Saturday, February 28, 2009

Pidgin (Windows) සිංහල අවුල

දැන් ගොඩක් අය Pidgin පාවිච්චි කරනවා, Windows වල පවා. මේකට හේතුව Pidgin විවිධ සේවා සපයන්නන් වෙත සහය දැක්වීම. ඒ කියන්නෙ GTalk, Yahoo, Windows Live ආදී ගිණුම් කීපයක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. ඉදිරි කාලයෙදි මෙයට Facebook Chat එකත් එක් වේවි.

Pidgin වල අනෙක් වාසිය තමයි lightweight වීම. ඒ කියන්නෙ අඩු වශයෙන් memory භාවිත වීම. Yahoo Messenger පාවිච්චි කරනවා නම්, වෙබ්කැම් පාවිච්චි කරන්නෙ නැත්නම් Pidgin වලට මාරු වෙලා බලන්න. සිම්පල් බව දැනේවි. ;)

නමුත් Pidgin වල වින්ඩෝස් සංස්කරණයෙ පොඩි අවුලකට තියෙන්නෙ සිංහල අකුරු කොටු ලෙස දිස් වීම. Pidgin වලට මාරු වෙච්ච සමහර අයට තියෙන අවුලක් මේක. විසඳුම හරිම සරලයි. Pidgin වල font එක Iskoola Pota ලෙස සකස් කරන්න. නමුත් Malithi Web වලට මාරු කළාම නම් නම් අවුල ලිහුණෙ නෑ. හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න...









මටත් මේ අවුල තිබුණා අද වෙනතුරු. මම ඉතිං විසඳුම අත ළඟ තියෙද්දි මාර ජෝක් වැඩකුත් කළා කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ. මම කළේ Pidgin ස්ථාපනය කර තිබුණ folder එකේ Pidgin වල configuration ගොනුවක් (ලාවට pidgin.conf වගේ) තියෙනවද කියල හොයපු එක. මොකක් හරි එකක් iso-8859-1 වල ඉඳල utf-8 ට මාරු කරන්න ඕන වගේ හැඟීමක් තිබුණෙ. මොකද එහෙම සැකසුමක් preferences වල හොයාගන්න නැති නිසා. අන්තර්ජාලයෙන් ‍මේ වගේ දේවල් හොයාගන්න පුරුද්දකුත් තාම මට හරි හැටි නෑ. මොකද මම (හරිහමන්?) අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගත්තෙත් මෑතකදි නිසා. (අන්තර්ජාල සම්බන්ධතාවයෙ කතාව වෙනම සටහනක ලියන්න පුළුවන්) කොහොම හරි Google හොයල දුන්න මේකෙන් තමයි අන්තිමේදි පොඩි අයිඩියාවක් ආවෙ.

අවසාන නිගමනය මෙන්න: :P



බාගැනීම්:
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

5 comments:

  1. හොඳ ළමයා, දැන් තේරේ නේද ගුගල් සෑර්ගේ අගේ? :P

    අපිටත් ඔන්න කිව්වට ස්තුතියි!

    ReplyDelete
  2. මාත් ඕක කරන්න බැරුව දගල දගල හිටියේ....බොහොම ස්තූතියි අයියේ....
    මලිතිගේ අවුලක් තියෙනවා තමා...ජංගම දුරකතන වලත් ඔය ප්‍රශ්නේම එනවා,,,,

    http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html

    ReplyDelete
  3. http://code.google.com/p/pidgin-facebookchat/

    මෙන්න Pidgin Facebook Plugin එක.
    දැන් Facebook නොගිහිං ගෙදර ඉඳන්ම චැට් කරන්න. ;)

    ReplyDelete
  4. http://sinhala.kalingasblog.com/2008/04/28/sinhala-unicode-display-in-pidgin-gaim-in-windows/


    http://sinhala.kalingasblog.com/2008/05/07/how-to-setup-sinhala-unicode-input-typing-support-on-pidgin-gaim-for-windows/

    මම සිතන්නෙ මලිති වෙබ් ෆොන්ටයේ සිංහල අකුරු පමණක් තිබෙන නිසා මේ ගැටළුව ඇති වන බවයි, ඉස්කෝල පොතේ සිංහල වගේම ඉංග්‍රීසි ත් ඇති නිසා හොදින් පෙන්වයි.

    ReplyDelete
  5. @har,
    Thanks for linking these sites. I never knew about these two articles before. They give a perfect 'how-to' of what need to be done.

    Again it's gonna be 'I will use Google before... uhh... uhh... uhh...' :D

    ReplyDelete

Facebook ප්‍රතිචාර