Monday, March 1, 2010

අනං මනං... 2010 ජනවාරි, පෙබරවාරි...

මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. :)
(මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට... :| මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට.... :| )

මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික දවසක නිහැඬියාවකට පසුව. සුපුරුදු පරිදි තාක්ෂණික සටහනක් ලියන්න අවශ්‍ය කරන වස්තු බීජයක් ලැබුණෙත් නෑ. පහුගිය දවස් වල මට එක එක ජාතියේ වැඩ තිබුණ නෙව... විභාගයක් තිබුණා... ඉතිං මගේ පුරුදු වැඩ ටිකක් අතමක කරලා 'ගිරවාරූඪය' ට මාරු වුණා. විභාගේ ගැන නම් මතක් කොරනකොටත් බයයි වගේ... හාපෝයි...! විභාගේ 'to be continued' කියල ඒ අතර කාලේ ඡන්දෙකුත් තිබුණනේ.... ඔන්න ඉතිං ජනාධිපතිකමට සුදුසුයි කියල මට හිතුණු පුද්ගලයට මමත් අත පුරෝල පොඩි කතිරයක් ගහල ආවා. :)

දැන් ඉතිං කැම්පස් ජීවිතේ අන්තිම මාස හය... මේ කාලේ අපට තියෙනව ආධුනිකත්ව වැඩසහටනක්...හුරු පුරුදු විධියට කිව්වොත් අපේ internship programme එක. ඉතිං ජනවාරි 25 මමත් ජැන්ඩියට ඇඳලා ගියා ඉන්ටර්වීව්... මගේ ජීවිතේ පළවෙනිම ජොබ් ඉන්ටර්වීව් එක... මම ඒක සමත් වුණා! මාර්තු 02, ඒ කියන්නෙ හෙට උදේ ඉඳලා මට යන්න තියෙන්නෙ අළුත් ගමනක්... අළුත් පරිසරයක්... අළුත් මුහුණු... ලංකාවේ ලොකු ම තැනක පොඩි ම මනුස්සයෙක් විධියට මම හෙට ඉඳලා වැඩ! :)

ඊට පස්සේ ආයෙමත් විභාගේ... ඉතිරි ටිකත් ඩෙෆා රිපීට් කියලා දැනගෙනම නියම නෑමක් නෑවා... විභාගේ තමා අපේ අභාගේ. :( System and Network Administration නම් නාගන්නෙ නැතුව කරගත්තා... ලේසි පාසු එකකට තිබුණෙ ඒක විතරයි මම හිතන්නේ... :D (ලිනක්ස්ට ජය වේවා!)

විභාගේ අස්සේ තවත් වැඩකට ගියානේ... පෙබරවාරි 10 හවස දෙකට Human Resource Management ප්‍රශ්නපත්‍රයකුත් තියෙද්දි උදේ 9ත් 10ත් අතර සජීව ගුවන්විදුලි වැඩසටහනකටත් සහභාගි වුණා... O_o
ඉන්ටර්නෙට් සම්පත් භාවිතය -- මේ වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තවත් සද්කාර්යයක්... :) නිදහස් අධ්‍යාපනයෙන් අප ලබන ජවය මුදා හරින එක විධියක් තමයි ඒ... අප ලබන දැනුම සමාජය වෙතත් ලබා දීම... ශිෂ්‍ය සහභාගීත්වයෙන් හැම බදාදාවකම පෙරවරු 9.00 ට සජීව ව විකාශය කෙරෙන මේ වැඩසටහන් මාලාවේ පෙබරවාරි 10 බදාදා වැඩසටහන ගැන විශේෂයෙන් සඳහන් කළේ ඒකෙ තේමාව සිංහල බ්ලොග්කරණය නිසා... වැඩි විස්තර සිංහල බ්ලොග්කරුවන්ගේ ගුග්ල් සමූහයෙ ඇති වුණු මෙන්න මේ කතාබහෙන් දැනගන්න පුළුවන්. එදා වැඩසටහන මෙතනින් බාගන්නත් පුළුවන්. :)
එදා තවත් පාඩමක් ඉගෙනගත්තා... පූර්ණකාලීනව ලිනක්ස් වලට මාරු වීමේ ප්‍රතිපලයක් ලෙස මට වින්ඩෝස් සම්බන්ධ සමහර දේ අමතක වෙලා කියල දැනුණෙ අසන්නෙකුගෙන් ගැටළුවක් ඉදිරිපත් වුණාමයි... O_o අන්තර්ජාලය තිබුණු නිසා හිර නොවී යංතං ෂේප් කරගත්තා... :D



