ටෝස්ට්මාස්ටර්ස් ගැන මම කලින් ලිව්ව ලියමනට හොඳ ප්‍රතිචාර තිබුණු නිසාත්, මගේ යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මත මම ඒ ගැන තව ටිකක් දේවල් එකතු කරලා තව බ්ලොග් ලිපියක් ලියන්න තීරණය කළා. ඔව්...! බ්ලොග් සටහනක් ලියන්න ඕන මානසික නිදහසත් එක්ක කාලය වෙන් කරගන්නවා කියන ඒක "තීරණයක්" තමයි... :)
ඉතින් මට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ මිතුරන් හැමදෙනාටම ස්තුතිය පළ කරන ගමන්, මේ සටහන ලියවෙන්නෙ කලින් ලිව්ව එකේ සබැඳියක් විදියට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ක්ලබ් එකේ "නායකත්ව කමිටුව" (club leadership committee/ executive committee) සම්බන්ධව.
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Tuesday, November 26, 2019
Monday, October 22, 2018
ටෝස්ට්මාස්ටර්ස් ගැන ඔබ මේ දේවල් දන්නවාද?
දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා... ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න ඉතිහාසයක් තියෙන ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක්. සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව හැකියාවන් ඉස්මතු කර ඒවා වැඩිදියුණු කරගන්න අවස්ථාව සලසා දෙන එක තමයි මේකෙන් කරන්නෙ. මේ වැඩේ මට හොඳටම අල්ලල යන්න පටන් ගත්තේ මෑතකදි නිසාත්, සිංහල කතා කරන අපි අතර මේ ගැන සුළු සුළු වැරදි වැටහීම් තියෙන නිසාත් පොඩි බ්ලොග් සටහනක් සිංහලෙන්ම තියන්න හිතුණා.
දැනට රටවල් 143ක ටෝස්ට්මාස්ටර්ස් සමාජයයන් (clubs) 16,600ක් යටතේ සාමාජිකයින් 357,000කින් යුත් ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය අදට (ඔක්තෝබර් 22) හරියටම අවුරුදු 94ක් වයසයි!
දැනට රටවල් 143ක ටෝස්ට්මාස්ටර්ස් සමාජයයන් (clubs) 16,600ක් යටතේ සාමාජිකයින් 357,000කින් යුත් ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය අදට (ඔක්තෝබර් 22) හරියටම අවුරුදු 94ක් වයසයි!
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
8:55 PM
7 comments:
කාණ්ඩ:
Communication,
Leadership,
Skills,
Toastmasters,
කථනය,
නායකත්වය,
නිපුණත්වය,
විනෝදාංශ,
වෘත්තීයමය
Tuesday, July 5, 2016
පහසුවෙන් ලිනක්ස් පාවිච්චි කරන්න ඉඟි අටක්
මෙන්න 2016! 2008 - 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස් පාවිච්චිය ගැන පුංචි සටහනක් තියලා යන්න හිතුවෙ ඒ නිසා.
