Tuesday, October 6, 2009

෴ ශාකුන්තලගේ සිය plus වස් සමරුව ෴



ආයුබෝවන්
මෙය මගේ පළමු බ්ලොග් සටහන නොවෙයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකහමාරකට ඉහතදී. බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. බ්ලොග් ලිවීම මට ඒ දවස් වලම එපා වුණේ කඩ්ඩෙන් ලි‍යන බ්ලොග් අපේ කවුරුවත් කියවන බවට විශ්වාසයක් නොතිබුණු නිසා.
දැන් මම UCSC එකේ දෙවන වසර ශිෂ්‍යයෙක් (BICT). අප දියත් කළ UCSC LODGE වෙබ් අඩවිය (http://www.ucsclodge.lk) නිසා බ්ලොග් ලියන්නන් අතරට මම නැවත පිවිසුණා. නමුත් බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. එයට හේතුව ‍දමිළ අය අතරටත් මගේ බ්ලොග් එක ගෙනියන්න. නමුත් Ubuntu වල සිංහල භාවිත කරන ආකාරය ගැන මම සිංහලෙන් ලියපු බ්ලොග් සටහනෙන් පස්සෙ මට හිතුණා සිංහලෙන් බ්ලොග් ලිවීම දිගටම කරගෙන යන්න.
ඒ නිසා shaakunthala.blogspot.com හි තිබුණු සියළු ඉංග්‍රීසි බ්ලොග් සටහන් මකා දමලා මේ අඩවිය සර්ව සම්පූර්ණ ශුද්ධ සිංහල බ්ලොග් අඩවියක් බවට පත් කළා. මගේ UCSC LODGE බ්ලොග් එක http://www.ucsclodge.lk/blogs/shaakunthala වෙත පිවිස කියවන්න පුළුවන්.

ඉතින් සිංහල බ්ලොග් මිතුරනි, සිංහල බ්ලොග්කරුවන් වෙත පිවිසීමට මට අවසර...

~ ශාකුන්තල ~

ඔය තියෙන්නේ මම හරියටම මීට අවුරුද්දකට කලින් මේ බ්ලොග් අඩවිය ආරම්භ කරද්දි, 2008 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා හවස 5.02 ට අන්තර්ජාලයට නිදහස් කළ පළවෙනි බ්ලොග් සටහනේ සම්පූර්ණ අන්තර්ගතය. හරියටම හවස 5.02ට කිව්වෙ නැකැත් බලල එහෙම නෙමෙයි. ;) මට හිතුණු වෙලාවට ලිව්වා - පළ කළා! ඒක හරිම සුන්දර අත්දැකීමක්. සිංහල බ්ලොග් කියවනයටත් එකතු කරලා දවස ගානෙ පෝස්ට් දැම්මා... ටික කලකට පස්සෙ කොත්තුවටත් එකතු කළා. හැබැයි ලිව්වේ නිකං වල් පල්.. වැඩකට ඇති දෙයක් නෙමෙයි.

මුල්ම පෝස්ට් එක ලියලා දවස් තුනකට පස්සෙ comment එකක් එනවා සු෴ අක්කගෙන්;

සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා.. ශාකුන්තල..කවුද නම තිබ්බේ..?

කොහොම වුණත් නමේ හැටියට ලිවීමත් ඇති නේද ? ;-)

දිගටම ලියන්න ! ජය !

දවස් තුනක් තිස්සෙ දිගටම ලියනවද නැද්ද කියලා හිත හිතා දෙගිඩියාවෙන් කරපු බ්ලොග් ලිවිල්ලට ජවයක් ආවා ඒ පොඩි comment එකෙන්. මම ලියන දේවල් වලට comment නැතත් අනිත් අය කියවනව කියල දැනගන්න ලැබීම ලොකු තල්ලුවක්. ඇත්තම කිව්වොත් මුලින් මම comment බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් එදා එහෙම පොඩියට පටන් ගත්ත බ්ලොග් එකට අද වෙනකොට බලාපොරොත්තු වුණාටත් වඩා පිරිසක් ඇවිත් එක් රොක් වෙලා. :)

