෙන්නෙ ඒ සොඳුරු මතකයන්ගෙන් බිඳක්...

මේ අපේ ගමනේ පිංතූර ටිකක්...


ආපහු එන්න බස් නැතුව මල පැනල ඉන්න වෙලාවෙ දුන් පොඩි ආතල් එකක්...


ට්‍රැක්ටරේ ආතල් එක... මෙදේරිපිටියෙන් යන අන්තිම බස් එකත් ගිහිං! කොහොම හරි අමාරුවෙන් තේ දළු ගේන ට්‍රැක්ටරයක් සෙට් කරගත්තා... තේ දළු උඩ වාඩි වෙලා අපි 12ක්.. මාර ආතල්... (බය වෙන්න එපා.. ඒව පිටරට පටවන ඒව :D)


බලමු.. තව මාස දෙකකින් exam ඉවර වුනාම පුළුවන්ද කියල.. තව කොහෙ හරි යන්න....

෴සමීර ශාකුන්තල෴Sameera Shaakunhala෴

8 comments:

  1. නියමයි, නියම ආතල් එකක් අරං තියෙනවා.
    දිලූප...

    ReplyDelete
  2. සිංහරාජෙ කියපු ගමන් මට මතක් වුනේ කූඩැල්ලෝ, අම්මෝ විඳින වදයක් කූඩැල්ලෝ නිසා. හරිම රසවත් ගමන් අත්දැකීම් රැසක්

    ReplyDelete
  3. කව්ද අර දවල්ටත් කැවේ නැ කියන්නේ?
    ට්‍රැක්ටරේ අයිතිකෙනාගේ දතකුත් ගැලෙව්ව ද? ;-)

    ReplyDelete
  4. @djmlog103,
    මේ කාලෙ නොගන්න ආතල් කවද ගන්නද?

    @Bo,
    අපේ එකෙක් හිටිය කූඩැල්ලො handle කරන්න. කාඩ් එක රානි. කූඩැල්ලො මාර විදිහට රානිට ආදරෙයි. අපේ ඇඟවල් වල එල්ලිලා හිටපු උනුත් ගිහින් උගේ ඇ‍ඟේ එල්ලෙනව. :D

    @ඩනිෂ්ක,
    පරක්කු වෙච්ච නිසා එකෙක්වත් දවල්ට කෑවෙ නෑ.
    දතක් නං ගැලෙව්වෙ නෑ.. හොඳ තෙලක් ගැහුව. මුලින් කිව්වෙ බෑ බෑ බෑමයි කියල. :D

    ReplyDelete
  5. මුලින් මඟටවත් දාන්න බෑ කියපු පොර තෙලට පස්සේ දෙණියායටම ගෙනත් දැම්මා.... අපි එපා කිව්වේ නැත්නම් පොර අපිව ගෙදරටම ගෙනත් දානවා

    ReplyDelete
  6. @ඩනිෂ්ක,
    හැබැයි කිව්වාම මතක් වුනේ... ගිය විදියට කිව්වානම් අයිතිකාරයා ගානේ කන්නත් තිබ්බා.... =D

    අපි ඒ වෙද්දී තෙල් ගහන්න පුරුදු වෙනවා... Intensive එකෙන් පස්සේ සෙට් වුනානම් අනිවාර්යෙන් කනවා

    ReplyDelete
  7. @ ශකුන්තල, @ චමිල:
    එළ එළ...
    හැකීයාවන් තවත් වර්‍ධනය කරගන්න ලැබේවා!

    ReplyDelete
  8. @ශාකූන්තල
    හැබැයි ජොබ් කරන අපිත් තාම ආතල් ගන්නවා. ;)

    ReplyDelete

Facebook ප්‍රතිචාර