Friday, February 20, 2009

Fedora/ Ubuntu මත Shiretoko ස්ථාපනය කරමු

Shiretoko,... Mozilla Firefox පවුලේ මීළඟ සාමාජිකයාගේ පරීක්ෂණ නිකුතුව ගැන කවුරුත් දැන් දන්නවා ඇතිනෙ. දන්නෙ නැති නම් කියවන්න මෙතනින්.

වින්ඩෝස් මත Shiretoko ස්ථාපනය කිරීම mouse clicks කීපයකින් පුළුවන්. ඒත් වින්ඩෝස් වලටම හුරු වෙලා ඉන්න අයට ලිනක්ස් වල Shiretoko ස්ථාපනය ටිකක් අමාරු වැඩක් වගේ පේන්න පුළුවන්. ඇත්තටම ඒක අමාරු නෑ. ඉතාම සරලයි. පහත දැක්වෙන පියවර කීපය අනුගමනය කරන්න.

Shiretoko භාගත කරන්න. [ලිනක්ස්]

Terminal එක විවෘත කරන්න. පහත විධාන එකින් එක ලබා දෙන්න.

පළමුව root හිමිකම් ලබාගනිමු.

su

දැන් භාගත කරගත් archive එක විසුරුවමු. ඉන්පසු archive එක ඉවත් කළ හැකියි.

tar -jxvf firefox-3.1b3pre.si.linux-i686.tar.bz2 -C /opt

rm firefox-3.1b3pre.si.linux-i686.tar.bz2

අවසන් පියවර ලෙස /usr/bin/ තුළ shiretoko සඳහා සංකේතාත්මක සන්ධියක් (symbolic link) සාදමු. ඉන් පසු root හිමිකම් වෙතින් ඉවත් විය හැකියි.

ln -s /opt/firefox/firefox /usr/bin/shiretoko

exit

පරීක්ෂා කිරීමට,

shiretoko &

සියලු පියවර නිවැරදිව සිදු කළේ නම් Shiretoko ධාවනය වනු ඇති.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

No comments:

Post a Comment