ඉතින් අද මේ ලියමන ලියැවෙන්නෙ මගේ බ්ලොග් එකේ වැදගත් සංධිස්ථාන දෙකක් සමරන්න... එකක් පළවෙනි උපන්දිනය... දෙවැන්න ශතකය.
අවුරුද්දයි -- සිංහල බ්ලොග් ලිපි 100 යි. 
ඒකට තමයි ශාකුන්තලගේ සිය + වස් සමරුව කියන්නේ...
කෝමද වැඩේ...? දෙකම එක දවසේ!! :)

එදාට වඩා අද වෙනකොට ජීවිතේට ගොඩක් දේ එකතු වෙලා... කාර්ය බහුල වෙලා. බ්ලොග් ලියන එකෙන් එක එක විධියෙ අය අඳුනගන්න ලැබුණා. සමහර අයගෙන් උදව් ගත්තා... සමහර අයට උදව් කළා. සමහර අය මාත් එක්ක දිගටම හිටියා... සමහරු අමනාප වුණා. ඒ අතරෙ සමහර දේවල් ගැන කතා කරන්න ගිහින් නැති කරදර වලත් පැටළුණේ නැත්තේ...ම නොවේ! ;)

එදා බ්ලොග් ලිවීම පටන් ගත්තෙ මගේ වටේ සිද්ධ වෙන එක එක විකාර ලියන්න. ඒත් ලැබෙන ප්‍රතිචාර වලින් ටික ටික සීරුමාරු වෙලා අද වෙද්දි කෙනෙකුට කියවා යම් දෙයක් ලබා ගන්න පුළුවන් බ්ලොග් අඩවියක් බවට ශාකුන්තලගේ සටහන් පොත පත් වෙලා.

ඉතින් තව වැදගත් දෙයක් තියෙනවා... I DNT HATE MOZILLA BUT USE IE OR ELSE... - මේකට ආපු ප්‍රතිචාර වලින් තමයි මට මගේ ටියුන් එක මුලින්ම අහු වුණේ. ඒක ගැන නම් කියන්නෙ නැතුවම බැහැ. පරණ ලිපි දිහා බලනකොට හිනාත් එනවා... මොනවද මං මේ ලියල තියෙන දේවල්? :D :-O :D

බ්ලොග් ලිවීම හරහා මට ඇති වුණු වැදගත්ම පුරුද්ද කියවීම. බ්ලොග් එකක් කිව්වාම ඕනම දෙයක් නිදහසේ ලියන්න පුළුවන් තමයි. ඒත් වගකීමකින් තොර ප්‍රකාශ කරන්න ගියොත් දවස් දෙකෙන් වැඩේ දෙල් වෙනවා. අන්තිමේ මැස්සෙක්වත් එන්නෙ නෑ බ්ලොග් එක පැත්ත පළාතෙ ;) . ඒ නිසා ඕනම දෙයක් බ්ලොග් එකේ ලියන්න කලින් කියවන්න / අත්හදා බලන්න මම පුරුදු වුණා.

මේ වෙනකොට මගේ බ්ලොග් එක කියවන්නත් මම බලාපොරොත්තු වුණාට වඩා වැඩි පිරිසක් එකතු වෙලා. සිංහල බ්ලොග් කියවනය නිතර ඇසුරු කරන අය, කැම්පස් එකේ යාළුවො, විද්‍යුත් තැපෑල හරහා කියවන අය සහ අහම්බෙන් සෙට් වෙච්ච අය. ඉතින් එක එක විධියෙ ප්‍රතිචාර එනවා... ප්‍රතිචාර කියන්නෙ බ්ලොග් එකේ comment යටතෙ පළ වෙන ඒව විතරක්ම නෙමෙයි... ඒ හැම එකක්ම දකිද්දි හරිම සතුටුයි. සමහර දවස් වල මම දකිනවා කැම්පස් එකේ සමහර බැචාලා ගමේ යනකොට flash drive වලට මගේ ලිපි save කරගෙන යනවා... සමහරු feedburner ඊමේල් එකට reply එවනවා... සමහරු උදේට ගුඩ් මෝනිං එකත් එක්ක මතක් කරන්නෙ මගේ බ්ලොග් පෝස්ට් එක. ඒ වගේ දේවල් දැක්කාම හිතේ ඇති වෙන්නෙ බොහොම අවංක සතුටක්. මොකද මම ලියන දේවලින් කවුරුවත් ලේ කෝප කරගන්නෙ නැතුව යමක් විඳිනවා කියල මට හිතෙන නිසා.

