UCSC හා
Dialog Telekom එක්ව සංවිධානය කළ
Sri Lanka Genius 2008 වැඩසටහනේ රූපවාහිනී තරඟ වට මේ දවස් වල සෙනසුරාදා රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනියෙ විකාශය වෙනව. SLGenius වැඩසටහන කරන්න කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ බැච් එකේ අයියලා අක්කලාත් අපේ බැච් එකේ අයත් සෑහෙන මහන්සි වුණා. වැඩියෙන් මහන්සි වුණේ මේක සංවිධානය කරපු අපේ අයියලා අක්කලා.
පරිගණක තාක්ෂණයේ බොහෝ දෙනා නොදුටු පැත්තක් වන නිදහස් හා විවෘත මෘදුකාංග ගැන පාසල් ශිෂ්‍යයින්ව දැනුවත් කිරීමත් මේ SLGenius වලින් සිදුකෙරුණා. මෙහිදී පාසල් සිසුන්ට නොමිලේ Linux සංයුක්ත තැටි බෙදා දුන්නා. මේ සඳහා යොදා ගත්තේ Ubuntu මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කර නිපදවන ලද SLGUbuntu මෙහෙයුම් පද්ධතිය.
Ubuntu සමග multimedia codecs ලැබෙන්නෙ නෑ. නමුත් SLGUbuntu සංයුක්ත තැටියේ අවශ්‍ය සියළුම multimedia codecs අඩංගුයි. Linux ඉගෙනීම ආරම්භ කරන කෙනෙකුට හොඳම මෙහෙයුම් පද්ධතිය Ubuntu. නමුත් ගැටළුවක්ව පැවතුණේ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය භාවිත කිරීමේ අපහසුව නිසා බොහෝ දෙනා Ubuntu පාවිච්චි නොකර සිටීමයි. SLGUbuntu මේ අවශ්‍යතාව සපුරා තිබෙනවා.
SLGUbuntu මුල්වරට නිපදවූයේ Ubuntu 7.10 ඇසුරින්. Ubuntu 7.10 සමග නොලැබුණු සිංහල භාෂාව, wine, Beryl හා Compiz Fusionද මෙයට එක් කර තිබුණා. නමුත් ලිනක්ස් කර්නලයේ සැලකිය යුතු වෙනසක් කර නැහැ.
SLGUbuntu හැදුවේ කැම්පස් එකේ අපට ජ්‍යෙෂ්ඨ බැච් එකේ
සුපුන් අයියා. ඔහු මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. Ubuntu ස්ථාපනය කළාට පසුව මේ වෙනස් කිරීම් කරන එක පහසු කාර්යයක් වුණත්, නැවත බෙදාහැරීම සඳහා මේ ආකාරයට එය සකස් කිරීම තරමක් අසීරු කාර්යයක්.
බලන්න ලිනක්ස් වල නිදහස. අපට ඕන විධියට වෙනස් කලා... බෙදාහැරියා...
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