Saturday, February 7, 2009

පුද්ගල සෙවුම

යම් පුද්ගලයෙකු පිළිබඳ අන්තර්ජාලයේ ඇති තොරතුරු මොනවාදැයි සොයා බැලීමේ අවශ්‍යතාව සමහර විටෙක ඔබටත් ඇති වී තිබෙන්නට පුළුවන්. මේ සඳහාම විශේෂිත සෙවුම් යන්ත්‍ර (search engines) තිබෙනවා. Pipl එවැන්නක්.

සෙවුම් යන්ත්‍රයක් කිව්වම කාටත් මුලින්ම මතක් වෙන්නෙ Google. නමුත් ගූග්ල් සෙවුම් ප්‍රතිපල වල අපට අනවශ්‍ය දේත් අඩංගුයි (අනවශ්‍ය දේ නිසා අවශ්‍ය දේ ප්‍රතිපල ලැයිස්තුවේ පහළට යනවා). මේ සඳහාම විශේෂිත වූ සෙවුම් යන්ත්‍ර වලින් වඩාත් නිර්වද්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්. Pipl භාවිතය හරිම පහසුයි -- P I P L Ctrl+Enter.


නම, විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකථන අංකය අනුව සොයන්න පුළුවන්.


AJAX වැඩ කිඩ



AJAX වැඩ කිඩ. Personal Profiles වෙනම පෙන්නනවා.


මගේ LinkedIn profile එක මුල් ප්‍රතිපල අතරට ඇවිත් නෑ... වැඩේ කැතයි. Grrr!!

අවුලකට තියෙන්නේ මේක සිංහල යුනිකේත සහය නොදක්වන එක :( . සිංහල නමක් හොයන්න ගියාම මාර අමුතු නම් තමයි පෙන්නන්නේ. මීළඟ තිරපිටපත මෙතන දැම්මට මගේ මිත්‍රයා පහන් තරහ වෙන එකක් නෑ කියල හිතනවා. පොඩි ආතල් එකක් දෙන්න හිතුණ නිසා එහෙම දැම්මෙ.


මෙන්න අවුල

මම මේ වෙබ් අඩවිය පාවිච්චි කරන්න පටන් ගෙන වැඩි කාලයක් නැහැ. නමුත් මම මෙය පාවිච්චි කළ සෑම අවස්ථාවකම ඉතා සාර්ථක ප්‍රතිපල ගෙන දුන්නා (මගේ නම සෙවීමේදී හැර ;) ).

පාවිච්චි කරලම බලන්න - PIPL

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

6 comments:

  1. නියමයි, අගේ ඇති ලිපියක්. අළුත් දෙයක් ඉගෙන ගත්තා

    ReplyDelete
  2. මාරයිනේ... සිංහලවල පොඩි අවුලක් තියෙනවා තමයි...

    ReplyDelete
  3. සිංහල අවුල වගේම මගේ නමට එන්නේ මූණු පොත විතරනේ... අඩු ගානේ තව විස්තර තියෙන තැන් 2-3 වත් පෙන්නුවනම්... එක අතකට හොයාගන්නම බැරිවෙනවට වඩා මොනාහරි හොයාගන්නවත් තියෙන එක මදැයි...

    ReplyDelete
  4. http://www.pipl.com/search/?FirstName=%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+&LastName=%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD&City=&State=&Country=LK&CategoryID=2&Interface=1

    ReplyDelete
  5. මගෙත් Facebook එකයි MySpace එකයි විතරයි. :(

    ReplyDelete
  6. ෂා!! මරු item එක :D

    මගෙ පරණ (අත ඇරල දාපු) Flickr Account එකකුත් අහුවුනා නේ...!! :D :D

    ReplyDelete

Facebook ප්‍රතිචාර