මේ පිළිබඳව බ්ලොග් සටහනක් තැබීමට මෙතරම් ප්‍රමාද වූයේ සරසවි අධ්‍යයන කටයුතු වලට අදාළ පැවරුම් නිසාවෙන් ඇති වූ කාර්ය බහුලත්වය හේතුවෙනි. කෙසේ වෙතත් මෙම බ්ලොග් අඩවියේ ඉතිහාසය පිළිබඳ පසු විපරමක් මේ මොහොතේ අනවශ්‍ය යයි සිතමි. ඒ මෙයින් දෙමසකට පමණ පෙර සමරන ලද බ්ලොග් උපන්දින සටහනෙහි ඒ පිළිබඳව සටහනක් තබා ඇති බැවිනි.
අසෙනිය කුසුම - 2009 පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයය, ICTA හා e-Sri Lankaහි පූර්ණ අනුග්‍රහයත්, Microsoft ආයතනයේ සම අනුග්‍රහයත් සහිතවයි. සිංහල බ්ලොග්කරණ තරඟාවලියේ ජයග්‍රාහකයින් පිළිබඳ සම්පූර්ණ විස්තරය සාහිත්‍ය ඒකකයේ නිළ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් කියැවිය හැකි ය.
අසෙනිය කුසුම අපූර්ව අත්දැකීමකි. නව්‍ය තාක්ෂණයත්, කලාවත් නිසි අනුපානයෙන් මුසු කොට එය අපූර්වතම කලා උළෙලක් බවට පත් කර තිබිණි. තාක්ෂණික දායකත්වය ඉතා සීරුවෙන් යුතුව නිසි සීමාවන් යටතේ පවත්වා ගනිමින් ද, ඉදිරිපත් කෙරුණු අංගයන් හි කලා රසයය වෙත කිසිදු බාධාවක් ඇති කර නොගනිමින් ද, තාක්ෂණික උපක්‍රම හා ප්‍රයෝග මෙහෙයවූ අන්දම ප්‍රශංසනීය වෙයි. රාජකීයයන්ගේත්, වෙනත් විද්‍යාල වලින් පැමිණි සිසු-සිසුවියන්ගේත් දක්ෂතා දැක අතිශය සතුටටත් විමතියටත් පත් වීමි. ගායනය, වාදනය හා රංගනය ආදී ඉසව් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් මනා ලෙස තාක්ෂණය මෙහෙයවීමේ හැකියාවෙන් ද පිරිපුන් මෙ වන් සිසු පරපුරක් පිළිබඳ ශ්‍රී ලාංකික අප ආඩම්බර විය යුතු ය. විශේෂයෙන්ම, කැලණිය ගුරුකුල විද්‍යාලයීය නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ දැකුම්කළු නර්තනයේත්, කොළඹ රාජකීයයන් ඉදිරිපත් කළ අපූර්ව සංගීත ඛණ්ඩයේත් මිහිර මට කිසිදාක අමතක නොවනු ඇත.
එමෙන්ම අන්තර්ජාලය හරහා දැන හඳුනා ගත් මිතුරන් කිහිප දෙනෙකු සැබෑ ලොවේ දී මුණ ගැසෙන්නට ලද අවස්ථාවද සොඳුරු මොහොතකි. ඉන්ද්‍රනාම, රවිමල්, සුදාරක, කණිෂ්ක, මලින්ත, දීපිකා, කාලිංග හා තිළිණ ඒ අතර වෙති. උළෙල අවසානයේ දී සතුටු සාමීචියේ යෙදුණු අපි, සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට ද අමතක නොකළෙමු.
Microsoft විවචෙනයයට ලක් කරමිනුත්, පූර්ණකාලීන නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතකරුවෙකුත් ලෙස මෙම බ්ලොග් අඩවිය හරහා නිතර වදන් හරඹ වල යෙදුණු මා Microsoft වෙතින් දෙන ත්‍යාග ලබා ගැනීම සමහර පාර්ශව වලට දැනටමත් මහත් පටළැවිල්ලක් වී ඇති සෙයක්ද යම් යම් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබී ඇති හෙයින් ඒ සඳහා පිළිතුරක් ද මේ සමඟම සටහන් කර තබන්නට සිත් විය. කිසිවෙකු/ කිසියම් ආයතනයක් වෙතින් ත්‍යාග ලැබීම මගින් මගේ ස්වාධීනත්වය කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේද, මතවාදී පරස්පර නොතකා එම ත්‍යාග පිළිගැනීම මගේ නිහතමානී ප්‍රතිපදාව යි. එබැවින් මගේ ස්වාධීන මතය වෙත බලපෑමක් ඇති කර නොගනිමින්, Microsoft ආයතනය විසින් මා වෙත ප්‍රදානය කරන ලද ත්‍යාග පිළිගන්නේ එම ආයතනය වෙත මගේ අවංක ස්තුතිය පුද කරමිනි.
