Sunday, September 27, 2009

මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන...


මම මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස හතරක් වෙනවා. මුළුමනින්ම කිව්වේ දැන් මගේ ලැප්ටොප් හාඩ් ඩිස්ක් එක පිරිලා තියෙන්නෙ swap partition එකකින් සහ ext-3 partition කීපයකින් නිසා. හැබැයි මුළුමනින් කිව්වට තාමත් හීනෙන් ජනෙල් පේනවා. ඒ කිව්වෙ වින්ඩෝස් අවශ්‍යම වුණොත් පාවිච්චි කරන්න VirtualBox ඇතුළෙ දමාගෙන තියාගෙන ඉන්නවා. ඒක දුවන්නෙ Ubuntu උඩ. බැලු බැල්මට උගුරට හොරා බේත් කෑමක් වගේ පේන මේ VirtualBox කතන්දරේටත් හේතුව මොකක්ද කියල මේ ලියමන කියෙව්වම පැහැදිළි වෙයි.

ඉතින් මේ මාස හතරක කාලය ඇතුළත මම වැඩියෙන්ම පාවිච්චි කරපු මෘදුකාංග ගැන පොඩි සමාලෝචනයක් කරලා බලන්න මට හිතුණු නිසයි මේ ලියමන ලියවෙන්නෙ. වැඩි කතා නැතුව ලිස්ට් එකට යමුකෝ... මේ තියෙන්නෙ මං වැඩියෙන්ම පාවිච්චි කරන එකේ ඉඳල අඩුවෙන්ම පාවිච්චි කරන එකට.

  1. Mozilla Firefox (Ubuntu) - මගේ අන්තර්ජාල සැරි සරන අවශ්‍යතා වලින් 100%ට පොඩ්ඩිත්තක් අඩුවෙන් සපුරගන්නෙ මේකෙන් තමයි. ඉතිරි පොඩ්ඩිත්ත ගැන මේ ලියමනේ අගට යද්දි පැහැදිලි වෙයි.
  2. Gnome Terminal (Ubuntu) - මගේ මැසිම බූට් කළාම මම මුලින්ම ඔබන්නෙ මෙන්න මේකට තියෙන සෝට්කට් එක. වැඩි පහසුවට මම ඒක තියාගෙන ඉන්නෙ object dock එකේ හරි මැදින්. කරන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න ඕනෙ නෑනේ...? ;)
  3. Gedit (Ubuntu මත) - මේකෙන් තමා මම code ලියන්නේ... Syntax ටික එක එක පාටින් highlight කරල පෙන්නන නිසා හරි ලේසියි.
  4. OpenOffice.org Writer (Ubuntu) - කියන්න දෙයක් නෑනේ... මගේ කැම්පස් ඇසයින්මන්ට් ටිකයි අනෙක් ලිපි ලේඛණ වැඩ ටිකයි කෙරෙන්නෙ මේකෙ පිහිටෙන් තමා...
  5. Mozilla Thunderbird (Ubuntu)  - ඊ මේල කියවන්න පාවිච්චි කරන්නෙ මේක.
  6. SMPlayer (Ubuntu) - මගේ ලැප්ටොප් එකේ හඬ බොහොම අඩුයි. මේ ගැන forum බොහොමයක රස්තියාදු ගහලත් හරි විසඳුමක් ලැබුණෙ නෑ. Forum වල කස්ටියගෙ උපදෙස් පරිදි මමත් හරියට නොදන්න නා නා ප්‍රකාර .conf ගොනු වලට එක එක සැත්කම් කරලත් විසඳුමක් ලැබුණෙ නැති නිසා අන්තිමේ SMPlayer එකට සෙට් වුණේ මේකෙ හඬ 400% දක්වා වැඩි කරන්න පුළුවන් නිසා! :-O මේකෙන් තමයි රොක් සහ හෙවි මෙටල් රඟේ විඳින්නේ... ;)
  7. VirtualBox (Ubuntu) - ලිනක්ස් සහ ජාලකරණය සම්බන්ධ එක එක අත්හදා බැලීම් කරන්නෙ මේකෙන් තමයි. කරන හැම කෙරුවාවක්ම කරන්නෙ ඇත්ත හාඩ් ඩිස්ක් එකට බලපෑමකින් තොර virtual hard disk image file එකක නිසා බොහොමයක් දේ අත්හදා බලන්න පුළුවන්.
  8. GIMP (Ubuntu) - මම මේක පාවිච්චි කරන්න තවම ඉගෙනගන්නවා. විශේෂයෙන්ම වෙබ් අඩවි නිර්මාණ කටයුතු කරන ආකාරය ගැන තමයි වැඩි නැඹුරුතාවක් දක්වන්නේ...
  9. Filezilla Client (Ubuntu) - මේකෙන් තමයි ඩිසයින් සහ ඩිවලොප් කරපු දේවල් ටික වෙබ් අඩවියට පැක් කරන්නේ...
  10. Wammu (Ubuntu) - ජංගම දුරකථනයේ එක එක වැඩ කෑලි වලට. (මම මේ ගැන කලින් ලිව්වා)
  11. DownThemAll! (Firefox/ Ubuntu) - මගේ ඩවුන්ලෝඩ් මැනේජරය
  12. Scribefire (Firefox/ Ubuntu) - සමහර වෙලාවට බ්ලොග් ලියන්න මම මේකත් පාවිච්චි කරනවා. හරිම පහසුයි. ඒ වගේම වේගවත්.
  13. Any Video Converter (Windows XP/ VirtualBox) - මගේ ජංගම දුරකථනයට වීඩියෝ ක්ලිප් එකක් දෙකක් දාගන්න ඕන වුණාම ඒවා MP4 කරගන්නෙ මේකෙන්. ලිනක්ස් වල ffmpeg කියල මේකට ආදේශකයක් තිබුණත් විවිධ video formats ගැන මගේ තියෙන දැනීම මදි කම නිසා අත්හදා බලන්න බැරි වුණා. :(
  14. Any Audio Converter (Windows XP/ VirtualBox) - ජංගම දුරකථනයෙන් 'පටිගත' කළ හඬ ක්ලිප් MP3 කරගන්නෙ මේකෙන්. (AMR codec වලට ලිනක්ස් පැත්තෙන් තවමත් හරියාකාර විසඳුමක් නෑ.)
  15. Sony Ericsson PC Suite (Windows XP/ VirtualBox) - Sony Ericsson K770i දුරකථනයෙ ගොනු හුවමාරු ප්‍රකාරයට නොගිහින් දුරකථනය සාමාන්‍ය විධියට තියෙද්දිම ඒකෙ ගොනු පද්ධතිය බලාගන්න පුළුවන් මේකෙන්. ඒ වැඩේට ලිනක්ස් ආදේශකයක් හෙව්වත් හම්බ වුණේ නෑ. :(
  16. Windows Internet Explorer (Windows XP/ VirtualBox) - ඔන්ලයින් සිංහල පත්තර වලින් එපාම කරපු එක... ලක්බිම පත්තරේ කියවන්න IE හැර වෙන විසඳුමක් නැහැ. :( මේක දැක්කම ASCII ෆොන්ට් පාවිච්චි කරන පත්තර තව හොඳයි කියල හිතෙනවා. (මම මුලින් කිව්ව පොඩ්ඩිත්ත තමයි මේ)