ඉතිං විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න කාලේ තව පොඩි පොඩි වැඩ ටිකකට අත ගැහුවා... අපේ ඇන්ත්‍රැක්ස් අයියගේ අළුත් ව්‍යාපෘතියක් තියෙනවා... පරිගණක ආරක්ෂාව ගැන දන්න සිංහලෙන් කතා කරන්න... සිංහල හැකර්ලාගේ තිප්පොල... ඉතිං ඒකටත් පොඩි සහයෝගයක් දෙනවා මේ දවස් වල... තාම සෑහීමකට පත් විය හැකි මට්ටමේ සහභාගීත්වයක් දෙන්න පුළුවන් වුණේ නෑ. :( ඉතිං... මෙන්න තියෙනවා අපි කතාබහ කරන තැන. දැන්ගන්න ඕනේ දෙයක් තමයි මේක සුදු තොප්පිකාරයින්ගෙ තැනක්... "යාළුවගෙ ඊමේල් ගිණුමට හොරෙන් පිවිසෙන්නෙ කොහොමද?" ඒ වගේ දේවල් ගැන කතා කරන්න වෙනින් තැනක් හොයාගන්න. "කොහොමද අපේ ඊමේල් ගිණුම ආරක්ෂා කරගන්නේ?" මෙන්න කතා කරන්න තැන...! තව,... පරිගණක වයිරස් ගැන... වින්ඩෝස් පාවිච්චි කරන අයට ලොකුම කරදරේ ඕකනේ... එන්න ඇවිත් සෙට් වෙන්න... අපි මේ දේවල් ගැන දන්න සිංහලෙන් කතා බහ කරමු... ඉගෙනගනිමු.... http://hacker.lk

පහුගිය දවස් වල මම වැඩියෙන්ම මහන්සි වුණේ මොකකටද කියන පුරස්නෙට නම් එක එක උත්තර තියෙනවා... වඩාත්ම හරි උත්තරය දන්න කස්ටිය සද්ද නැතුව ඉන්නවා හොඳයි... :P :D



පෙබරවාරි 13 නම් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ දවසක්. අපේ කැම්පස් එකේ සම්ප්‍රදායක් විධියට පළමු වසර විනෝද චාරිකාව යොදාගන්නෙ හන්තාන ආශ්‍රිතව. මේ දක්වා ඔය ගමන ගිහිපු අපේ කිසිම බැච් එකකට කිසිම උපද්‍රවයක් සිද්ධ වුණේ නෑ.... නමුත් මේ වතාවේ අපේ පළමු වසර පොඩ්ඩන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මහා' ශිෂ්‍ය සංගමයෙන් බොහොම නින්දිත සහ දරුණු විධියට සලකලා තියෙනවා... වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් විරෝධතාව දක්වලා වෙනම බ්ලොග් සටහනක් ලියන්න මම අදහස් කළත් ඒකට වෙලාවක් ලැබුණෙ නැහැ.


මේ ගැන මගේ සගයින් එක්ක කතා බහ කරද්දි දැනගන්න ලැබුණා වෙනත් විශ්වවිද්‍යාල වල සිසුන්ටත් මේ කරදරයටම මුහුණදෙන්න සිද්ධ වුණු බව... අපි දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැති නිසා අපිව ඇලජික් වගේ ඇති...

මෙන්න මේකත් බලන්න... ත්‍රස්තවාදය පිළිබඳ විශේෂ උපාධියකුත් පේරාදෙණියෙ ඇති මං හිතන්නේ...
 

පේනව ඇතිනේ... පේරාදෙණියේ 'මහා' ශිෂ්‍ය සංගමයේ 'මහා ලොකු' අයියලා නිදහස් අධ්‍යාපනයෙන් ලද ජවය මුදා හැර තියෙන හැටි... ඉතින් මේ ගැන වැඩි commentary දෙන්න මම කාලය වැය කරන්නෙ නෑ.. කියවන ඇත්තෝම සිය නැණ පමණින් වටහා ගනිත්වා..!

