Saturday, July 4, 2009

~ VirtualBox ~ e1108 ~ USB ~ K770i ~ Wammu ~ එහෙන් ~ මෙහෙන් ~

ඇත්තටම මේ සටහනට දාන්න හොඳ මාතෘකාවක් හිතාගන්න බැහැ තාමත් මට. මොකද exam භීතිකාව නිසා පිස්සු පීකුදු වෙලා ඉන්න මොහොතක මේක ලියවෙන්නෙ. සමහරවිට මේ ජූලි මාසෙ අවසාන වෙනකම් මේ සටහන හැර වෙන කිසිම දෙයක් නොලියන්නම ඉඩ තියෙනව. ඒ නිසා හිතට එන ඔක්කොම දේවල් අච්චාරුවක් කරල ලියනව මේකෙ. පහුගිය දවස් ටිකේ ආගිය කතා ටිකකුත් ඒ ඇසුරින් අන් අයගේ දැන ගැනීම පිණිස ලියැවෙන විවිධ තාක්ෂණික කරුණු ටිකකුත් තමයි මේකෙ තියෙන්නෙ.

---

මුලින්ම අතීත කතාව කියලා ඉවර කරන්නම්... මම අවුරුදු තුනක් පුරාවට පාවිච්චි කළේ NEC e1108 වර්ගයේ ජංගම දුරකථනයක්. ඒක ගත්තට පස්සෙ තමයි තේරුණේ කරපු මෝඩකම. ඔය දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් user reviews බලන්න මම කියන දේ විශ්වාස නැති නම්. මේ තියෙන්නේ මම ඒකෙ දැකපු ලොකුම අඩුපාඩු.
  • වැඩිය ප්‍රචලිත නැති මාදිලියක් නිසා හදිසියකට charger එකක් හොයා ගන්න අමාරුයි
  • Charger එක හතරැස් තුන්කූරු පේනු (square type three pin plug) වර්ගයේ එකක් වීම (හැම තැනම three pin නැහැනේ...)
  • පුදුම හිතෙන තරමට මන්දගාමී (දුරකථනය ක්‍රියාත්මක කළාම initialize වෙන්න විනාඩි 2-3 විතර කාලයක් ගත වෙනවා)
  • ගොනු හුවමාරු (file transfer) ප්‍රකාරයේදී ඉක්මනින් බැටරිය විසර්ජනය වෙනවා
  • දුරකථනය තියෙන තැනින් හොල්ලන්නෙ නැතුව තිබුණත් බැටරිය දවස් තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙනවා
  • Synchronization කියා එකක් තිබුණාට එය වැඩ කරන්නෙ නැති වීම
  • වීඩියෝ ගොනු මාදිලිය MJPEG වීම -- ශබ්දය නැත!
  • T9 යකා නැටීම -- මේක කරලම බලන්න රඟ... :P
තව තව අවුල් ගොඩක් තියෙනවා. කොහොම වුණත් අවුරුදු දෙකක් පුරාවට පාවිච්චි කළ ජංගම දුරකථනයනේ...

ඔන්න ඉතිං ඕක එපා වෙවී ඉඳලා මමත් ගත්තා Sony Ericsson K770i එකක්. ඒක නම් මගේ වැඩ වලට ප්‍රමාණවත්. වේගය අතිනුත් ඉතාම හොඳයි.

---

ඊළඟ ගැටළුව Sony Ericsson එකත් එක්ක දෙන සංයුක්ත තැටියෙ තියෙන මෘදුකාංග කට්ටලය ලිනක්ස් එක්ක වැඩ කරන්නෙ නැති වීම. ඉතින් ඔය වෙලාවට මට මතක් වුණේ MyPhoneExplorer කියන මෘදුකාංගය. ඒකත් වැඩ කරන්නෙ නෑනේ.... :( ඔන්න එතකොට තමයි අපේ නාගබුද්ධික ලිව්ව පරණ සටහනක් මතක් වුණේ. ඉතිං Wammu දාලා බැලුවා. නාගයාට ලබන ආත්මේවත් කිං කෝබරාවෙක් වෙන්න වාසනා බල මහිමය ලැබේවා! :D

ටිකක් වෙලා Wammu එක්ක ඔට්ටු වෙලා යංතං මගේ ජංගම දුරකථනය පරිගණකයත් එක්ක සම්බන්ධ කරගත්තා. MyPhoneExplorer වලින් කරන්න පුළුවන් ගොඩක් දේ මේකෙන් කරන්න පුළුව්න්. ජංගම දුරකථන මාදිලි බොහොමයකට මේ මෘදුකාංගය සහය දක්වනවා. (හැබැයි මම පරීක්ෂා කළේ Sony Ericsson K770i එක්ක විතරයි :D ) ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය බලාගන්න බැරි එක තමා එකම අවුල.