ප්‍රතිචාර නිසා ලියන්න අළුත් මාතෘකා ලැබුණා... නොදන්න දේ දැනගන්න ලැබුණා... ලිවීම දිගටම කරගෙන යන්න හොඳ තල්ලුවකුත් ලැබුණා. ඒ විතරක් නෙමෙයි... අට-ලෝ දහමට අනුව ජීවිතය හදා ගන්න බ්ලොග් අවකාශය හොඳ පාඩම් කියා දෙන තැනක් බවත් මම තේරුම් ගත්තා.. පැසසුම් විතරක්ම නෙමෙයි... නින්දා.. අපහාසත් එනවා... ඒවට මුහුණදෙන්න ඉගෙනගත්තෙ මේ බ්ලොග් ලිවිල්ලෙන්ම තමයි. සමහර අය මම යන ගමන් මග වෙනස් කරන්න වලි කෑවා (මගේ ස්වභාවයෙන්ම තියෙන මුරණ්ඩු ගතිය නිසා ඒ අයට මගේ ලිවීම් රටාවෙ කිසි වෙනසක් ඇති කරන්න බැරි වුණා :) ). බ්ලොග් ලිවිල්ලත් නිසා මට හොඳ අවස්ථාවනුත් ලැබුණා... ඒව ගැන මෙතන කියන්න ගියොත් සමරන්න වෙලාවක් නැති වෙයි.... ඒ නිසා මෙන්න මේ රොක් සිංදුවත් අහගෙනම මගේ බ්ලොග් එකේ උපන්දිනේට සෙට් වෙමු... රොක් සංගීතය මගේ ප්‍රියතමය නේ... \m/ \m/


ඉතින් කාර්ය බහුලත්වය නිසා අදින් පස්සෙ පොඩි විවේකයක් ගන්න කල්පනා කළා. බොහෝ විට මගේ බ්ලොග් ලිවිල්ල මාස එකහමාරකට එක පෝස්ට් එකක් විතර වෙනකම් අඩු වෙයි... හැබැයි... සක්කරයා තියා වයිමා කිව්වත්.... බ්ලොග් ලිවීම නවත්තන්නේ නම් නැත. :) (මේක අර කොණ්ඩෙ කපපු සිද්ධිය වගෙ නෙමෙයි :P ) ටයිප් කරන්න ඇඟිලි තුඩු පණ තියෙනකම් බ්ලොග් එක දිගටම කරගෙන යනවා... :)

ඉතින්, මම මේ වෙලාවෙ විශේෂයෙන්ම ස්තුති කරනවා නන් අයුරින් සහය දීපු හැම දෙනාටමත් (ඒකත් දිග ලිස්ට් එකක් ;) ), ශාකුන්තලගේ සටහන් පොත එක්ක රැඳී ඉන්න හැම දෙනාටමත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්෴

ආයුබෝ වේවා....෴

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

44 අදහස්:

සඳුන් said...

සුභ උපන් දිනක් වේවා!
ඒ වගේම මේ බ්ලොග් සටහන දිගටම කරගෙන යන්න අයියට වාසනාව,ශක්තිය‍‍,ධෛර්ය ලැබේවා!
මම මේ බ්ලොග් එක නොවරදවාම කියවනවා.ඒත් අද තමයි පළමු වතාවට comment එකක් දාන්න ඕන කියල හිතුනෙ.මම වගේ comment නොදා කියවන අය ගොඩක් ඇති මෙහේ.අපි නොදන්න දේවල් දැනගන්න අපිට මේ සටහන ගොඩක් වැදගත්...
ඔයාට ගොඩක් පින්.

Kanishka | කණියා said...

එල මචෝ..... ඔන්න මගෙනුත් සුබ පැතුම්... චිරාත් කාලයක් වැජඹේවා :P

dilanrf said...

සුබ සිය + වස් සමරුවක් වේවා මචන් :) මාත් වැඩිය කමෙන්ට් දාලා නම් නෑ ,ඒත් බ්ලොග් එකේ නිත්‍ය පාඨකයෙක් :) සුබ පැතුම් , දිගටම ලියාගෙන යන්න :)

Anonymous said...

තව තවත් අනුන්ව පච කර තමන් පොර වීමට සුභාසිරි!!!

chathuraw said...

මගෙනුත් සුභ පැතුම් උඹට... ඔහොම යං.... :)

MANJU said...

සුභ පැතුම් අයියේ.....,....

