Friday, August 14, 2009

ශාකුන්තල.com සමඟ ශාකුන්තල නැවතත්!

ඔන්න ඉතිං විභාග කාරිය එහෙම ඉවර වෙලා මම ආයෙමත් ආවා බ්ලොග් එක පැත්තේ... අදත් සිරිත් පරිදිම මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මගේ ආගිය කතා ගොන්න ඉවර කරන්න ඕනේ.

පහු ගිය දවස් වල අපට තිබුණා විභාගයක් කියලා එකක්. Geeks are not parrots කිය කියා හිටියට මොකද මාත් හීන් සීරුවේ ගිරා මෝඩ් එකට සෙට් වෙලා පහු ගිය කාලෙ කස්ටියත් එක්ක සෙට් වලා පාඩම් කළා. විභාගෙ ඉවර වෙච්ච දවසේ හවස කැම්පස් එකේ අපේ අයියලා කස්ටියක් එක්ක ක්‍රිකට් ගහලා මං වාර්තාවකුත් තිබ්බා. මොකක්ද වාර්තාව? Cricket sucks කිය කියා හිටපු ශාකුන්තල ක්‍රිකට් ගහපු එකද? ඒකත් එකක් තමා :D , ඇත්තම වාර්තාව තමයි එක් දින තරඟයකදී වාර්තාගත වැඩිම 'බෝක්කු' ගණනකට හිමිකම් කියන්න ලැබීම. :D :D :D
ක්‍රිකට් ගහලා කාරිය ඉවර වෙලා බවනෙන් හොඳට කාලා අපි සෙට් වුණේ බම්බා යන්න. බම්බා යනව කිව්වෙ බම්බලපිටියෙ ටිකක් ඇවිදින්න. බම්බා ගිහින් ‍ආයෙමත් හොඳ‍ට කාලා බීලා (බිව්වේ සිසිල් බීම සහ පානීය ජලය පමණි :P ) හතරවටේ ඇවිද්දා. පැය හතරක් විතර බේගල් ඇද බාන ගමන් ඇවිදලා ඇවිදලා අන්තිමේ බෝඩිමට යද්දි වෙලාව රෑ දහයයි!
හැමදාම මොනිටරේ ඇතුලේ ඔළුගෙඩිය ඔබාගෙන ඉන්න මට නම් කොහෙ හරි ඇවිදින්න සෙල්ලම් කරන්න චාන්ස් එකක් එනවා කියන්නෙ ලොකු ‍දෙයක්.

---

ආගිය කතා වලින් වැදගත් ම එක එන්නේ දැන්. මගේ පරිගණක අධ්‍යාපනයේදී මට නිතර අත හිත දීපු මිත්‍රයෙක් ඉන්නවා. ඔහු නමින් සමීර ‍කොළඹගේ. අපේ ඉස්කෝලේ පරිගණක වැඩ නිසාම ප්‍රසිද්ධ වුණු අයියා කෙනෙක්. IT පොරක්. මගේ පියාණන්ගෙ ශිෂ්‍යයෙක් :D මගේ මුල්ම පරිගණකය ගනිද්දි තාක්ෂණික උපකාර ලැබුණෙ ඔහුගෙන්. ඒ වගේම මගේ පළමු පරිගණකය මා ලවාම assemble කරවූයේ ඔහු. එහෙම නොවුණා නම් මම තාමත් පරිගණකයක කේබල් ටික හරි තැන් වලට අමුණාගන්න හැටි වත් නොදන්න කෙනෙක් වෙන්න තිබුණා.
කලකට ඉහතදී ඔහු හදිසියේම විදේශගත වුණ බව ආරංචි වුණා. ඉන් පස්සෙ connection lost! මෙන්න ළඟදි දවසක මට Facebook එක හරහා අහම්බෙන් ආපහු දකින්න ලැබෙනවා... :-O මගේ පැරණි මිත්‍රයා!! මාක් සකර්බර්ග් කොලුවට හිතින් පොඩි පුණ්‍යානුමෝදනාවක් කළා ඒ වෙලාවෙම. :D
ඉතින් ආගිය තොරතුරු කතා බහ කරගන්න අතරෙදි මගේ බ්ලොග් එකත් පෙන්නුවා. එච්චරයි නොවැ සන්තකේටම තියෙන්නේ පෙන්නන්න .

"මල්ලී, ඩොමේන් එකක් මං free දෙන්නම්."