එකක් ඉවර වෙනකොට තවත් එකක්... උතුරේ ත්‍රස්තවාදය නැත්තටම නැති කළා වගේම හන්තාන පැත්තේ ඉවර කරන්න තවත් ඒ වගේම මෙහෙයුමක් අතිගරු ජනාධිපතිතුමාට ඉතිරි වෙලා තියෙනවා.... මේකත් කියවලම බලන්න.

තවත් වැදගත් කාරණාවක්... පේරාදෙණියෙ ඔය 'මහා' ශිෂ්‍ය සංගමයත් එක්ක ඇයි හොඳයියක් නැති පිරිසකුත් ඉන්නවා... මම දන්න තරමින් ඒ අයට කියන්නෙ අලයො කියලා... අලයො අහිංසකයි... ඒ නිසා පේරාදෙණියෙ ඉන්න අල පිරිසට මේ සිද්ධිය සම්බන්ධයෙන් ගරහන්න එපා... උන් නිර්දෝෂයි. (මං වැරදි නම් පේරා අලයෙක්ම ඇවිල්ලා නිවැරදි කරන්ඩෝ.... :) )



පෙබරවාරි 13 Lirneasia AT Tester Soft Launch සඳහාත් සහභාගි වුණා. මට දැන් ඒ ගැන වෙනමම සටහනක් ලියන්න කාල වේලාව මදි... සවිස්තර සටහනක් ලෙස මාලින්ද ලියූ සටහනින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. :-)
වැදගත්ම කාරණාව තමයි ලංකාවේ broadband අන්තර්ජාල සබඳතා ලබා දීමේ ගුණාත්මක ප්‍රමිතියක් තවම නැහැ. එහෙමත් නැත්තම්, ගුණාත්මක සේවාවක් ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නැහැ. මේ සම්බන්ධව පාරිභෝගිකයන් ලෙස හඬක් නගන්න අපට අවශ්‍ය කරුණු කාරණා, සාක්ෂි, සාධක පිළිබඳව අදාළ පර්යේෂණ පවත්වනවා Lirneasia ආයතනයෙන්. ඒක ඒ අය ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයා වෙත කරන ලොකු උදව්වක්. ඉතින්.. මේ පර්යේෂණ වලට සහය දීලා ලංකාවේ අන්තර්ජාල සේවා වල දියුණුව වෙනුවෙන් යමක් කිරීම තමයි අන්තර්ජාලය භාවිත කරන්නන් ලෙස අපෙන් සිදුවිය යුතු දේ. :)

පෙබරවාරි 14 වැනිදා ඔය AT Tester එකේ source code එකත් එක්ක ටිකක් ලව් කළා... මට හීනියට වගෙ අදහසක් ඇවිත් තියෙනවා ඒ code එක අධ්‍යයනය කරලා, ලිනක්ස් වල වැඩ කරන්න පුළුවන් AT Tester එක්ක හදන්න. බලමු... වෙලාව තිබුණොත් තමා....



ලිවිය යුතු වැදගත් දෙයක් තව ලැබුණෙ නෑ... ආ.... තංගල්ල පැත්තෙ පොඩි ටුවර් එකක් ගියා... දේශීය - විදේශීය හැමෝටම කියවන්න පුළුවන් වෙන්න ඒක ලිව්වෙ කඩ්ඩෙන්.... ගිහින් කියවලම බලන්න.... වැඩි හරියක්ම තියෙන්නෙ පිංතූර... :)

මගේ අද ලියමන මෙතනින් ඉවරයි... හෙට උදේ නවයෙන් මතු වැඩ කරන්න ලැබෙන කාර්යාල වටපිටාවත් එක්ක බ්ලොග් ලියන්න ඉස්පාසුවක් ලැබෙන එකක් නැති වෙයි... දන්නවනේ... රාජකාරිය = දේවකාරිය :D

ඉතිං... කස්ටිය  ඔය පහළින් තියෙන කොටුවේ ගල්-මුල්-මල්-එකඟතා-නොඑකඟතා මේ මොනව හරි ලියල යන්න..... ඔන්න මං කැපුනා... චෙරියෝ....! :D

27 අදහස්:

තමීර | Thameera said...

