Wednesday, May 13, 2009

හාවෙක් එක්ක වරුවක්

හාවෙක් එක්ක වරුවක්? මොන මළ විකාරයක්ද??

හාවා කිව්වෙ නිකංම නිකං හාවා නෙමෙයි හැඩකාර හාවා... Jaunty Jackalope. දැන් තේරුණාද මොකක්ද කියන්න යන්නෙ කියලා?

ඊළඟ ප්‍රශ්නය... ෆෙඩෝරා වලට මාරු වෙච්ච එකා උබුන්ටුත් එක්ක මොකක් කරනවද? ඒකටත් උත්තරේ මම ම දෙන්නම්. ෆෙඩෝරා ආරක්ෂාව අතින් උපරිමයි. නමුත් දන්නවනේ.. ආරක්ෂාව වැඩි වෙන්න වෙන්න පහසුව අඩු වෙන බව. ඒක ප්‍රසිද්ධ සත්‍යයක්නේ. අනෙක ෆෙඩෝරා වල Wi-Fi අවුලකුත් තියෙනවා. SELinux වලින් සමහර වැඩසටහන් අවහිර කරන එක තව අවුලක්. තාම මම SELinux පාවිච්චි කරන්න හරියට දන්නෙ නෑ.. ඒත් ඉගෙනගන්නවා. ඒ නිසා SELinux අක්‍රිය කරලත් බෑ. ඔය හේතූන් නිසා තීරණය කළා Ubuntu - Fedora ද්විත්ව ස්ථාපිතයක් පාවිච්චි කරන්න.

Ubuntu - Fedora ද්විත්ව ස්ථාපිතයක්?? එතකොට වින්ඩෝස්? වින්ඩෝස් පාවිච්චි කළ කාලය අවසානයි. අපට කැම්පස් එකේ දෙන සමහර පැවරුම් (assignments) කරන්න වින්ඩෝස් අත්‍යාවශ්‍ය නිසා රූට රූට හීනෙන් මට ජනෙල් පෙනීයන් කියල VirtualBox එකෙන් සැරින් සැරේ වින්ඩෝස් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නව. දැන් සැලසුම මේකයි. Fedora වලට 15 GB, Ubuntu වලට 15 GB, ඉතිරිය /home (පොදු) විධියට partition තුනකින් වැඩේ ෂේප් කරගන්න බැලුවෙ. ඒත් ඒක හරියන්නෙ නෑ වගේ. පොඩි අත්හදා බැලීමක් කළා ඒත් ලෙඩ ගෙඩක්. ෆෙඩෝරයි උබුන්ටුයි එක ගෙදර ඉන්න කැමති නෑ වගේ දෙන්නටම Gnome ඇඳුම් අන්දලත්.



හරි.. දැන් ප්‍රශ්න අහන්නයි උත්තර දෙන්නයි ගිහින් මාතෘකාවෙනුත් පිට පැනල මම. අද කියන්නෙ Jaunty Jackalope වල වගවිස්තරේ.

Ext-4 වල අඩු පාඩු ගැන (data loss) අපේ චතුර (ලබන්) මාව දැනුවත් කළ නිසා මම ext-4 දැම්මෙ නෑ.

Jaunty ක්‍රියාරම්භ (boot) වීම ඉතාම ඉක්මන්. පැරණි Intrepid සංස්කරණය ක්‍රියාරම්භ වෙන්න ගත වෙන කාලයෙන් හතරෙන් එකක් තරම් අඩු කාලයක් ඊට ගත වුණේ. Jauntu වල පෙරනිමි පිවිසුම් කවුළුවත් වෙනස් වෙලා. අමුතු ලස්සනක් නම් නෑ. ඒත් අඳුරු වැඩියි ඒක.

මගේ ලැප්ටොප් එකේ video adapter එක Mobile Intel GM965 වර්ගයේ එකක්. ලැප්ටොප් එක ගත්ත දවසෙ ඉඳල තිබුණ හැම Ubuntu සංස්කරණයක්ම ඒකත් එක්ක හොඳට වැඩ කළා. ඒත් Jaunty වල මේක හරියට වැඩ කරන්නෙ නෑ! ඉතින් මම අපේ full time උබුන්ටු පරිශීලකයෙක් වෙන රවින්දගෙන් අහල බැලුව මේකෙ තත්වෙ. ලැබුණ උත්තරේ නම් සතුටුදායක එකක් නෙමෙයි. දන්න විධියට Xorg එහෙමපිටින්ම අවුල්. ඊට පස්සෙ අන්තර්ජාලයෙ ටිකක් එහා මෙහා සැරිසරලා බලනකොට කියාපි මොකක්ද බ්ලැක්ලිස්ට් කතන්දරයක්! ඒ ගැන හොයල බලන්න ඕන මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වට පස්සෙ.