මෙය හොඳම බ්ලොග් අඩවිය සඳහා හිමි සම්මානය මිස හොඳම බ්ලොග්කරු සඳහා හිමි සම්මානය නොවේ (මගේ සමහර සරසවි සගයින් දැනටමත් මා හඳුන්වා ඇත්තේ "බෙස්ට් බ්ලොගර්" කියාය!). මා මෙම සම්මානයේ භාරකරු පමණි. බ්ලොග් අඩවියක සාර්ථකත්වය කෙරෙහි එහි රචකයින් පමණක් නොව, ක්‍රියාකාරී කියවන්නන්, ප්‍රතිචාර දක්වන්නන්, දිරි ගන්වන්නන්, විවේචකයන්, පසුබිමේ සිට සහයෝගය දක්වන්නන් පමණක් නොව විවිධ බාධක එල්ල කරන්නන් යන මේ සියළු පාර්ශව දායක වේ යන්න මගේ විශ්වාසය යි.
එසේ හෙයින්, මෙය "මම" ලද දිනුමක් ලෙස නොව "අපි" ලද දිනුමක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. මෙම සටහන ලියන මට මෙන් ම, පාඨක ඔබට ද අළුතින් හිතන්නටත් ලේඛන කලාව ජයගන්නටත් මෙම සම්මානය හා සමස්ත සිංහල බ්ලොග්කරණ තරඟාවලිය හොඳ උත්ප්‍රේරකයක් වනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි.
මගේ ලිවීම් කියවමින්, රස විඳිමින්, අගය කරමින්, විචේචනය කරමින් හා දිරි දෙමින් සහය දැක්වූ පාඨක ඔබ වෙතත්, සිංහල බ්ලොග්කරණ තරඟාවලියට සහභාගි වී ඒ වෙත සහය දැක්වූ සියළුම බ්ලොග්කරුවන් වෙතත්, නිහඬවම සහය දැක්වූ අනෙකුත් පාර්ශව වෙතත්, බ්ලොග්කරණය ප්‍රචලිත කිරීමේ යහ අරමුණින් යුතුව මෙවන් ඉසව්වක් පැවැත්වීම වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයය වෙතත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් මේ ලියමනෙහි අවසානය සනිටුහන් කරමි෴
පසු සටහන (2009/12/27):
අසෙනිය කුසුම 2009 සාහිත්‍ය කලා මහෝත්සවයේ සළරූ දර්ශන නිකුත් වී ඇති බව අද උදෑසන දැනගන්නට ලැබිණි. සාහිත්‍ය වෙබ් අඩවිය වෙත පිවිස ඔබට එම වීඩියෝ දර්ශන නැරඹිය හැකි ය.
පහත දැක්වෙන්නේ හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානය පිරිනැමෙන මොහොතයි.








53 අදහස්:
එළ එළ ඔහොම යන් ඔහොම යන්.....!! :)
සුදුස්සාට සුදුසු තැන ලැබෙනව නේ. ඇත්තටම දැකලා හදුනාගැනීම සතුටක්. ඉදිරියටත් අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වර්ධනයට එක්වී කටයුතු කරමු!
සුභ පැතුම් !යාලුවේ...
එල එල නලියගේ සුභ පැතුම්! නියමයි ආ...
ඒල ඒල
ඔන්න මගෙන් සුභ පැතුම්
ජයවේවා....ජයවේවා...ජයවේවා..ජයවේවා.
අපේ සුභපැතුම්..........
මගේ උණුසුම් සුභ පැතුම් යාලුවේ...
උණුසුම් සුභපැතුම්! :-)
ශාකුන්තල ට මගේ සුභ පැතුම්.
ෂහ්, එදා මට එන්න බැරිවුනානේ. ආවනං මගේ සම්මානෙ ගන්නයි අර ෆොටෝ එකට ඉන්නයිත් තිබුණ.
ලස්සන සම්මානය නේද? දුකේ බෑ.
කොළඹ ආපු දවසක බලමු. දෙසැම්බර් 19 SBU Party 1 ට එන්නයි ඉන්නෙ.
කතන්දරකාරයා
Subscribe by eMail - clicked.
