Tuesday, December 22, 2009

සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව


2009 දෙසැම්බර් 19, තවත් එක අපූරු දවසක්. මීට ටික කලකට පෙර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ ගුග්ල් සමූහයේදී ඇති වුණු යෝජනාවක ප්‍රතිපලයක් විධියට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ සුහද හමුවක් (ඇත්තෙන්ම පළවෙනි සුහද හමුව) 19 වෙනි දා කොළඹ Excel World හි පැවැත්වුණා. මේක තවත් ඔන්ලයින් මීටිමක් නෙවෙයි.... හැබැහින් හමු වීමක්. සියළුම සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව නොවුණත්, අන්තර්ජාලය හරහා අදහස් ඇසුරෙන් පමණක් දැන සිටි බොහෝ පිරිසක් දැක හඳුනාගෙන කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. බ්ලොග් ලියන අය විතරක් නෙවෙයි, බ්ලොග් කියවන අපේ පාඨකයින් කීපදෙනෙකුත් මේ සුහද හමුවට සහභාගි වුණා. දවල් 11 සිට හවස 1 දක්වා සිංහල බ්ලොග්කරණය ආශ්‍රිත සාකච්ඡාවක යෙදෙන්න අපට හැකි වුණා. (හැබැයි මං ආවෙ පරක්කු වෙලා :D ) අපේ කතාබහත් 1.20 විතර වෙනකම් ඇදිලා ගියා. ඊට පස්සේ ඉතිං සප්පායම් වෙලා පොඩි ආතල් එකක් ගන්නත් අමතක කළේ නෑ.

පිංතූර තුනක් විතර මෙතන දාන්නම්. Facebook එකේ ඉන්නවනම් ඉතිරි ටිකත් බලන්න පුළුවන් වේවි. ඒ විතරක් ම නෙවෙයි.... ඒවට ආපු මරු comments එක්කම බලන්න පුළුවන්. :D


වසරේ ඇට්ටර බ්ලොග්කරු -- සුපුන් සුදාරක සමඟ
(සුදාරකයා හිටියා පැත්තක -- "මෙහෙ වර" කියලා ඇදලා ගත්තා... මම ම ගත්තා පොටෝ එක! :D )



සමූහ ඡායාරූපය - ඡායාරූපය ගත්ත කෙනා හැර අපි ඔක්කොම මෙතන
ඒකෙත් හැටි!
(ඒ අස්සේ මට ඩැනීගෙන් හදිසි ප්‍රහාරයක්! :D )


සභාව හමුවේ බොහෝම හරවත් කථාවක් කළ කුෂාන් සසංක

ඉතින් එදා දවස බොහොම සුන්දර විධියට ගෙවිලා ගියා. අඩුපාඩුවකට තිබුණේ සංගීත භාණ්ඩ ටිකක්. කොහොම වුණත් අපේ කස්ටියට පරක්කු වෙන නිසා වැඩේ හවස තුනට අවසාන කරන්න සිද්ධ වුණා.

මේ කෙටි සටහන ලිව්වේ ඒ සුහද හමුව වෙනුවෙන්. මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් අඩවි කීපයකම රචකයින් හැබෑවටම හමු වෙලා කතා බහ කරන්න අවස්ථාව ලැබුණා. ගුග්ල් සමූහයෙ කස්ටිය කතා වුණු හැටියට මම නම් හිතුවෙ එක්සෙල් වර්ල්ඩ් ඉඩ මදි වේවි කියල! ඒත් සහභාගීත්වය නම් මදි. සමහරවිට ඒ අයගෙ කාල සටහන් මේ හමුවට හරස් වෙන්න ඇති. කොහොම වුණත්..... එදා නම් අපූරු දවසක්! :-)

මේ ගැන ප්‍රවීන් ඉන්ද්‍රනාම ලියූ සවිස්තර ලිපියක් මෙතැනින් කියවන්න පුළුවන්.

24 අදහස්:

Uraj Deemantha said...

මොනවා කරන්නද..... එන්න බැරි උනා නෙව.... :(

ගයාන් තාරක said...

සමූහ ඡායාරූපයේ දෙන්නෙක් ඉන්නවා හැංගිලා පුලුවන් නම් හොයාගන්න පසුපෙල තමයි නියෝජනය :D

ශාකුන්තල said...

@Uraj,
කමක් නෑ... ලබන සැරේ අපි සෙට් වෙමුකෝ....

@ගයාන් තාරක,
පසුපෙළ හැංගිලා පස්දෙනෙක් විතර ඉන්නවා... හැංගිලා ඉන්න කපල් එකක්ද හොයන්නේ? :P

ඉන්දරේ said...

මං හිතන්නෙ මේ සමූහ ඡායාරූපය රවිමල් ගෙ කැමරාවෙන් මම ගත්ත එකද කොහෙද. ඔය angle එකකින් ගත්තෙ මම තමා. කෝ ඉතිං මම නෑ නෙව ඒකේ :(

පොතේ හැටියට සුපුන් සුදාරක කියන ශිෂ්‍යයා මේ හමුවට ආවෙ නෑ. මිනිහා ඒ වෙලාවේ මැත්ස් ක්ලාස් එකේ ! :D

UD_J said...

bloggers la masekata sarayak wath set wenna oni athal ekata.

ශාකුන්තල said...