2016 මට විශේෂයි. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගෙන අවුරුදු දහයක්! අපොයි මේ මොන මළජරාවක්ද කිය කිය කට්ටිය නිකන් දීපු උබුන්ටු සීඩී වාහන ඇතුළෙ එල්ලන කාලේ උබුන්ටු පාවිච්චි කරන්න පටන් ගනිපු මම, අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නෙ 2008 දි සම්පූර්ණයෙන්ම උබුන්ටු වලට මාරු වුණා. එදා සිට අද දක්වාම පුද්ගලික පාවිච්චිය උබුන්ටු හෝ මොකක් හරි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක්ම තමයි. දැන්.... ප්‍රවණතාව වෙනස්. දැන් මිනිස්සු උබුන්ටු හොය හොය පාවිච්චි කරනවා.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
10:13 PM
5 comments:
කාණ්ඩ:
Linux,
Ubuntu,
තාක්ෂණය,
මෘදුකාංග
Wednesday, April 16, 2014
සැබෑ වූ බියකරු සිහිනය | Heartbleed
මම ලිව්ව අන්තිම බ්ලොග් සටහන නතර කළේ හොල්මන් කතාවෙ තාක්ෂණික පසුබිම ගැන හොඳට පැහැදිලි කරනව කියල. නමුත් සතියකට විතර කලින් දවසක මතු වෙච්ච, අන්තර්ජාලයෙන් තුනෙන් දෙකකට විතර බලපාන බරපතල ප්‍රශ්නයක් නිසා මට හොල්මන් කතා ලිවිල්ල පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් හොයල බලල ලියන්න හිතුණා. මේක තාක්ෂණික ලිපියක් වගේ පෙනුනට මේක ලියන්නෙ ටෙක්නිකල් අයට නෙමේ. එදිනෙදා බැංකු කටයුතු කරගන්න, සෙට් වෙන්න (social networking), ෂොපින්
යන්න අන්තර්ජාලය පාවිච්චි කරන ඔන්ලයින් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. :) (ඒ නිසා ටෙක්නිකල් පොරවල් වලට මේක බෝරිං වගේ පේන්නත් පුළුවන්)
වැඩි විස්තර වලට යන්න කලින් කෙටිම හැඳින්වීමක් කළොත්, "හාට්බ්ලීඩ් කියන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් තුනෙන් දෙකක පමණ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මෘදුකාංගයක පවතින, දීර්ඝ කාලීනව හඳුනා නොගත් දෝෂයක් හේතුවෙන් රහසිගත දත්ත සූක්ෂම අයුරින් බාහිර පාර්ශව අතට පත් වීමේ අවදානමක්" ලෙස හඳුන්වන්න පුළුවන්. අන්න ඒක සිංහලෙන් විස්තර කරන්නයි මේ වෑයම.
කවුරුත් දන්නවනේ HTTPS කියන එක ගැන. Facebook යද්දි වෙබ් බ්‍රවුසරේ අර ඉබ්බා (padlock) මාක් එකක් එන්නේ... අන්න ඒ ඉබ්බා (ගෙ නිරූපිතය) කියල හිතාගන්නකො දැනට. සාමාන්‍යයෙන් අපි දන්න හැටියට මේ ඉබ්බා තියෙනව කියන්නෙ ඒ වෙබ් අඩවිය ආරක්ෂිතයි. වෙන අය කාටවත් අපි ජාලගත වෙලා කරන දේ හොයන්න බෑ. උදාහරණයක් විධියට, මම username/password දීලා Facebook එකට ලොග් වෙනව නං, මගේ පරිගණකය (client) සහ Facebook වෙබ් අඩවිය වැඩ කරන මැසිම (server) විතරයි ඒ username/password දැනගන්නේ මේ ඉබ්බා තියෙද්දි. ඉලෙක්ට්‍රොනික විධියට එහා මෙහා යන දත්ත, ෆෝන් ටැප් කරනව වගේ වැඩක් කරල තෙවැනි පාර්ශවයකට (හොරෙකුට) ග්‍රහණය කරගන්න පුළුවන් වුණත්, ඒ දත්ත රහස් අංකනයට (encrypt) ලක් කර ඇති නිසා ඒවා username/password ලෙස කියවන්න කිසිම බාහිර පාර්ශ්වයකට බැහැ.
ඕක තමයි අපි මෙච්චර කාලයක් විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරපු සම්මුතිය (SSL/TLS protocol). හැබැයි, මෑතකදි පර්යේෂකයින් කණ්ඩායමක් හොයාගෙන තියෙනවා ඔය ඉබ්බා කඩන්න පුළුවන් කියල! නරකම ආරංචිය තමයි, ඉබ්බා කඩන්න පුළුවන් කියල ප්‍රසිද්ධියේ කවුරුත් නොදැන අවුරුදු දෙකක්ම ගෙවිලා ගිහින් කියන එක. ඒ කියන්නේ ඉබ්බා කඩන්න පුළුවන් කියල කවුරුහරි හොරෙක් (හැකර් කෙනෙක්) දැනගෙන, ඒ බව ප්‍රසිද්ධ නොකර හිටියා නම් ඒ හොරා සෑහෙන ප්‍රයෝජනයක් ඒ හැකියාවෙන් අරන් තියෙන්න ඉඩ තියෙනවා.