දන්න කාලෙ ඉඳලම මට ගොඩක් උදව් කළ සමීර අයියාගෙන් තව උදව්වක්. ඔන්න ඔහොමයි shaakunthala.blogspot.com කියන තැන තිබුණු මගේ සටහන් පොත blog.shaakunthala.com තියන තැනට ආවේ. ඔන්න ඊයෙ වෙබ් ඉඩත් නොමිලේම හම්බවුණා. ඉතින් අලුත් ඩොමේන් එක පාවිච්චි කරන ගමන් ලියන පළවෙනි සටහනන් සමීර අයියට‍ ස්තුති නොකළොත් ඒක ‍ලොකු අඩුවක්. :)

දැන් මේක දැක්කාම තමන්ගෙම ඩොමේන් එකක් නැතිව බ්ලොග් ලියන අයට පොඩි දුකකුත් හිතේ ඇති වෙන්න ඉඩ තියෙනව. දුක් වෙන්න එපා. සමාජයට වැඩදායක, හොඳ ලිපි ලියැවෙන තාක් කල් බ්ලොග් එක බැබළෙයි. බ්ලොග් වලදි ඩොමේන් එක කියන‍ දේට මහා ලොකු වැදගත් කමක් නෑ. බ්ලොග් එකේ අන්තර්ගතයෙ තිබිය යුතු ගුණාත්මක බව තමයි වැදගත් වෙන්නෙ.

---

විභාගෙ ඉවර වෙලත් ටික කලක් නිහඩව හිටියෙ මගේ ප්‍රියාවිය ඔත්පල වීම නිසයි. ඒ මදිවට හාවා මාක් OS එකත් පිස්සු නටන්න ගත්තා. එන්න එන්නම මන්දගාමී වුණා. මම පොඩි පණ්ඩිත වැඩක් කරන්නත් ගිහින් මැසිම නන්නත්තාර කරගත්තා. දැන් ආපහු පරණ එළුවා මාක් OS එක දාලා New Wave තීම් එකත් දාලා යංතං හාවා ලුක් එකම එන්න හදා ගත්තා. ඒ වගේ වැඩ වලට ටිකක් කල් ගත වුණු නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුණේ.

ඔන්න ඔහොමයි ආගිය කතා වග විස්තර. දැන් කියන්න යන්නෙ වැදගත් කාරණාවක් ගැන.



මගේ ආගිය කතා ගොන්නෙන් අන්තිම එක... මම Ubuntu අප්සැට් කරගත්තනේ වැඩ දාන්න ගිහින්. ඉතිං මම හාඩ් ඩිස්ක් එකේ Ubuntu තිබුණු partition එක ආපහු format කරලා Ubuntu ස්ථාපනය කළා. මගේ සිංදු, චිත්‍රපට, ශ්‍රව්‍ය-දෘශ්‍ය පරිගණක පාඩම් (video tutorials), අනංමනං එකතුවක් තිබුණා ගිගාබයිට් 80ක විතර. දැන් හාඩ් ඩිස්ක් එක format කරන්න කලින් මේ ටික backup කරගන්න ඕනේ. නැත්තං වැඩේ දෙල් වෙනවා. :P

ඔන්න ඔය වෙලාවට තමයි /home සඳහා වෙන් වූ වෙනම partition එකක අගේ දැනෙන්නෙ. ඇත්තටම මම හාඩ් ඩිස්ක් එක බෙදල තිබුණෙ එහෙම තමයි. /home වෙනුවෙන් 90 GB වෙන් කරල තිබුණෙ. ඒ නිසා / partition එක format කරල ආපහු Ubuntu ස්ථාපනය කළා කියල කිසි ම අවුලක් නෑ. ඉතින් backup ගැන කරදර නොවී මම එහෙම කළා. මගේ අත්‍යාවශ්‍ය ගොනු, ඩෙස්ක්ටොප් එක, විජට්ටු, භාවිත යෙදුම් වල සැකසුම් හැම දෙයක්ම තිබුණු විධියටම තිබුණු තැන් වල වැඩ.

කොහොමද /home වෙනම partition එකකට ගන්නෙ? ලිනක්ස් ස්ථාපනය කරද්දිම කරනවනම් වැඩේ හරි ලේසියි. දෘඩ තැටිය partition කරන අවස්ථාවෙදි Guided Partition විකල්පය තෝරන්නෙ නැතුව Manual විකල්පය තෝරාගන්න. මෙන්න මේ තිරරූප සටහනේ පෙන්නල තියෙනව වගේ.


