Thursday, March 18, 2010

නයිට් ක්ලබ් එකේ...

මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ................

මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා... :D

ඉතිං පොඩි පහේ වැඩකට සෙට් වෙලා ඉන්න අතරෙ මේක ඇතුලටත් රිංගුවා මම. මෙන්න වැඩක්...! O_o පිංතූර වලින්ම බලන්ට මරු දෙයක්....... (පිංතූර පැහැදිලිව බලන්න පිංතූරෙ ක්ලික් කරන්න)

මේකෙ වමේ සිට දකුණට බැලුවොත් ඉන්නවා ගිනි නිවන භටයෙක්, කම්කරුවෙක්, මැරයෙක්, හමුදා භටයෙක්, පොලිස් නිලධාරියෙක්
ඒ දිහා බලාගෙන ඉන්නෙ අපේ starting character එක, Tommy Vercetti

මේ කට්ටිය එකට සෙට් වෙලා පණුගාය වන්නම නටනවා. :P

නිකමට මොනව වෙයිද කියල බලන්න ආසාවට Mr. Vercetti ලවා දෙන්නෙක්ව පරලෝ සැපත් කෙරෙව්වා. ඕක මහලොකු දෙයක් නෙමෙයිනේ.... මවුස් එක ගෙවෙනකං ඒකට අනින්නයි තියෙන්නේ.. :D

අනුමාන කළ පරිදිම එය සිදු විය! ඉතිරි තුන්දෙනා කිසිත් සිදු නොවූ පරිදි සිය කාර්යය කරගෙන යති!!


Vice City සෙල්ලම් කරල තියෙන අය දන්නව ඇතිනේ.... ඔය නගරේ කාකි ඇඳුමක් පේන තෙක් මානෙක ඉඳලා මේ වගේ ගේමක් දුන්නොත් සිද්ධ වෙන දේ.................. තරු එකායි දෙකායි ඊට පස්සේ මේලෝක සිහියක් නැතුව එළවනවා පස්සෙන්..... :S

මට නම් මේක දැකලා මාර හිනා (Vice City vs Sri Lanka කියලා පොඩි සංසන්දන පාරක් දැම්ම හිතින්).... ;-) මේ පාස්කු බිත්තරයක් නොහොත් ඊස්ටර් එගක් ද? නැත්තම් අහඹුවක්ද?

මේක ටිකක් වෙලා බලාගෙන හිටියා ක්ලබ් එකේ සිංදුවත් අහගෙනම. මගේ ලියමන එපා වෙන සයිස් එකේ වැඩකට නැති එකක් කියල හිතෙනවනම් Malibu Club එකේ නැටවෙන සිංදුව අහන්ටකෝ........


Old is gOld කියන්න වගේ මේක 1984 අවුරුද්දේ අතිශයින් ජනප්‍රිය වුණු ගීතයක්.

එහෙනම් අපි ගියා..... ගුඩු නයිට්.....! Ciao............!!!!!!!!!!!!!!

18 comments:

  1. මමත් ඔක ගහල තියනවා. හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා ඌ ඹ්කේ පාරක් පාරක් ගානේ කියයි ගේමක් නැතිව. ඌ ගහනව බලන් හිටියාම අපි ගේම්ද ගහන්නේ කිලා මට ඔක ගැහිල්ල එපා වුනා. මොකද ඒ තරම් ඔක කට පාඩම්. මම න්ම හිතන්නේ ඔතන් වෙන්න ඇත්තේ රාජකාරි ඇදුමෙන් ක්ලබ් එකේ හිටපු හන්දා පොලිස් කාරයා කේස් එකක් වැටෙයි කියලා අහක බලන් ඉන්න ඇති :පී

    ReplyDelete
  2. මාත් ආසම කරපු game එකක් තමා ඕකෙ IV. ගෙවපු සල්ලි වලට පාඩු නෑ හිතෙන හිතෙන සෙල්ලං දාලා බලන්න පුලුවන්.

    ReplyDelete
  3. මටත් දෙයියනේ කියලා ඕකෙ නම් අඩියෙන් අඩියට මුලු Game එකම කට පාඩම්. කොටින්ම Vice City එකේ ඕනම තැනක ඉඳන් ඕනෙම තැනකට Map එක නොබලා යන්න පුලුවන්.
    මම හිතන්නේ Mans පොලිස් කාරයෙක් නෙමෙයි පොලිස් ඇඳුම් ඇඳගත්ත Dancer කෙනෙක්, මොකද ටොමියා ඔතන කොච්චර පිස්සු කෙළියත් පොලිස් කාරයා නැටුම නවත්තන් නෑනෙ :)

    ReplyDelete
  4. සල්ලි දීල ගත්ත GTA copy එකක්ද තියෙන්නෙ ?
    කීයක් වුනාද ඒක ?