දැන් පෙන්නන්න යන්නේ... Wammu පාවිච්චි කරන හැටි. මේ පිංතූර ගත්තේ Leonidas වලින්.

මුලින්ම ජංගම දුරකථනය පරිගණකයට සම්බන්ධ කර එහි නිෂ්පාදකයා දී ඇති උපදෙස් පරිදි සූදානම් කරගන්න. (Sony Ericsson දුරකථනයක් නම් Phone Mode සක්‍රිය කරන්න -- වෙනත් වර්ගවල දුරකථන ගැන මම දන්නෙ නැත)

Wammu සැකසුම් කරන්න කලින් මතක ඇතුව Wammu භාවිත කරන්න බලාපොරොත්තු වෙන පරිශීලක ගිණුම/ගිණුම් dialout කණ්ඩායමට (group) එකතු කරන්න. නැත්නම් අදාළ උපාංග (devices) පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑ.

විධාන අතුරුමුහුණතින්:
su
usermod -a -G dialout {ඔබේ පරිශීලක නාමය}


එහෙම අකමැති නම් GUI භාවිතයෙන්:


දැන් Wammu විවෘත කරගන්න. Phone Wizard කවුළුව විවෘත වුණේ නැත්තම් Wammu --> Phone Wizard වෙත ගිහින් එය විවෘත කරගන්න. එතන ඉඳලා කරන වැඩ ටිකේ ඇත්තටම තිරපිටපත් වලින් කියන්න තරම් ලොකු දෙයක් නෑ. වින්ඩෝස් පාවිච්චි කරල පරිගණක හුරුව ලබාපු අපට මේවත් වැඩද නේද? හැබැයි හැම පියවරකම දීල තියෙන විස්තරේ හොඳට කියවන්න අතමක කරන්න එපා!! ;)


මේ ලැයිස්තුවේ තියෙන උපාංග (devices) පාවිච්චි කරන්න අවසර තියෙන්නේ dialout කණ්ඩායමේ අයට විතරයි. තමන් dialout සාමාජිකයෙක් වෙලා ඉඳිද්දිත් මෙතනින් එහාට යනකොට දෝෂ පණිවුඩයක් එනවනම් මෙතනින් වෙනත් ttyACM උපාංගයක් තෝරන්න.


ඔය ඉන්නෙ යස අගේට මගේ අළුත් 'කෑල්ල'! :P

දැන් Wammu වල Phone මෙනු එකට ගිහින් Connect කියන මෙනු අයිතමය ක්ලික් කරන්න. හපොයි මේව කියන්නත් දේවල්ද? :-O ඊළඟ තිරපිටපත බලන්න මේකෙ වැඩ කෝමද කියලා.... බැටරි ආරෝපණ තත්වය, සංඥා ප්‍රතිග්‍රහණ තත්වය වගේ විස්තරත් බලාගන්න පුළුවන්.


ඔන්න මගේ කෙටි පණිවුඩ කියවන්න පොඩි චාන්ස් එකක් :D

මේක මාර ආතල් භාණ්ඩේ... MyPhoneExplorer පාවිච්චි කරල කෙරෙන වැඩ වලින් බහුතරය කරගන්න මේකෙන් පුළුවන්. ඒ වුණාට ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය කියවන්නෙ නෑ. Sony Ericsson ජංගම දුරකථන වල File Transfer Mode පාවිච්චි කළත් Memory Stick එකේ තියෙන ගොනු පමණයි බලාගන්න පුළුවන්. ඉතින් Wammu සර්ව සාර්ථක විසඳුමක් නෙවෙයි ජංගම දුරකථනයත් එක්ක නොමිලේ ලබා දෙන මෘදුකාංග කට්ටලය තරම්. ඒත් ඒක වින්ඩෝස් වලට විතරයි නෙ.... :(