එල, අලුත් ජොබට සුබ පැතුම්! අපටත් මේ ට්‍රේනිං පටන් ගත්ත විතරයි!

.::පිස්සා::. said...

all the best කිව්වා ඕං..
යන තැනක හොදට රස්සාව කරන්න සුබ පැතුම් මචං මල්ලී..

දුකා said...

"ඔන්න ඉතිං ජනාධිපතිකමට සුදුසුයි කියල මට හිතුණු පුද්ගලයට මමත් අත පුරෝල පොඩි කතිරයක් ගහල ආවා." ingiyak denna puluwanda katada chande dunne kiyala . . hik hik .. .. .

දුකා said...

ah ow ow alut job eka gana amataka unaa. . . jaya wewaa sahoe . . !

änthräX said...

"පූර්ණකාලීනව ලිනක්ස් වලට...." vm එකක වින්ඩෝස් තියාගන්න පුරුද්දක් නැද්ද? එහෙම නැතුව කොහොමද කඩලා බිදලා බලන්නෙ? :P

ව්‍යාපෘතිය ගැන සදහන් කිරීම ගැන ඉස්තූතියි..

"පහුගිය දවස් වල මම වැඩියෙන්ම මහන්සි වුණේ.."
කට කහනවා අප්පා..

හෙට දවසට සුබපැතුම්....

හෙලයා said...

අලුත් ජීවිතේට සුබ පැතුම්...

රොකියා | Udara said...

අලුත් ජොබ් එකට ඔන්න මගෙනුත් සුභපැතුම් !

CD Athuraliya said...

දහසකුත් එකක්;) වැඩකටයුතු වලට සුබපැතුම්!

Thilina said...

එළ එළ.. ‍ජොබයට සුභ පැතුම්.., සුභ අනාගතයක් :)

කණිෂ්ක Hennayake said...

අලුත් ජොබ් එකට ඔන්න මගෙනුත් සුභපැතුම් !!!

මුචලින්ද said...

ජොබට සුභ පැතුම්!

Roshan Herath said...

නව දිවියට සුභපැතුම්..

Kasun Nadeeshana said...

සුභ පැතුම්.!

ගයාන් තාරක said...

කෝ බං පෙබරවාරි 14 ගැන උඹ ලියල නෑ නෙව


ජොබට සුබ පැතුම්.

මේ කතා ටික වෙන වෙනම දැම්මනම් හොදයි බං. කතා ගොඩක්නේ.

isaman said...

ජය වේවා....

NiroshanSL said...

එල.එල.ජොබට සුබ පැතුම්.

රාජිත අනුරාධ said...

magen unusum (warmest) wishes.....

Anonymous said...

අළුත් JOB එකට සුභ පැතුම්
රාජකාරිය = දේවකාරිය

නුවන්සි said...

අපොයි ප්‍රශ්න පත්තරේ වගෙනේ ඔක්කොම ටික ලියලා ඇරලා
කමක් නැ නමෝ විත්තියෙන් වැඩ අරබන ඡොබට සුභ පැතුම්!
පේරා වැඩේ නම් අන්තිම කැතයි.
එ ගැන කතා කල එක හොදයි එත් වෙනම කතා කලා නම් තවත් හොදයි.

Duminda said...

good luck machan..
JVP must be banned

තරිඳු said...

උපාසක මහත්තයා වැඳ ගත්තනම් ආශීර්වාද කොරන්න යන රස්සව හරියන්න කියල.

භවතු සබ්බ මංගලම් - රක්කන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානු, සබ්බ ධම්මානු, සබ්බ සංඝානුභාවේන
සදා සොත්ති භවන්තුතේ......

බුදුන්ගේ සරණයි, දෙවියන්ගේ පිහිටයි.
පලවෙනි පඩිය ගත්තම පන්සල පැත්තෙ එන්න අමතක කරනව එහෙම නෙවේ ඕං.

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

ජොබ් එකට සුබ පැතුම් අයියේ..