    ReplyDelete
  5. ආ පට්ට ගේම නේ... මමත් GTA 111,GTA Vice City, GTA San Andrias ඔක්කොම ගැහුවා. පට්ට ගේම. දැන් Liberty Cityත් බාලා තියෙන්නේ ගෙදර ගිය දවසක ගහන්න ඕන. :D

    මගේ ඇබ්බැහිය ඕකට කොච්චරද කියනවනම් තාම මතකයි. ඔය club එකට දකුණු පැත්තෙන් ගඟක් තියෙන්නෙ. පිටිපස්සෙන් වාහන පාක් එක ඊටත් පිටිපස්සෙන් restaurant එකක්. වම් පැත්තෙන් පාර යන්නේ. හී කෝමද නේ.

    ReplyDelete
  6. ඔතනින් උඩ තට්ටුවට යන්න පාරක් තියෙනවද කොහෙද මතකෙ හැටියට. ඊට පස්සෙ ඔක්කොමට වෙඩි තියලා එන පොලිසියටත් වෙඩි තිබ්බාහම හෙන ජොලි :D

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මමත් ඕකෙ උඩ තට්ටුවෙ ඉදන් ලොකු ආතල් එකක් ගත්තා.... වෙන පැත්තක් බලල අනිත් පැත්ත බලද්දි පොලිස් කාරයො එනවා... මරු අතල්......

      Delete
    2. ඇත්තමයි මමත් ඕකෙ උඩ තට්ටුවෙ ඉදන් ලොකු ආතල් එකක් ගත්තා.... වෙන පැත්තක් බලල අනිත් පැත්ත බලද්දි පොලිස් කාරයො එනවා... මරු අතල්......

      Delete
  7. මටත් කාලයක් GTA අහුවෙලා එහෙ මෙහෙ ඔබ ඔබ හිටියා, ඒත් ඉතිං IGI වගේ ගතියක් නැහැ ;)

    ReplyDelete
  8. ooke room ekak tienawa :D hik
    Apahu install karagena play karanna ona! customization maxa

    ReplyDelete
  9. Ah malibu eke newei .. ara mula hariye bosaa ge duwa drop karana club eke

    ReplyDelete
  10. පට්ට ගේම් එකක් තමයි ඉතින් ජී.ටී.ඒ. කියන්නෙ.ඕක විතරක් නෙමේ හොඳට බැලුවොත් තව ගොඩක් සීන් තියෙනව.

    ReplyDelete
  11. මාත් ඕක කරලා තියෙනවා ඔය ක්ලබ් එකේදී කට්ටටියට මාත් ගහලා තියෙනවා. ඒත් මං දැක්කේ නෑ පිටිපස්සෙන් අරක්ෂකයෝ දෙන්නෙක් ඇවිත් මාව එලොව යැව්වා. ආයිත් ඇවිල්ලා මං ඉස්සැල්ලා එකටත් හරියන්න ඔක්කටෙම ඇනලා දැම්මා. මටත් හිතගන්න බැහැ මේක අහම්ඹුවක් ද කියලා.

    ReplyDelete
  12. මගෙත් ආසම ගේම් එකක්.. ඉස්සර නම් ඉතින් උදේ හවස බලන් නැතුව එක දිගට ගැහැවුව.. සිරා ‍ගේම් එක..

    ReplyDelete
  13. අඩේ මම මේක ගහලාම නෑ.
    දැන් ඉතින් මොන ගේම්ද..
    නහින දෙහින කාලේ..

    /බිඟුවා...!

    ReplyDelete
  14. කස්ටිය සමාවෙන්ඩෝනේ දැං ඉස්සර වගේ බ්ලොග් එක පැත්ත පළාතෙ එන්න වෙලාව නෑ. බ්ලොග් වල කමෙන්ට් එකක් දාන්න වෙලාව හොයාගන්නෙත් අමාරුවෙන්.

    අපේ රටේ වැඩිපුරම Vice City සෙල්ලම් කරන්නෙ බාලවයස්කාරයින්. නමුත් මේක 18+ ගේම් එකක්. සෙල්ලම් කරපු අය දන්නව ඇතිනේ 125 health සීන් එක එහෙම... :D :D

    ReplyDelete
  15. හික්ස්...එල එල ;)

    ReplyDelete

Facebook ප්‍රතිචාර