සුදු මහත්තයා said...

එල එල. මගෙනුත් සුභ පැතුම්. පුළුවන් හැමවෙලාවකම අලුත් යමක් ලියන්න ශක්තිය ලැබේවා ,.... !

Anju said...

subha pathum..!!!!

සසික නානායක්කාර said...

නියමයි..ඔන්න මමත් සුභ පැතුවා...!දිගටම ලියන්න අපි දිගටම කියවනවා.

Uraj Deemantha said...

ඔයා මාරයිනේ...... :P එළ එළ ඔහොම යන් ඔහොම යන්..... :)

Thilina said...

එළ එළ..... සුභ පැතුම්, දිගටම ලියමු. ජය....

මධුශංඛ රහත්නසේකර said...

ඇත්තටම මමත් දාන පළමු comment එක හැබැයි ඔයාගේ ලිපි නම් නොවරදවාම කියවනවා. ඔයාගේ සියවස් සැමරුමට හද වතින්ම සුභ පතනවා. ඒ වගේම ඔබගේ මෙවැනි ලිපි ලිවීමේ හැකියාව තව තවත් වැඩිවේවා!හදවතින්ම සුභපතනවා.

udara said...

elaa machan :)

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මගේ බ්ලොග් කෙරුවාවෙ පූර්වාදර්ශය දුන්නෙ ඔයානෙ. බොහොම ස්තූතියි. ඒ වගේම සුභ පැතුම්. අපි තව හොඳි ලිපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

Chanaka Aruna Munasinghe said...

මකර අධිරාජයාගෙන් ගින්දර සහිතව උණුසුම් සුභපැතුම්

ඉසුරු said...

අයියෙ අපි කොමෙන්ට් නොදා මෙහෙ කොච්චර අවිත් යන්න ඇතිද
සුභ පැතුම්, දිගටම ලියන්න. ජය....

පැතා said...

එල එල ඔහොම යං!

මාස්ටර් said...

ඔය ආව වගේ තව දුර යන්න මගෙන් සුභ පැතුම්

Lazyowl said...

All the best, buddy. I know, a comment like this won't make much difference, considering the no. of fans you have. But, it does make a difference to me,if I don't, by being mostly a passive visitor, I always learned something from you.

Keep up the good work, Mate

kawshalatec said...

GREAT!!!! BEST WISHES FOR THE FUTURE...... KEEP THIS UP.....

NamalDanushka said...

මමත් අනිවාරයෙන් බලන blog එකක්...ඔබට මගෙන් හද පිරි සුභපැතුම්...දිගටම කරගෙන යන්න......Posts අඩු කරන්න යන එක ගැන නම් දුකකි....පුලුවන් හැම වෙලාවෙම post එකක් දාන්න අමතක කරන්න එපා....

Para said...

සුබපැතුම් W3Lanka වෙතින්

රනා said...

එළ.සුබ පතනවා.

ජය වේවා...

Charith Weerakkody said...

දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම්!!!!

මට මතක හැටියට මම මුලින්ම සිංහල බ්ලොග් එකකට comment 1ක් දැම්මෙ මේ බ්ලොග් එකේ.kuppiya.com ගැන ලිව්ව post එකකට.හැබැයි ලිව්වෙ ඉංග්‍රීසියෙන්.ඒ කාලෙ සිංහල යුනිකෝඩ් ගැන දැන ගෙන හිටපු නැති නිසා.

මීට මාස 4කට, 5කට විතර කලින් මම කථා කලා නේද, වෙන එකෙක්ව සකුන්තලා කියල බයිට් කරල.

gani01 said...

Ela Macho.

ධනික | Dhanika said...

සුභම සුභ උපන්දිනයක් වේවා!
තව තවත් හොද blog posts ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා!!!

නිලන්‍ත said...

ජයවේවා....!

මනුශාන් said...

පරක්කු වෙලා දැක්කේ අයියේ බ්ලොග් එකට සුබ උපන්දිනයක් වේවා
අයියට සුබ පැතුම් දිගටම කරගෙන යන්න

දුකා said...

මගේත් හර්ද්‍යාංගම සුභ පැතුම් පිලිගන්න . .. . ඔබට ජය . . . !

Supun Sudaraka said...

එළ එළ! ජය වේවා!

Sampath Amarakoon said...

සුභම සුභ උපන්දිනයක් වේවා! හෑමදාම මේ වගේ අලුත් දෙයක් කරන්න.