එදා උඹ මට පැය 2කට කලින් සාහිත්‍ය උත්සවය ගැන කිව්ව නම් මාත් ඔතන.. දැන් ඉතින් මොනා කරන්නද... ඔන්න මගෙත් උනුසුම් සුබ පැතුම්.. :)
සම්මානෙ දෙනව කියල සල්ලි එහෙම ඉල්ලුවෙ නෑ නේද? :P
අපෙනුත් සුභ පැතුම්.!
බොක්කෙන්ම සුබ පැතුම් !!!
Congrats bro!
මගෙනුත් උණුසුම් සුභ පැතුම්....!!!
එළ එළ... මගෙනුත් සුභ පැතුම්
ele ele kollo.....Suba pethum magenuth....!!!
මගෙනුත් සුභ පැතුම් !!!!
මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් ! :)
උණුසුම් සුභ පැතුම්
මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්....!! Auguri :)
මගෙනුත් උණුසුම් සුබ පැතුම්
සුභපැතුම් සහෝදරය!
Not on apple and some sinhala in incorrect because the sinhala characters are not completely registered in SLSI or unicode data base
Donald Gaminitillake
Lets us change the standard
එළේල! ඔන්න මගෙනුත් සුභ පැතුම්!
සුභපැතුම් .......
මගේ සුභ පැතුම්
මගෙනුත් සුභ පැතුම් සහොදරයා!!.you deserve it
සුභ පැතුම් :)
ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම් !!!
මගේ උණුසුම් සුභ පැතුම්!!
ජය වේවා!!!!
මෙන්න අපෙනුත් සුබ පැතුම්......
subha pathum...!!!
මගෙනුත් උණුසුම් සුභ පෑතුම් ශාකුන්තල මල්ලි.
මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්....!!
මිත්‍රයා,ඔබට සුභ පැතුම් !
මගෙනුත් සුභ පැතුම්. මටත් එදා එන්න බැරි උනානෙ, ලෙක්චර්ස් නිසා සහ මගෙ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටිකක් නිසා, නැත්තම් කට්ටිය එක්ක සෙට් වෙලා කතාබහ කරන්නත් තිබ්බ. දුක තමා, බලමුකො 19 වෙනිදට. එදාට එන්න තමා හිතාන ඉන්නෙ.
මගෙනුත් සුබ පැතුම්...අැත්තටම ගොඩක් සන්තෝෂයි ශාකුන්තල...
ජය වේවා!!!
මකර රජදහනෙන් උණුසුම් සුභපැතුම්!
කොයි අර මීයෙකුට බය වෙච්ච පූසගෙ කතාව ? අපි ඉල්ලුවෙ ඒකනෙ
උණුසුම් සුභපැතුම් මගෙනුත්!!!
තව තවත් හොඳ දෑ ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා!
මගෙන් සුභ පැතුම්
සුභ පැතුම්!!!!!!!!
තව තවත් ලියන්නට දිරි ලැෙබ්වා. තමන්ෙග් දැනුම අත්දැකීම් ෙබදා ගන්න පිනට ලැෙබන ප්‍රතිපළ තමා ඔය තිෙයන්ෙන්...
ඔය Microsoft ඒක්ක තිෙයන හුටපටත් ලිහා ගත්ෙතාත් නරකද? ඔයාෙග් ඔය දැනුෙමන් ලැෙබන ප්‍රතිපල වඩාත් දියුනු ෙවයි. Fos,MS දිහා මධ්‍යස්ථව බලමු. යක්කු කියන තරම් කළු නෑ
congratulations mate. you deserved it. keep up.
ෂා නියමයි! ඔන්න මගෙනුයි ගුනෙගෙනුයි සුභ පැතුම්!
දිගටම ඔහොම කරගෙන යන්.
ගොඩක් හොදයි ඔයාට සුබ පතුම්.!
සුභ පැතුම් !!
උඹට wish කරන්න පරක්කු වුණාට සමාවෙයන් මල්ලියේ.
domain registry යේ ක්‍රියාවලි වලට විරුද්ධ වුණාට මේ සම්මානය උඹට දෙන්න ගත්ත තීරණයට අබ ඇටයක් තරම්වත් අපි විරුද්ධ නෑ.(මං විතරක් නෙවෙයි මම හිතන්නේ SBU එකත් එහෙම තමයි.)
පරිස්සමින් ඉස්සරහට පලයන්... සුබ පැතුම්.
බුදු සරණයි උඹට.
(උඹ කිව්වට තරහා වෙන්න එපා. බොක්කෙන්ම කියන කොට එහෙම තමයි.)