පේරා සිද්ධිය ගැන තව දෙයක් එකතු කරන්න තියනවා. ඒ ගැන තාම කිසි පියවරක් පේරාදෙනියෙන් අරන් නෑ. අපි බලන් ඉන්නේ අපිට අමතක වෙලා නෑ. අපේ මල්ලිලා දණ ගස්සලා සෙරෙප්පු දෙක කටේ ඔබලා ගැහුවේ. නංගිලා බඩ කරනවා කියල තර්ජනය කලේ. මේවට එරෙහිව ගන්න පියවර ගැන අපි විමසිල්ලෙන්.

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

ජය වේවා ..!!
අපේ බෝට්ටුවට පිලිගන්නවා !!

ශාකුන්තල said...

ඔන්න පළවෙනි දවස ඉවරායි... ඉංටරෙස්ටිං වැඩ ගොඩක් එක්ක හෙට දවස පටන් ගන්න අද ලකැහැස්ති වෙනවා....

@තමීර, පිස්සා, දුකා, ඇන්ත්‍රැක්ස්, හෙලයා, රොකියා, අතුරලිය, තිළිණ, කණිෂ්ක, මුචලින්ද, රොෂාන්, කසුන්, ගයාන්, iසමන්, නිරෝෂන්, රාජිත, අඥාත, නුවන්සි, දුමින්ද, තරිඳු, සුසිත, ප්‍රෝග්‍රැමර්,

කස්ටියගෙම උණුසුම් සුභ පැතුම් වලට ස්තුතියි... බුදු සරණයි දෙවි පිහිටයි.. ආරස්සාවයි.. :)

@දුකා,
වැප් නිශාන්තගෙ බ්ලොග් එකේ පාවෙන ඡන්ද වගේ මාතෘකාවක් තිබුණු පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක බලන්න -- ඔන්න ඉඟිය!

@ඇන්ත්‍රැක්ස්,
ෂ්... කට.. කට.. :|

@ගයාන්,
ඇයි බොල කොලුවෝ මං ඔය සුද්ද සිංහලෙන් ලියල තියෙන්නේ... AT Tester එකේ source code එකත් එක්ක ලව් කළා කියලා... :P

@අඥාත,
සහසුද්ධෙන්ම... ඒක ඔලුවේ තියාගෙන වැඩ කරන තාක් වරදින්නේ නැහැ..

@නුවන්සි,
අපරාදේ... වෙනම එකක් ලිව්වනං හොඳයි කියල හිතෙනවා.. ඒත් මේ මල් කැඩිල්ලත් එක්ක වෙලාව නෑ නෙව...!

දුමින්ද,
ඔව් මචං... ජෙප්පන්ගෙ අහවල් එක වැනෙන තාලෙට නටන අන්තරේ තමයි ඔය හැම එකක්ම මානන්නේ. පෝස්ට් එකේ නොදැම්මේ මම පක්ෂ දේශපාලනය සම්බන්ධ මාතෘකා ඇදගන්නෙ නැති නිසා.

@තරිඳු,
ඇපිට් එකේ පංසලක් තියෙනවද? :P
බුදු සරණ වේවා හිටපු සුදත්ත සාදු...!

@සුසිත,
අපේ එක වසර අයටම මේ ගැන අන්තර්ජාලයෙ ලියන්න කියමු... ඔය නිර්නාමිකව කුණුහරුප කමෙන්ට් දාන ජෙප්පො වගේ හැංගිලා නෙමෙයි... එළිපිට! අන්තර්ජාලය හරිම නිදහස්.

♠GaŋGster♠™ said...

අලුත් ජොබට සුභ පැතුම් අයියේ..
පේරා සීන් එක ගැන මටත් අපේ පැත්තේ ඔය සිද්දියට මුහුන දුන්නු අයියා කෙනෙක් කිව්වා..ඕව ඉතින් ජෙප්පොන්ගේ කැත වැඩ. උන්ට කරන්න පුලුවන් ඔය ටික විතරනේ.. :D

බිඟුවා...! said...

රාජකාරිය = දේවකාරිය

nowa

රාජකාරිය > දේවකාරිය

viya yutuya

Sampath Amarakoon said...

සුභ පැතුම්.!

Post a Comment

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!

හතරවටේටම ඇහෙන්න කියන්න..!