änthräX said...

බොකකෙන්ම සුබපතන්වා. අම්බාන්ක් ලිපි ලියන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා.

දර්ශන4it said...

සුභම සුභ උපන් දිනයක් වේවා!!!!
ඉදිරියටත් තව තවත් හොද ලිපි ලියන්නට ශක්තිය ලැබේවා!!!!

පරක්කුවෙලා ආවට සොරි හොදේ....

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

ලොක්කා.. පරක්කු උනාට සමාවෙන්නෝනැ.. අද තමා මේ සතියෙම බ්ලොග් ටික කියවන්න ගත්තේ...

මගෙනුත් සුබ පැතුම් පිලිගන්න... දිගටම ලියපං.. අඩුගානෙ සතියකට එකක්වත් ලියන්න බලපං හොඳේ.... :)

Duminda said...

සොයුර ඔබට ජය පතමී.දීගටම ලියන්න.

malee_msg said...

ane mama late da manda.... Congratzzz Shakunthalooo + thanx hode mata karapu karana udaw walata ;-)

Duminda said...

ඇත්තටම බොහොම සතු‍ටුයි සහෝදරයා.මමත් මුලින්ම ඔය සහෝදරයාගේ සිංහල බ්ලොගය දැක්කේ අහම්බෙන්.ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී තමයි මම මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ.එහිදී මා නොදැනුවත්වම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට ලියාපදිංචි වුනා.තේරුමක් ඇතුව නෙවෙයි ලියාපදිංචිවුනේ.පස්සේ මගේ විද්යුත් තැපෑලට ලැබෙන ලිපි මගින් තමයි සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ මිතුරන් මුණ ගැසුනේ.ශාකුන්තල සහෝදරයාත් එහෙම මුණගැසුන කෙනෙක් .ශාකුන්තල සහෝදරයාට මම සුබ පතනවා.ඔබේ රචනා ශෛලිය හොඳයි.හැමෝටම තේරෙන විදියට තමාගේම ක්‍රමයකට ලියනවා.දිගටම ලියන්න.සදා ජය පතනවා..!

(ලංකාවේ මිනිස්සු තාක්ෂණයට බයයි කියල දැනට අවුරුදු කීපයකට කලින් ලංකාවේ ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික විද්වතෙකු කියපු කතාව ඔය සහෝදරයා නැති කරපු එකට ගොඩාක්ම ස්තූති වෙන්න ඕන.)

neon said...

පරක්කු වෙලා දැක්කේ අයියේ !

ශාකුන්තලගේ සටහන් පොතට තව තවත් හොද ලිපි ලියන්නට ශක්තිය ලැබේවා!!!!

තමීර said...

හෆොයි මේක අදයි දැක්කෙ! පරක්කුවුණාට සොරි!
සුබ පැතුම් මචං! දිගටම ලියන්න අපෙනුත් ගට!

ශාකුන්තල said...

මගේ බ්ලොග් පාටියට ඇවිත් සුභ පැතූ හැම දෙනාටම ස්තුතියි... ඉස්සරහටත් මං ලියන අනං මනං කියවන්න. :)

ඒ වගේම ඔබ හැම දෙනාටම අළුත් යමක් හිතන්න... ලියන්න හැකියාව ඉදිරියටත් එලෙසින්ම පවතීවා කියල පතනවා.

Anonymous said...

comment feed එකක් දානවනම් අපට ලේසියි

Anonymous said...

හරි feed එක සොයා ගත්තා

ටිලාන්ත ගුණතිලක said...

සුභ පැතුම් යාලුවේ. හම්මෝ ගොඩාක්ම පරක්කු වුණා නොව සුභ පතන්න. මම දැක්කේ අද බ්ලොග් කෙරුවාව ආයෙත් රිෆ්‍රෙෂ් වුණේ මේ ලඟදි ඉඳලා. :)

ශාකුන්තල said...

@ටිලාන්ත,
ස්තුතියි මචං. :)
ලිවීම නවත්තන්න එපා.... පරණ comment ටිකක් කියෙව්වාම ඔනවටත් වඩා refresh වෙයි කියලයි සිතැඟි බ්ලොග් එක ලියන කුෂාන් කියන්නේ.. :P

Post a Comment

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!

හතරවටේටම ඇහෙන්න කියන්න..!