හැම සඳුදාවකම වගේ මම අදත් උදේ පාන්දරම ගෙදර ඉඳලා කොළඹ ආවේ දුම්රියෙන්. සමුද්‍රදේවී නෙමෙයි ඊට කලින් තියෙන ගාල්ලෙන් එක බලවේග කට්ටල දුම්රිය. අද විශේෂත්වය තමයි කලාතුරකින් සමීපව දකින්න ලැබෙන, දර්ශනයක් දකින්න ලැබීම. ඒ සුළු සුළිකුණාටු තත්වයක්.
මේ පිංතූරෙ ගත්තෙ solarnavigator.net අඩවියෙන්. මම දැක්ක දර්ශණයත් ඔය විධියෙමයි. අද මගේ ළඟ ජංගම දුරකථනය නොතිබුණු නිසා සිද්ධිය රූගත කරන්න බැරි වුණා. :(
ඔය පිංතූරෙ පේනවා වගේ එකක් මූදෙ තියෙනවා පැහැදිලිව පේන්න පටන් ගත්තෙ දුම්රිය පානදුර දුම්රිය ස්ථානය පසු කර ටිකක් දුර ගියායින් පසුවයි. ඈතින් නැව් හා ධීවර යාත්‍රා කීපයක් තිබුණා. අහස තරමක් අඳුරු වෙලා තිබුණා. මම සිද්ධිය හොඳින් බලාගන්න ගියා දුම්රියේ අවදානම් තැනට :-O පාපුවරුවට.
ඔය සුළිය ටික ටික ආවෙ ගොඩබිම පැත්තට. කවදාවත් මේ වගේ දෙයක් දැකල නැති නිසා මටත් මාර මැජික්. අන්තිමේ (කොරළවැල්ලේදී) සුළිය දුම්රිය මාර්ගයට මීටර් 100ක් විතර වෙන්න ආසන්නයට ආවා. ඒ එක්කම ඇති වුණු වැස්සෙන් ටිකක් තෙමෙන්න වුණත්, මොකද වෙන්නෙ කියලා ඇසි පිය නොහෙළා බලාගෙන හිටියෙ මේ අපූරු (සජීවී) දර්ශනය ආපහු දකින්න නොලැබෙන නිසා. සුළිය නිසා මුහුදු වතුර ඉහළට ඇදිල යන හැටි හොඳින් බලාගන්න පුළුවන් වුණා. අපූරුයි -- ටිකක් භයංකරයි. කොහොම වුණත්, දුම්රිය ඉදිරියට ගමන් කරමින් තිබුණු නිසා විනාඩියක පහකට වඩා ඕක දිහා බලාගෙන ඉන්න ලැබුණෙත් නෑ.
ඉන් පසු මොනව වුණාද කියල නම් දන්නෙ නැත! :(
Tornado ගැන හොඳ විස්තරයක් විකිපීඩියාවෙන් බලාගන්න පුළුවන්. ඒ අතරෙ මතක් වුණා සෑහෙන කාලෙකට ඉහතදී බලපු හොඳ චිත්‍රපටයකුත්. Twister (1996).
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
හික් හික්... කෝච්චියත් එක්කම උඩට ඇදිලා ගියානම්, වීසා නැතුව වෙන රටකට යන්න තිබ්බනේ....
ReplyDeleteමාත් මේ කියන්න ගිය පිස්ස කියන්න ගිය කතාවම තමා ;) කෝකටත් ඕව බලන්නේ පරිස්සමින්,ඩිස්කවරි එකේ වගේ වැඩකරද්දී :P
ReplyDeleteමාර චාන්ස් එක. ඔය වගේ සිද්දියක් සියසින්ම දැකිනව කියන්නෙ. Photo ටිකක් ගන්න නොලැබීම නං අපරාදයක්.
ReplyDeleteඅනේ අම්මෝ, මට නම් බය හිතෙනවා දැක්කම
ReplyDeleteඅඩේ මාර සිද්ධිය. උඹ කෝච්චියේ දන්වැල ඇද්ද නම් සිද්ධිය A-Z බලාගන්න තිබ්බා. හික් හික්....
ReplyDeleteමාර සිරා නේ. අපරාදෙ පොටෝ එකක් ගන්න බැරි උනේ. ඕවට කියෙන්නෙ Waterspouts කියල නේද. ගොඩබිමට ආවම තවත් ලොකු උනාම තමා tornado කියන්නෙ.
ReplyDeleteමමත් ඔයවගේ එකක දැක්ක තෙල්වත්ත හරියෙදි, අවුරුදු අටකට විතර කලින් . ඒ හරියෙ මුහුදත් පාරට හොදට පේනවනෙ. කැමරා ෆෝන් නෑනෙ ඒ දවස් වල. මාරම ලස්සන දකින්න දුර්ලබ දෙයක්
ReplyDeleteමාරයි!අපරදේ ෆොටොස් ටිකක් ගන්න බැරි වුනේ නේද?
ReplyDeleteමමත් දැකලා තියනවා.. හැබැයි ඒ වෙරලේ ඉන්න වෙලාවක ඈත මුහුදේ සිද්ද වෙච්චි දෙයක්..ඒත් මේ තරම් ළගට නම් දැක්කේ නැහැ
ReplyDeleteකොරලවැල්ලේ ඊයේ උදේ හමපු සුළඟකින් ගෙවල් 10 කට හානි වෙල බෝට්ටු ගොඩක් පෙරලිලා කියලා තිබ්බ අද(09/06/2009) පත්තරේ. මේක ගැන ද දන්නේ නැහැ
ReplyDelete@ම,
ReplyDeleteඔව්.... මේ සිද්ධිය තමයි.
ෆෝන් එකට මොකද උනේ? අපරාදෙ මාර චාන්ස් එක.
ReplyDeleteමචෝ අභ්‍යවකාශ ගතවෙන්න තියෙන චාන්ස් එක
ReplyDeleteමමත් ඔයිට වඩා පොඩි එකක් දැකලා තියෙනවා මම ඉස්කෝලෙ යන කාලෙ පිට්ටනියට ආවා හොද වෙලාවට යන්ටවල් එකේ ටිකක් පවර් එක තිවුනනම් ගුවන්ගත වෙන්න තිබුණා