Jaunty වල පරණ themes කීපයක් ඉවත් කරල අළුත් themes කීපයක් ඇතුළත් කරල තියෙනව. ඒත් මට නම් පෙරනිමියෙන් එන Human හොඳා. Notifications, tooltips වලත් පෙනුම වෙනස් වෙලා. ඒවයෙ නම් අළුත් පෙනුම හොඳයි.

ම්ම්.. තවත් පොඩි දෙයක්... mobile broadband වර්ගයේ අන්තර්ජාල සම්බන්ධතාවක් සකසනකොට උබුන්ටු වල අහනවනෙ සේවා සපයන්නා (ISP) කවුද කියල.. ඇත්තටම ලැයිස්තුවකින් තෝරන්නයි තියෙන්නෙ. Interpid වල තිබුණු මේ ලැයිස්තුවෙ හිටපු හතරදෙනාට අමතරව දැන් තවත් එක්කෙනෙක් ඉන්නවා.. ඒ Airtel. ඒකත් උබුන්ටු වලට රිංගපු ඉක්මන!

මේ ගැන වැඩිය හොයන්න වෙලාවක් නෑ ඇත්තටම... ව්‍යාපෘති - පැවරුම් කරගන්නත් තියෙන්නෙ මේ ලැප්ටොප් යන්තරේම විතරයි. ඒ නිසා වැඩිය සෙල්ලම් දාන්න යන්නෙ නෑ... කතාව මෙතනින් ඉවරයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අළුත් හාවා පරණ එළුවා තරම් හොඳ නෑ කියල තමයි. බලමු ඉතින් ඉස්සරහට කොහොම වේවිද කියල. සමහරවිට පැච් එකක් එයි කියන බලාපොරොත්තුව විතරක් තියාගන්න පුළුවන්.



විශේෂ ස්තුතිය: මට මේ සියල්ල අත්හදා බලන්න data backup කරගන්න පෝටබල් හාඩ් එකක් ණයට දුන්, මගේ බ්ලොග් එකේ නිත්‍ය පාඨකයෙක් වූත් මගේ බැචෙක් වූත් ඩිලාන් වෙත.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

12 comments:

  1. Partitions 3කින් ඕක කරන්න ගිය නිසයි උඹට ඕක කෙළ උනේ... Partitions 4කට කඩලා /home දෙක වෙන වෙනම දීපන්. common තියාගන්න ඕන සිංදු අරවා මේවා ඕන නම් තව partition එකකට දාලා වෙනම mount කරල තියාගත්ත නම් හරි.

    අනිත් එක intel integrated graphics තියෙන laptop දෙකක මම Jaunty දැම්මා.. මට නම් Xorg අවුලක් තේරුනේ නෑ ඒව වල. මගෙ ATI card එකේ නම් පොඩි කේස් එකක් තියෙනවා Jaunty වලදි restricted drivers වෙනුවට open source driver එකක් දාලා නිසා. Restricted driver එක enable කරන්න option එකක් වත් නෑ. Synaptic වලින් දැම්මම Xorg එක නැතුවම ගියා :D

    ReplyDelete
  2. ලිපිය බොහොම වැදගත් මමත් දෙකම එකකට දාගන්න ඉන්නේ. මේ දවස්වල වැඩ වැඩියි. ස්තුතියි ලිපියට

    ර්‍ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර

    ReplyDelete
  3. හැබෑටම මේ හාවා කතාව කොහෙන්ද ආවේ?