---

දැන් මේක පාවිච්චි කරන්න වින්ඩෝස් ඕනා... මගේ බ්ලොග් එකට නිතර යන එන කස්ටිය දන්නවා ඇතිනේ මම පාවිච්චි කරන්නේ ලිනක්ස් විතරයි කියලා. ඒක එහෙම වුණත් මට වෙනත් විකල්පයක් හොයාගන්න බැරි විධියෙ අවශ්‍යතාවක් ඇති වුණොත් පාවිච්චියට ගන්න වින්ඩෝස් ස්ථාපනය කරලා තියෙන්නෙ VirtualBox ඇතුලේ... සාමාන්‍යයෙන් ලිනක්ස් host එකකදී VirtualBox වල USB වැඩ නොකරන බව ප්‍රසිද්ධ කාරණයක් නේ. මම පහුගිය කාලෙ ඔය ගැන උනන්දු නොවුණට දැන් මේ ජංගම දුරකථනයත් එක්ක ඔට්ටු වීම නිසා මගේ උනන්දුව වැඩි වුණා. මට නිකමට හිතුණා VirtualBox දුවවලා බලන්න root user විධියට.

gksu VirtualBox

අනේ යාන්තාං ඇති! එළටම වැඩ!! ඒත් නිතර මුරපද ටයිප් කර කර ඉන්න ගියාම කරදර නිසා මේකට හරි විසඳුමක් හොයාගන්න මම උත්සුක වුණා. ඕකත් දෙයක් ද අපේ ගුග්ල් දෙයියා ඉන්නකං... ;) මෙන්න මෙතනිං විසඳුමක් ලැබුණා. හැබැයි ඒ ලිපිය Ubuntu 7.10 ආශ්‍රිතව ලියපු එකක්. මම ඒක මගේ අත්දැකීම එකතු කර නැවත ලියනවා.

පොඩි සැත්කමක් -- /etc/init.d/mountdevsubfs.sh ගොනුව සංස්කරණය කරන්න කියලා තමයි සඳහන් වෙන්නෙ. ඊට කලින් අපි අදාළ ගොනුවේ උපස්ථ පිටපතක් හදමු... වැඩේ වැරදුණොත් ආපහු ගොඩ එන්න පුළුවන් වෙන්න... (ඇස් ඇරගෙන වැඩ කළොත් වරදින්නෙ නෑ)

su
cp /etc/init.d/mountdevsubfs.sh /root/mountdevsubfs.sh


දැන් බය නැතුව සංස්කරණය කරමු:
gedit /etc/init.d/mountdevsubfs.sh

මෙන්න මේ කේත පේළිය සොයා ගන්න. (Ctrl + F)
do_start () {

ඒ පේළියේ තියෙන සඟල වරහනට ගැළපෙන වැසීමේ සඟල වරහන '}' සොයා ගන්න. ඒ වැසීමේ සඟල වරහනට ඉහළින්, එහෙත් සඟල වරහන් දෙක අතර දැනට පවතින කේත පේළි වලට යටින්, පහත දැක්වෙන කේත පේළි ඇතුළත් කරන්න (Copy & Paste):

#VirtualBox USB hack (මේ පේළිය ලියන්නෙ කහනවට නෙවෙයි -- අපේම පහසුව පිණිසයි)

mkdir -p /dev/bus/usb/.usbfs
domount usbfs /dev/bus/usb/.usbfs -obusmode=0700,devmode=0600,listmode=0644
ln -s .usbfs/devices /dev/bus/usb/devices
mount –rbind /dev/bus/usb /proc/bus/usb


දැන් ගොනුව සුරකින්න. පරිගණකය ප්‍රතිපණගන්වා VirtualBox ක්‍රියාත්මක කර බලන්න. USB වැඩ නේද? :)

ඕකෙ පිහිටෙන් මම දුරකථනයෙ මෙමෙරියෙ තියෙන දේවල් ටික බලාගත්ත. ඒත් මකා දමන්න බැරි වෙන්න Sony Ericsson එකෙන්ම දාල එවන කරුම ෆයිල් දෙකතුනක් තියෙනව ඒව මෙහෙමවත් මකන්න බෑ නෙව! :(

දැං ඉතිං ජංගම දුරකථනය විතරක් නෙමෙයි USB වලින් වැඩ කරන නානාප්‍රකාර පරිගණක උපාංග virtual මැෂිමට අමුණන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිස්සු විකාර වැඩ කරන්නත් පුළුවන්. ඔය බොරු මැසිමයි ඇත්ත මැසිමයි අතර පරිගණක ජාලයක් වගේ එකක් තියෙනවනේ... කොහොමද gateway එක බොරු මැසිම වුණොත්? නිකං ඉන්න බැරිකමට මගේ Huawei e220 මොඩම් එකෙන් කරල බැලුවා... අවුලක් නැතුව වැඩ! :)

---

අද සටහන දිග වැඩියි.... ආවරණ කලාපයත් ලොකුද මන්දා... මටත් මහන්සියි ලියලා.... වැඩක් වේවිද දන්නෙත් නෑ.......................... :-O

21 වැනිදා අපේ ජයග්‍රාහී හතරවෙනි සෙමෙස්ටරයෙ මහා ඉල්ලංකෑමේ කැම්පේන් එක පටන් ගන්නවා..... මං යනවා දැන්ම දාගන්න ගිරවෙක් දාගන්න..... ආයුබෝ!!!!!!!