ලැබුනු සම්මානය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්... ඇත්තටම මම සිංහල Blog කියවන්න පටන් අරන් තවම සතියක් විතර වෙන්නේ. සිංහලෙන් Blog තියෙනවා කියලවත් දැනගෙන හිටියෙ නැති මම මේ සතියට සෑහෙන Blog ප්‍රමාණයක් කියවලා තියෙනවා. ඒ අතරින් මම කියවපු හරවත්ම සහ සාරවත්ම Blog එක මේක කියලා මට බය නැතුව කියන්න පුලුවන්(තවම කියවලා ඉවර නැති උනත්). ඒ වගේම රසවත් කමෙනුත් අඩුවක් නෑ. මමත් කාලයක් තිස්සේ IT ඉගෙනගත්තට Linux සම්බන්ධව ගත්තොත් මගෙ දැනුම තිබුනෙ බින්දුවේ (ඒකට වෙන වචනයක් නෑ). Linux ගැන යමක් ඉගෙනගත්තනම් ඒකේ ගෞරවය එන්න ඔනේ තනිකරම මේ Blog එකට ඒ කියන්නෙ උඹට. මම දිගටම ලියාගෙන ගියොත් මේක comment එකක් නොවී Blog post එකක් වගේ වෙයි, ඒ නිසා එහනම් මම නැවතුනා. දිගටම ලියපන් මල්ලි.. උඹට ජය....
ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන්, සුභ පැතීම වෙනුවෙන් සියළුම දෙනාට මගේ අවංක ස්තුතිය!
ප්‍රතිචාර වලට උත්තර නොදී පැත්තකට වෙලා බලාගෙන හිටියේ හේතුවක් ඇතිවයි. ඒ මම ලියපු බ්ලොග් සටහනකට එන ප්‍රතිචාර ගණන ශුද්ධ ලෙසම අර්ධ ශතකය ලැබීම දකින්න හීනියට හිතේ ලියලපු ආසාවක් නිසයි. ඔන්න දැං ඒකත් ඉෂ්ඨ වුණා. :-)
කමෙන්ට් කීපයකට උත්තර දෙන්නම් (නැත්තම් මේක තව මාගලක් තරම් දික් වෙයි).. අනිත් අය අමනාප වෙන්න එපා.. :-)
@කතන්දර කාරයා,
ඔබතුමාගෙ ජයග්‍රහණයටත් සුභ පැතුම්! එක්සෙල් ලෝකේ අපි හමු වුණා නොවැ...
@කණියා,
මොන සල්ලිද බං? නියම රාජකීය ලීලාව. :D
@Chanaka Aruna Munasinghe,
පූසෙන්ගෙ පැටිකිරියම වෙලාවක දිගඅරින්නයි ඉන්නේ. (මේකත් කතන්දර වගේ බ්ලොග් එකක් වෙයිද දන්නෑ. :P)
@Pubudu Sandaruwan,
මගේ පරණ ලිපි සහ අළුත් ලිපි සංසන්දනය කරල බලන්න. මම හිතන්නේ මම දැන් ඉස්සරට වඩා මධ්‍යස්ථයි මේ කාරණාව සම්බන්ධයෙන්. තෑගිත් එක්ක තිබුණු Windows 7 ටී ෂර්ට් එක ඇඳගෙන මම පාරේ එහෙම යනවා.. FOSS බුවෙක් වුණාට. ;)
මම FOSS සම්බන්ධයෙන් ලියන ලිපි විවේචනය කරන්න කියලා ඔබට සුහද ආරාධනාවකුත් කරනවා. (මඩ සහ සත්තුන්ගේ නම් වලින් තොර සංවාද)
@Thejan,
අනේ... සමාව ඉල්ලන්නත් දෙයක්ද? :) ලාංකීය සිතුවිලි කියවන ඕනෙම කෙනෙකුට පැහැදිලි වෙනවා කියන්න ඕනෙ දේ බොක්කෙන්ම සහ තිතටම කියන කෙනෙක් කියලා.
@Nishacharaya,
මමත් නිශාචරයෙක් තමා! ඔය දේවල් සියල්ල තනිව අත්හදා බලා ඉගෙන ගත්තේ රාත්‍රී කාලයේ. නිශාචරයගෙ වචන වලින්ම කියනව නම් දවසේ හොඳම කාලය. ඉදිරියටත් මම ලියන දේ කියවන්න. මම වැඩියෙන් උනන්දු මම ඉගෙනගන්න දේ සමාජයේ යහපත වෙනුවෙන් සටහන් කර තියන්නයි.
නැවතත් කියනවා, හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි!
ඉදිරියටත් මම ලියන දේ කියවන්න, ප්‍රතිචාර සටහනක් මෙහි තබා යන්න. :)
Post a Comment
මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.
ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!