    ReplyDelete
  4. ඕකා නිකන්ම හාවෙක් නොව අං තියෙන හාවෙකි. එකම ගෙද‍ර ubuntu based distros වල නම් අව්ලක් නැතුව වැඩ. ubuntu හා kubuntu උනත්.

    themes නම් http://code.google.com/p/gnome-colors/ ;-)

    ReplyDelete
  5. මට වෙලා තියෙන්නෙ ආයෙ එළුවට යන්නත් බැරි හාවත් අල වූ තත්වයක්. මගෙ එළුව තියෙද්දි touch pad රියදුරුගේ අවුලක් තිබුන. ඔන්න ubuntu පළවෙනි පාර boot කලාම touch pad එක හරියට වැඩ කරන්නෙ නෑ. විකාර විදිහට click වෙනව. right click වෙලා menues එනව. එහෙමම restart කරාම කිසිම ඉහෙන් බහින ලෙඩක් නැතුව ලස්සනට වැඩ. compiz fusion එහෙම බබා වගේ වැඩ කලා.

    හාවගේ හොඳ කියන්නෙ touch pad එක එළටම වැඩ. හැබැයි ශාකුන්තල අයිය කිව්ව වගේ xorg එක අල. මම windows minimise වෙන කොට එහෙම effect දාලා තියෙන්නෙ. ඒව හිර වෙවි වැඩ කියන අළුත් acceleration mode එක දැම්මාම නම් ටිකක් හරි ගියා. effect ටික cube එක එහෙම අවුලක් නැතුව වැඩ. හැබැයි ඒ අය කියල තිබුන අළුත් acceleration mode එක එච්චර stable නෑ කියල. කතාව ඇත්ත. පොඩි පොඩි අවුල් දෙනව කලාතුරකින්.

    හැබැයි තාමත් වින්ඩෝස් වලට වඩා ගව් ගානක් ඉදිරියෙන්. කලබල වෙන්න දෙයක් නෑ ඕවට පැච් එයි ඉස්සරහට ඉක්මනටම. ඒකයි ubuntu වල විශේෂත්වය.

    කමෙන්ට් එක දිගද මන්ද පෝස්ට් එකට වැඩිය :D

    ReplyDelete
  6. කලින් මගේ කමෙන්ට් එකේ මැද දෝසයක්.අළුත් acceleration mode එක UXA හොඳේ.

    ReplyDelete
  7. මේක දාන්න අමතක උනා.(තුන් වෙනි කමෙන්ට් එක)
    http://ubuntuforums.org/showthread.php?t=1145782

    ReplyDelete
  8. අයියෝ මේකේ nvidia drivers(open source එක නෙවේ)එන්නේ නෑ නේද?අතින්ම දාන්න වෙයි වගේ...kernel sources නැති උනොත් ඒ මගුලත් බාන්න එපැයි

    ReplyDelete
  9. මගේ ගාව ඉන්න ඔය ජේත්තුකාර හාවා නම් තාම ලෙඩක් දුන්නේ නෑ. මම අර කලින් ඔයාට කියපු wifi card එකත් අවුලක් නැතුව ගත්තා. හැබැයි වැඩිය ලොකු වැඩ වලට ගියේ නෑ. ඉස්සරහට බලමුකෝ...

    ReplyDelete
  10. X3100 කියන්නේ තරමක් හොද GMA chipset එකක් intel එකෙන් හදපු ඒක blacklist කරන එක M$ කාරයොවත් කරන්නේ නැති වැඩක්! පුදුමෙ කියන්නේ මගේ HD2600PRO video card එකත් ගන්නේ නෑ නේ. උබන්ටු දැම්මා කියලා කරෙත් ඉතින් compiz දාගෙන පිස්සු නටපු එක ඒක නැති උනාම උබන්ටුත් එපා වෙනවා! අනිත් එක මේ patch කරන්න වෙන ලෙඩ ගොඩේ හැටියට ubuntu 8.04 හොදයි වගේ! මාත් නොදැන ext4 වලට මාරු උනා ext3 වින්ඩෝස් වලින් access කරන්න පුළුවන් උනාට(M$ නොවන ඩ්‍රයිවර භාවිතයෙන්) ext4 වලට තාම එහෙම එකක් ඇවිල්ලා නෑ. Linux මොක දාගත්තත් free නිසා නිදහස ලැබුනට programming අතින් නම් මෙලෝ ලේසියක් නෑ, මං API Docs හොයන්න ගත්තේ '09යෙ මුල තාම හොයනවා!

    ReplyDelete

Facebook ප්‍රතිචාර