![]() |
| Image courtesy: heartbleed.com |
කවුරුත් දන්නවනේ HTTPS කියන එක ගැන. Facebook යද්දි වෙබ් බ්‍රවුසරේ අර ඉබ්බා (padlock) මාක් එකක් එන්නේ... අන්න ඒ ඉබ්බා (ගෙ නිරූපිතය) කියල හිතාගන්නකො දැනට. සාමාන්‍යයෙන් අපි දන්න හැටියට මේ ඉබ්බා තියෙනව කියන්නෙ ඒ වෙබ් අඩවිය ආරක්ෂිතයි. වෙන අය කාටවත් අපි ජාලගත වෙලා කරන දේ හොයන්න බෑ. උදාහරණයක් විධියට, මම username/password දීලා Facebook එකට ලොග් වෙනව නං, මගේ පරිගණකය (client) සහ Facebook වෙබ් අඩවිය වැඩ කරන මැසිම (server) විතරයි ඒ username/password දැනගන්නේ මේ ඉබ්බා තියෙද්දි. ඉලෙක්ට්‍රොනික විධියට එහා මෙහා යන දත්ත, ෆෝන් ටැප් කරනව වගේ වැඩක් කරල තෙවැනි පාර්ශවයකට (හොරෙකුට) ග්‍රහණය කරගන්න පුළුවන් වුණත්, ඒ දත්ත රහස් අංකනයට (encrypt) ලක් කර ඇති නිසා ඒවා username/password ලෙස කියවන්න කිසිම බාහිර පාර්ශ්වයකට බැහැ.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
2:26 PM
27 comments:
කාණ්ඩ:
Featured,
Linux,
ආරක්ෂණය,
කාලීන,
තාක්ෂණය,
පෞද්ගලිකත්වය,
මෘදුකාංග,
වෙබ් අඩවි
Tuesday, March 11, 2014
සර්වර් එකේ හොල්මනක්
"මචං උඹ ලිනක්ස් දන්නව නේද?"
ටී ෂර්ට් එකක පිටේ FAQ අකුරු තුන තඩියට ප්‍රින්ට් කරවගෙන ඊට යටින් ඔය ප්‍රශ්නෙයි ගැළපෙන උත්තරේකුයි ගහගන්නවා මම හිතුණොත්. :D එච්චරටම නිතර දෙවේලේ ඇහෙන ප්‍රශ්නයක් ඕක. සාමාන්‍යයෙන් මගෙන් කවුරුහරි ඔහොම අහන්නෙ ලිනක්ස් සම්බන්ධ උදව්වක් ඕනෙ වුණාම. ඉතින් මේකත් එහෙම කතන්දරයක්...
මගේ මිත්‍රයා පරීක්ෂණ මට්ටමින් තමන්ගෙම ලිනක්ස් සර්වර් එකක වෙබ් අඩවියක් හොස්ට් කරලා. ඊට පස්සෙ ඒ වෙබ් අඩවිය පාවිච්චි කරයි කියල හිතන අයට පොඩි ටෙස්ටිං (UAT) රවුමක් දෙකක් කරන්න දීලා අඩුපාඩු අල්ලගන්න. මේ UAT එකේදි හදිසියෙම වෙබ් අඩවිය අකර්මණ්‍ය වෙලා. හේතුව හොයල බැලුවම හාඩ් ඩිස්ක් එකේ root partition එක (/) සම්පූර්ණයෙන්ම පිරිලා ඉඩ නැහැ. වෙබ් අඩවිය වැඩ කරනකොට caches/ logs ලියන්න හාඩ් ඩිස්ක් එකේ ඉඩ නැති නිසා තමයි ඒක නැවතිලා තියෙන්නෙ.
![]() |
| Image courtesy: pixabay.com |

12:38 AM
9 comments:
කාණ්ඩ:
Linux,
ආගිය කතා,
තාක්ෂණය,
මෘදුකාංග
Subscribe to:
Posts (Atom)