බාගැනීම්:

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

22 comments:

  1. ආහ්, හොදට ඉල්ලං කන්න.....සුභ පැතුම් විභාගය වෙනුවෙන්...

    මම නම් ඉතින් ඉපදුන දවසෙ ඉඳල නොකියා සහ සමඟ වාසේ නිසා ඔහොම අව්ලක් වෙලා නෑ

    ReplyDelete
  2. ඔය වම්මු නොකිය වලටත් හරියයි නේද? දාල බලන්න ඕන.
    ඔන්න විභාගෙට සුබ පැතුම්!

    ReplyDelete
  3. එළ පෝන් එකක් නේ කීයක් වුනාද?. හොදට විභාගේ ලියපන්.

    ReplyDelete
  4. machan,mamath use karanne oya phone eka.oke aluth software update ekak ehema nadda?

    ubath oya phone ekama gattha eka hoday.idiriyata oken karanna puluwan aluth wada kali tikak hoya gatthoth apitath kiyapan.

    ReplyDelete
  5. "Sony Ericsson ජංගම දුරකථන වල File Transfer Mode පාවිච්චි කළත් Memory Stick එකේ තියෙන ගොනු පමණයි බලාගන්න පුළුවන්"

    මම දන්න තරමින් හා පාවිච්චි කරපු හැම Sony Ericsson ජංගම දුරකථනයකම File Transfer Mode එකේදී Mass Storage Devices 2 ගන්නවා Phone Memory & Card Memory.
    තව සමහර ඒවගේ Phone Mode වලදීමත් Phone Memory & Card Memory පෙන්නනවා,තව USB LAN Interface එකත්,(මේවා වෙන්නේ නම් DB3150 වලද දන්නෑ,මගේ DB3150 එකේ තමා එහෙම ගන්නේ,ඒත් File Transfer Mode එකේදී Mass Storage Devices 2 ගන්නවා ඕන එකක)

    අර ජරා ෆයිල්(මකන්න බැරි ඒවා :P )මකන්න පුලුවන් Internal File System එකට Access කිරීමෙන් ;)
    Internal File System එකට එහෙම තාම වැඩ කිඩ ටිකක් දාලා බැලුවේ නැද්ද ? (වගකියනු නොලැබේ)
    K770 vkp patches දාන්න පුලුවන්ද දැන් ? (Firmware කෙල වීමටත් වගකියනු නොලැබේ ;) )

    ReplyDelete
  6. විභාගය හොදින් කිරීමට මගෙනුත් සුභ පෑතුම්
    මිත්‍රයා

    ReplyDelete
  7. එල එල, විභාගෙ හොදට කරගන්න.

    ReplyDelete
  8. මගෙනුත් විභාගෙට සුභ පැතුම්!!!

    ReplyDelete
  9. පිස්සු නැතත් පීකුදු වෙන්න exam හොදට කරන්න....
    සුභ පැතුම්...

    ReplyDelete
  10. ප්‍රතිචාර වලටත්, විභාගය ගැන මාව දිරිමත් කළාටත් ස්තුතියි.

    @thameera,
    Nokia මේකෙ දුරකථන මාදිලි ලැයිස්තුවෙ තිබුණා. වැඩ නොකර තියෙන එකක් නෑ.

    @Thilina,
    හපොයි! මම පෝන් පාවිච්චියක් නෑ. පෝන් සහ ෆෝන් ටපලවගන්න එපා. :D Porn shop :D



    @Anonymous,
    මගේ Sony Ericsson දුරකථනය තමයි මේක. ඉතින් මම මේ දුරකථනය ගැන ඇත්තටම තාම දන්න දෙයක් නෑ. සිංහලෙන් බ්ලොග් ලියන අනිත් අය (මලින්ත, බුද්ධික) මට වඩා ගොඩක් දේවල් දන්නවා Sony Ericsson ගැන. Phone එකෙන් සිංහල බ්ලොග් කියවන්නෙත් එයාලට පින් සිදු වෙන්න තමයි. :)