@ඉන්දරේ,
ඒකෙන් කමක් නෑනේ... මං උඹේ බ්ලොග් එකට ලින්ක් එකක් දැම්මනේ... ඒකෙ උඹ බබා වගෙ ඉන්නවනේ..... :)

@UD_J,
ඒ මොකො මාසෙකට සැරයක්?

දුකා said...

labana paara ekata wath enna try karannam male . . . !!

ගයන්ත said...

පට්ට දවස..

.::පිස්සා::. said...

@ ගයාන් තාරක- උඹ කියන්නේ අපේ 'සු' & 'බුද්ධික' ඩබල නේද?
හෙ හේ මට හිතුනේ නම් උන් 2න්නා කියලා..


ඒයි ශකූ, මම හිතං හිටියේ උඹ මහා කාඩ, රස්ති පොරක් කියලා නෙව.. ගයන්තත් මේ කයිවාරු ගැහුවාට බබෙක් වගේ අහිංසකයි නේ... ඉන්දරේ & ගයාන් ඇතුලු ඔය අනික් එවුන් නම් මම ටික ටික දන්නවා... ඒත් ඉතිං හැබෑවටම ඊලග අවුරුද්දේ බලමු..
අපි ඊලගට ට්‍රිප් එකකුත් යමු...

ශාකුන්තල said...

@ගයන්ත,
නැතුව නැතුව? කට්ටිය සෙට් වුණාම ලොකු සතුටක් දැනුණේ...

@පිස්සා,
ඒහ්.... මම ගැන උඹ විතරයි ඔහොම හිතල තියෙන්නේ.... :)
වෙන එවුන්ට මගේ නම දැක්කාම මේ ලෝකෙ සිහියක් නෑ.... කෙල්ලෙක් කියල රැවටිල facebook, googla talk එලොව නැති ජාති ඉන්විටේෂන්. :D

ගයන්ත නං තාම පොඩි එකා. හැබැයි මං හිතුවට වඩා ඌ මහතයි. :P

වැප් said...

ලබන පාර අනිව ඒනවා

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

හම්මපා එහෙමත් දවසත්... ආයෙ කතා දෙකක් නෑ පට්ට ආතල්... වෙන වෙන නම් වලින් බ්ලොග් ලියන අය ඇත්තටම දැක ගන්න ලැබුනම මාර ගති... අපරාදේ කොන්ඩේ කැපුවේ... නැත්නම් ඔය තුන් වැනි ෆොටෝ එක තවත් අර්ථ ගන්වන්න තිබ්බා අපි දෙන්නට ;-) ඉන්ඩස්ට්‍රියල් ඉවර වුනාම ආපහු වවමු...

ඩනිෂ්ක said...

කීයක් හරි දියන් ඒ පොටෝ එකෙ විතරයි හරියට හිනාවෙලා ඉන්නේ?
දත කට පූට්ටු කරන්නේ රාලහාමි හිටියේ ;-)

malee_msg said...

ආයේ එකක් තියමු හොදේ.. ඒකට නම් මං එන එක එනවා මයි..

ශාකුන්තල said...

@වැප්, malee_msg,
Google Group එකේ ගිය thread එකෙත් හිටිය කටින් බතල කොළ හිටවපු ගොඩා.....ක්. ලබන පාර වත් එන්න. :-)

@කුෂාන්,
ඔව් ඔව්, කතන්දර කාරයයි අක්කණ්ඩියි දැකගන්න ලැබුණු එක ලොකු දෙයක්. කවුරුත් ආසාවෙන් කියවන රස වෑහෙන බ්ලොග් නොවැ.

කොණ්ඩෙ වවන එකට ෆියොන්සේ ලෙඩක් දැම්මෙ නැද්ද? :P

@ඩනිෂ්ක,
හිනාව කෙසේ වෙතත් අනපේක්ෂිත වෙලාවෙ ගත්ත ෂොට් එක මරු. ටැංකුයි කිව්වා ඕං!

බුද්ධික said...

apoi mata end sem eka haras una nowa :(

කணிshක Hennayake said...

අපිත් මේ පොටෝ එක පේන්න නෑ නේ... කමක් නෑ කමක් නෑ ... කට්ටියම සෙට් උනානේ... :

ෆා ද බ්ලොගී said...

අනේ අනික් පාර නම් සක්කරය කිවුවත් නෑවිත් ඉන්නෑ

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

@ශාකු-- නැහැ නෙවැ...

ශාකුන්තල said...

හරීම හොඳ ෆියොන්සේ කෙනෙක්... :P

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

ඒකනේ කියන්නේ...

ශාකුන්තල said...

ඕක කාගෙන්වත් අවසර ගන්න ඕනෙ දෙයක් ද? :P පටන් ගන්න -- ලියන්න. උදව්වක් ඕනෙ නම් කියන්න... උදව් කරන්න ඉන්නව සෙට් එකක්ම... සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදය කියන්නෙ ඒකට තමයි.

ජයනි said...

අපි තාම පටන් ගත්තා විතරයි වැඩෙ.ලබන පාර වත් ඒන්න බලන්නම්

ශාකුන්තල said...

ආයුබෝ.... ආයුබෝ.... පටන් ගත්ත වැඩේ... වැහි කිරිල්ලී කියවන ගමන් මේ... :)

ඊළඟ පාර එමුකෝ.... :D

Post a Comment

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!