විනාඩි විසි පහක කාලය වැය කරලා ලිව්ව මේ සටහනේ කාටවත් ගත යුත්තක් තියෙන බවක් මට පේන්නෙ නෑ. මොකද මම මේක ලිව්වෙ එහෙම අරමුණකින් නෙමෙයි. වෙන ලියන්න දේකුත් නැති නිසා මගේ මෘදුකාංග පාවිච්චිය ගැන මටම ටිකක් විමසලා බලන්න හිතුණා.

එහෙනං.... අපි ගියා.... අදට adiós වේවා.....! :)

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

11 comments:

  1. කාටවත් ගත යුත්තක් නැතුතෙ නෑ. ඔය අවශ්‍යතාම තියන කෙනෙකුට මේ setup එක සෑහෙන වටිනව.

    ReplyDelete
  2. මම මේවයින් පාවිච්චි කරන්නෙ Mozilla Firefox, OpenOffice.org Writer විතරයි.

    මම වැඩියෙන් පාවිච්චි කරන්නෙ MS Visual Studio 2005, VLC media player, MS SQL server 2005, CorelDRAW, 3ds Max 2010 & Maya 2009.

    මාත් දැන් සම්පූර්නයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා ඉන්නෙ.ඒත් එක පරිගනකයක විතරක් වින්ඩෝස් තාම තියන් ඉන්නව MS Visual Studio 2005 සහ MS SQL server 2005 භාවිතා කරන්න.

    ReplyDelete
  3. ආහ්.. උඹ මේක දාපු එන හොඳයි. මට Ubuntu මකලා දාලා Fedora දාගත්තට පස්සේ කලින් පාවිච්චි කරපු software මොනවද කියලා අමතක වෙලා හිටියේ :)

    ReplyDelete
  4. මට මෙතනින් පෙන්නම බැරි ඒක මචං Windows Internet Explorer (Windows XP/ VirtualBox) and ඔන්ලයින් සංකේත පත්තර (සිංහල නම් කියයි IE පොරක් නම්) කියන දෙක.

    ReplyDelete
  5. @Ravin Perera,
    ඔව් අයියේ... වැදගත්කමක් නැත්තෙමත් නෑ වගෙ :-S

    @Charith Weerakkodi,
    මේ දවස් වල වැඩිය පාවිච්චි නොකළට මගේ ලැප්ටොප් එකෙත් VirtualBox ඇතුළෙ Visual Studio 2008 තියෙනව. ලිනක්ස් වලට මාරු වුණා කියල මගේ පුරුදු රටාවෙන් දැනෙන වෙනසකට වුණේ මට GTA Vice City සෙල්ලම් කරන්න බැරි වුණ එක විතරයි. :P

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම,
    :)

    @බිன்ku,
    ඔව්, සිරාවටම.

    ReplyDelete
  6. "මේකෙන් තමයි රොක් සහ හෙවි මෙටල් රඟේ විඳින්නේ..." - ඒ කෑල්ලට මාත් කැමතියි.... :-)

    ReplyDelete
  7. නරකම නෑ වැ‍ඩේ.. ආසයි ලිනක්ස් වලට මාරු වෙන්න.. ඒත් ඉතින් පලවෙනි කසාදෙ කුරුටු ගාන්න බෑ බෑ වගේ :D

    ReplyDelete
  8. මොනා කරන්නද මගෙ වීජීයේ එක ලිනක්ස් එක්ක හොඳ නෑනෙ.
    නැත්තං මාත් මාරුවෙලා

    ReplyDelete
  9. sha oya nam mara sira porak wagene??apata nam geek wage?

    ReplyDelete
  10. අන්තිම කතාව ගැනනම් කියල වැඩක් නැ! ලක්බිම පත්තරේ IE ත් එක්ක යාලුද මන්දා? එපාම කරපු බ්‍රව්සරෙන් තමය් කියවන්න වෙන්නෙ

    ReplyDelete
  11. ලිනක්ස් ගැන ලියන එක රටක් වටිනවා

    ReplyDelete

Facebook ප්‍රතිචාර