දැන් / සඳහා හදපු partition එක එහෙමම තියෙද්දි තවත් ext-3 partition එකක් (10 GB හෝ ඊට වඩා වැඩි ඉඩක් සහිතව) හදල ඒකෙ Mount Point එක /home ලෙස ලබා දෙන්න. දැන් සාමාන්‍ය පරිදි ලිනක්ස් ස්ථාපනයෙ ඉතිරි පියවර ටික කරන්න. හරිම සරලයි නේද?

දැනට Ubuntu ස්ථාපනය කරල තියෙන්නෙත් /home ඩිරෙක්ටරිය තියෙන්නෙත් එකම partition එකේ නම්, /home අළුත් තැනකට ගෙනියන්න ආසයි ආසයි වගෙ නම්... දැන් මොකද කරන්නේ? තියෙන /home එක backup කරල හාඩ් ඩිස්ක් එක අළුතින් format කරනවද? කළබළ වෙන්න එපා එච්චර මහන්සි වෙන්න ඕන නෑ... ඕවටත් බෙහෙත් තියෙනව. :D සරල ඉංගිරිස් වලින් තියෙන මෙන්න මේ ලිපිය බලන්න. එච්චර අමාරු කාරියක් නෙමෙයි.

---

තව පොඩි දෙයක් තියෙනව කියන්න VirtualBox සහ USB ගැන. මම අන්තිමට ලිව්ව ලිපියෙ තිබුණනේ ලිනක්ස් ධාරකයෙක් මත තියෙන VirtualBox ස්ථාපිතයක USB වැඩ නොකිරීමේ අවුල ලිහා ගන්න විධිය. හැබැයි පොඩි පොඩි අවුල් තියෙනවා වගෙ. එකක් තමයි ඒ විධියට VirtualBox හරහා වින්ඩෝස් වලට pen drive එකක් සම්බන්ධ කරලා ඒකට ගොනු පිටපත් කරන්න උත්සාහ කළාම වින්ඩෝස් ඇණහිටීම (blue screen of death). මම දන්නෙ නෑ මේ අවුල මට විතරක් ආපු එකක් ද කියලා.

කොහොම වුණත් pen drive වලට විකල්ප විසඳුමක් තියෙනවා. ඒ තමයි pen drive එක ලිනක්ස් වලින් mount කරලා ඒක virtual machine එකත් එක්ක බෙදා හදා ගැනීම (share). Share කරන ක්‍රමයත් මම කලින් දවසක ලිව්වා. ඒක මෙතනින් බලන්න.

ඉතිරි ටික කෙරෙන්න ඕන මෙහෙමයි. මුලින්ම අපි USB mount කරන්න වෙනම directory එකක් හදා ගනිමු.

mkdir ~/usbmount

දැන් මම share කිරීම ගැන ලිව්ව ලිපියෙ තියෙන විධියට ඒක වින්ඩෝස් එක්ක බෙදා හදා ගන්න.
අවසාන පියවර, pen drive එක මැසිමට සම්බන්ධ කරලා මෙන්න මේ විධාන දෙන්න.

su
umount /dev/sdb1
mount -t fat32 /dev/sdb1 ~/usbmount


දැන් virtual machine එක ඇතුලේ තියෙන වින්ඩෝස් ක්‍රියා කරවලා shared folder (usbmount) එක බලන්න. Pen drive එකේ තිබුණු දේවල් ඔක්කොම පේන්න තියෙනවා නේද එකක් නෑර? :D

---

ඔච්චරයි දැනට ලියන්න දේවල් හම්බවුණේ... ප්‍රියාවිය නොහොත් මගේ ලැප්ටොප් එක යථා තත්වයට පත් වුණ ගමන් ආයෙම ලියන්නම්. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

25 comments:

  1. අප්පා... මගෙ පරණ Compaq එකට වෙච්ච හදියමයි නේ ද වෙලා තියෙන්නෙ? ඒකත් ඔහොම අඩයක් තියල තාම වැඩ කරනවා :D

    මම නම් සෑහෙන කාලයක් /home වෙනම partition එකක තියාගෙන පාවිච්චි කලේ... හරිම ලේසියි ආපහු install කරන්න එහෙම උනාම.

    ReplyDelete
  2. එළ එළ, ඔන්න තවත් එකෙක් තමංගේම කියල ගෙයක් හදාගත්තා. සුභ පැතුම්.

    ReplyDelete
  3. සංතෝශයි දෑකීම.නෑවත කාලෙකින්.