    @බුද්ධික,
    ආ... එහෙමද? මම ඒක දැනගෙන හිටියෙ නෑ. K770i එකේ නම් Memory Stick විතරයි පෙන්නන්නේ File Transfer Mode එකේදි. Internal File System එකත් එක්ක ටිකක් වැඩ දාලා බැලුවා ඒත් අර ජරා ෆයිල් මැකෙන්නෙ නෑ. :( ඒව මකන්න පාවිචිචි කරන්න පුළුවන් හොඳ software එකක නමක් දන්නවනම් කියන්න. Windows/ Linux

    ReplyDelete
  11. උඹ පෝන් පාවිච්චියක් නෑ???????
    පලයං කොණ්ඩයෝ යන්න බොරු නොකියා. උඹ සමහර තැන්වල තවුසන්ඩ්ස් ටෝක්ස් දීල යන්නෙ උඹ පෝන් ගුරාවගේ.

    ReplyDelete
  12. විභාගෙ හොදට කරපන් අපේ සුභ පැතුම්...........!

    ReplyDelete
  13. SE tool එකෙන් sony ericsson phone වල firmware එකේ මරු වැඩ දාන්න පුලුවන්.. try..

    ReplyDelete
  14. අර ජරා ෆයිල් මකන්න පුළුවන්. මෙන්න ටූල් එක: http://www.getjar.com/products/5322/FileExplorer, මේකෙන් අදාළ file එකේ properties ගිහින් Read Only කියන tick එක අයින් කළාම ඩලීට් කරන්න පුළුවන්.

    ReplyDelete
  15. විභාගෙට මගෙනුත් සුභ පැතූම්........!!!

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් සුභ පැතුම් එහෙනං

    ReplyDelete
  17. අනේ මට නම් ලොකු වැඩ කිඩ තියෙන් ෆෝන් නෑ... මොහන් "හලෝ" කිව්වම අරෙහෙන් "ආ" කියනවා...
    විහාගෙට සුභ පැතුම්... ජයෙන් ජ‍ය...

    ReplyDelete
  18. හොඳයි හොඳයි අයිය හොඳට ලියල තියෙනව.හැබයි දැන් ඉතින් ටිකක් වෙනස් කරන්ඩ වෙනව අයියෙ.මොකද දන්නවද?අයිය ලොකු ලොකු ටෝක්ස් දීල අයියට විරැද්දව පැමිණිල්ලක් CCD (Colombo Crime Division – Sri Lanka Police) ට කරල දැන් ඒ ගොල්ලෝ ඒක විබාග කරන්ඩ ආරම්බකලා කියල අද රාත්‍රී 10.30 ට් විතර මට ආරන්චි වුනා.ඒ බව දැනගෙන දැනටමත් එක අයිය කෙනෙක් විනාඩි 10 යි එයාගෙ බ්ලොග් එක වහල.මට අයියල ගැන දුකයි.මමත් මෘදුකාංග ඉංජිනෙරුවෙක් වුනාට අය්යල තරම් අපි ඉගෙන ගෙන නැති හින්ද මම රිවස් ඉංජිනියරින් ගැන කතා කරන්ඩ ගියෙ නැ.මොකද අය්යෙ දන්නෙ නැති කෙහෙල් මල් ගැන කතා කරන්ඩ ගිහින් නකුට ග්ලෝගන්ඩ ඔනෙ නැහැනෙ.හැබයි අයියේ මම Srilankan IT Law නම් ඉගෙන ගෙන තියෙනව.සමහර විට අයිය ඒ ගැන මට වඩා දැනුමක් ඇති නේද?කොහොම හරි කමක් නෑ අය්යෙ දැන් ඉඳලම හොඳ ලෝයර් කෙනෙකුයි වන්දි ගෙවන්ඩයි කීයක් හරි අම්මගෙනුයි තාත්තගෙනුයි ඉල්ලගෙන තියා ගත්තොත් හොඳයි.
    බුදුසරණයි

    ReplyDelete
  19. @undertalker,
    මම මේ නිකමට අහන්නේ... IT Law එහෙම රිවස් ඉංජිනියර් කරන්න ට්‍රයි කළෙ නැද්ද? :D

    ReplyDelete
  20. machan undertaker uba nikan methana pora wenna hadanna epa malli IT low ekai revers engineering walai athara sambandaya mokakda danne na lol . Malli danna minissu nikan dannawa kiyala kiya kiya inne na .

    ReplyDelete

Facebook ප්‍රතිචාර