Monday, October 6, 2008

ඉතින් ආයුබෝවන් මිතුරනි..!

ආයුබෝවන්
මෙය මගේ පළමු බ්ලොග් සටහන නොවෙයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකහමාරකට ඉහතදී. බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. බ්ලොග් ලිවීම මට ඒ දවස් වලම එපා වුණේ කඩ්ඩෙන් ලි‍යන බ්ලොග් අපේ කවුරුවත් කියවන බවට විශ්වාසයක් නොතිබුණු නිසා.
දැන් මම UCSC එකේ දෙවන වසර ශිෂ්‍යයෙක් (BICT). අප දියත් කළ UCSC LODGE වෙබ් අඩවිය (http://www.ucsclodge.lk) නිසා බ්ලොග් ලියන්නන් අතරට මම නැවත පිවිසුණා. නමුත් බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. එයට හේතුව ‍දමිළ අය අතරටත් මගේ බ්ලොග් එක ගෙනියන්න. නමුත් Ubuntu වල සිංහල භාවිත කරන ආකාරය ගැන මම සිංහලෙන් ලියපු බ්ලොග් සටහනෙන් පස්සෙ මට හිතුණා සිංහලෙන් බ්ලොග් ලිවීම දිගටම කරගෙන යන්න.
ඒ නිසා shaakunthala.blogspot.com හි තිබුණු සියළු ඉංග්‍රීසි බ්ලොග් සටහන් මකා දමලා මේ අඩවිය සර්ව සම්පූර්ණ ශුද්ධ සිංහල බ්ලොග් අඩවියක් බවට පත් කළා. මගේ UCSC LODGE බ්ලොග් එක http://www.ucsclodge.lk/blogs/shaakunthala වෙත පිවිස කියවන්න පුළුවන්.

ඉතින් සිංහල බ්ලොග් මිතුරනි, සිංහල බ්ලොග්කරුවන් වෙත පිවිසීමට මට අවසර...

~ ශාකුන්තල ~

2 comments:

  1. සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා.. ශාකුන්තල..කවුද නම තිබ්බේ..?

    කොහොම වුණත් නමේ හැටියට ලිවීමත් ඇති නේද ? ;)

    දිගටම ලියන්න ! ජය !

    ReplyDelete

Facebook ප්‍රතිචාර