    ReplyDelete
  4. මරු මරු, ජාතික කන්ඬායමට ක්‍රිකට් ගහන්න ලැබේවා කියලා සුබපතනවා. :D

    ReplyDelete
  5. ලිනක්ස් නවකයන්ට ලිපි පෙළත් දිගටම ලියන්ඩෝ!
    අද ලිපියත් මාර වැදගත්.

    ReplyDelete
  6. එළ එළ... :)

    අවශ්‍ය කළමණා ඔක්කොම තියෙන එකේ නරකද Self Hosted පාරක් දැම්මොත්? ;)

    ReplyDelete
  7. සුභපෑතුම්...

    ReplyDelete
  8. Great one ....
    thanx machan...
    keep it up....

    ReplyDelete
  9. සුභපෑතුම් අයියා...අලුත් නිවස ලඟදීම අලෝකමත් වෙවා!

    ReplyDelete
  10. ආයුබෝවන්... හා පුරා කියලා අළුත් ගෙදර කිරි කළයක් එහෙම ඉතිරෙව්වයැ?

    ReplyDelete
  11. එළ එළ
    ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ

    අපිත් ක්‍රිකට් ගහනවා මේ දවස් වල හැමදාම. දන්නවනේ හේතුව උදේ 9-12 හවස 1-4 නිකම් නේ ඉන්නේ...

    ReplyDelete
  12. V box ඇතුළේ දුවන Xp එක්ක උබුන්ටු Folders Share කරන හැටි ලියපු ලිපිය ට කියවලා මම මේ වගේම වැඩක් කළා. Shared Folder එක ඇතුළේ හදපු Folders වලට මගේ හාඩ් ඩ්ස්ක් partitions ඔක්කොම Mount කළා. දැන් Xp වල වැඩ කරන කොට ඉන්නේ V box ඇතුළේ කියලා දැනෙන්නෙම නැති තරම්. ඇත්තට ඒ විදියට ම USB Pen එකකුත් Mount කරන්න පුලුවන් කියලා මට ඒ වෙලාවේ කල්පනා උනේ නෑනේ :-)

    ReplyDelete
  13. ආ කාලෙකට පස්සෙ නේ... ප්‍රියාවියට ඉක්මන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... :D
    අපි නම් ඉතිං තාම linux එච්චර භාවිතයක් නෑනෙ. හැබැයි ලඟඳිම linux වලට මාරු වෙන්නත් පොඩි idea එකක් තියෙනවා. මාරු උනොත් අහන්න ගොඩක් ප්‍රශ්න තියෙයි අයියගෙන් හොඳේ. ;)

    ReplyDelete
  14. එල කිරි අලුත් නිවසට අපේ සුභ පැතුම්

    ReplyDelete
  15. ඕක තමයි කියන්නෙ කෙල්ල තෝරගන්න කලින් හදහන් බලන්න කියල.. :P දැන් ඉතින් බැදගත්තු බෙරේ ගහමු :D

    ReplyDelete
  16. මට සුභ පැතූ, අදහස් ලියූ හැම දෙනාටම තැංකූ කිව්වා එහෙනං.

    බ්ලොග් එක self hosted කරන්න නං අදහසක් නෑ. ඒව කරදර වැඩ.
    ලිනක්ස් වලට එන ඕන කෙනෙකුට ඕන සප් එකක් මගෙන්. මං දන්නෙ නැති දෙයක් ඇහුවොත් ඒ ගැන හොයල බලල හරි උත්තර දෙන්නම්. ලිනක්ස් රොක්ස්!

    ReplyDelete
  17. මම හිතුවේ විභගේ වත් කෙළවෙලා රටින් පැන්නවත් ද කියලා. කොහොම හරි ආයේ සැරයක් පැමිණීම ගැන සතුටුයි...

    ReplyDelete
  18. ශකුන්තල කාලෙකින්‍ නේ???

    ReplyDelete
  19. @දක්ෂිණ, මලී,
    තැංකූ තැංකූ. කාලෙකින් තමා ආවේ.. වෙලාවක් තිබුණෙම නෑ විභාග කාරිය නිසා.
    රට පනින්න නං ඊළඟ විභාගෙත් හොඳට ගොඩ දාගන්න වෙයි. ;)

    ReplyDelete
  20. අළුත් නිවහනට මගෙනුත් සුභ පැතුම්. :D

    ReplyDelete
  21. මචෝ
    sudo VirtualBox කියල Terminal එකෙන් දීල වැඩ පටන් ගත්තහම USB අවුල හරියනවා
    ඩොමේන් එකට සුබ පැතුම්!! :D

    ReplyDelete

Facebook ප්‍රතිචාර