අද සටහනත් වෙන් වෙන්නෙ පරිගණක පිළිබඳ සාපේක්ෂව අඩු හෝ සාමාන්‍ය දැනුමක් තියෙන අය වෙනුවෙන්.අපි පාවිච්චි කරන පරිගණක මෘදුකාංග අපට ලැබු€ණෙ කොහොමද? Software CD ටික ඉල්ලගන්නව යාළුවෙක්ගෙන් - නැත්තම් ඕනම CD එකක් රුපියල් 80ත් 200ත් අතර මුදලකට ගන්නවා - නැත්තම් Pirate Bay පිහිටෙන් - එහෙමත් නැත්තම් කාට හරි කියනව තමන්ගෙ පරිගණකයෙ මෘදුකාංග ටික ස්ථාපනය කරල දෙන්න කියල. මේ එක වෙලාවකවත් මේ වැඩේ නීත්‍යානුකූල බව ගැන හෙව්වද? දැන ගත්තත් ඒ ගැන අපි තැකීමක් කරනවද?
ඔන්න කොහෙන් හරි ගේනව Windows XP තැටියක්. ගෙනත් install කරනව. ටිකකින් මොකක්ද ඉංග්‍රීසියෙන් ලියපු වැල්වටාරමක් එනව. මොකද කරන්නෙ - ඔබනව F8. තමන්ගෙ සියළු චංචල - නිශ්චල දේපල Microsoft එකට පවරනව කියල තිබුණත් දන්නෑ. කියවන්නෙ නැහැනෙ අපේ අය.
හරි. දැන් එමු මාතෘකාවට. මම කිව්ව ඉංග්‍රීසි වැල්වටාරම කී දෙනෙක් සම්පූර්ණයෙන් කියවල තියෙනවද? මම නම් කියෙව්වා.
කියවල නැත්තම් මෙතනින් කියවන්න [Windows XP, PDF]. eula.txt කියෙව්වම තේරුම් ගන්න පුළුවන් Microsoft ආයතනය Windows භාවිත කරන්නාට කොතරම් සීමා පනවල තියෙනවද කියල.
තමන්ට අවශ්‍ය විධියට වෙනස් කරගන්න බෑ. එක පරිගණකයක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. Decompile - ඒ කියන්නෙ වින්ඩෝස් ගොනු නැවත මූල කේත වලට හැරවීම (අඩුගානේ ආසාවට බලන්නවත්) සපුරා තහනම්. "The Product may not be used by more than two (2) processors at any one time on any single Workstation Computer" - මේ ගැන මොකද හිතන්නෙ? මේ වගේ කොන්දේසි රාශියකට අපව යටත් කරල තමයි ඔවුන් අපට මෘදුකාංග පාවිච්චි කරන්න දෙන්නෙ.
අනවසර පිටපත් පාවිච්චිය හා ළග තබා ගැනීම වැරදි වුණත් අනවසර පිටපතක් පාවිච්චි කරන කෙනාට ඕව වැදගත් නැහැනේ. දැන් බලමු නියමිත මුදල ගෙවල තමන්ගෙ පිටපත ලබාගන්න අය දිහා. ගෙවන මුදලත් එක්ක සංසන්දනය කරල හිතන්න මේ EULA (End User's License Agreement) එක කොයි තරම් දුරට සාධාරණද කියා. Microsoft පමණක් නොව අප එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංග බොහොමයක සත්‍ය තත්වය ඕකයි.
මගේ මතය තමයි මෘදුකාංග තමන්ට රිසි පරිද්දෙන් පාවිච්චි කිරීමේ නිදහස තිබිය යුතුයි කියන එක. මේක කවුරුවත් තෙල ගහල මගේ ඔළුවට ඇතුළු කරපු එකක් නෙවෙයි. හැබැයි විවිධ පුද්ගලයන් විසින් කළ දැනුවත් කිරීම් විවෘතව විමසා බලා හිතට ගත් දෙයක්. මම නිදහස උපරිමයෙන් අගයන්නෙක්.
මෙන්න නිදහස බලෙන් විඳීම (සංස්කරණය කළ logonui.exe):මෙහි තිබූ තිර රූපසටහන ඉවත් කරන ලදී.
---
කොන්දේසි වලට හිර වෙන්න අකමැති නම්??? මෙන්න විසඳුම...
නිදහස් හා විවෘත මෘදුකාංග හෙවත් Free and Open Source Softwareනිදහස් (Free): පිටපත් කිරීම, සංස්කරණය කිරීම හා නැවත බෙදා හැරීම සඳහා නිදහස්
විවෘත (Open) : මූලය විවෘතයි. මෘදුකාංග සමග එහි මූල කේත (source code) ලබා ගත හැකියි
Ubuntu, Mozilla Firefox, Audacity මේ අතරින් කීපයක්. මදක් සිතා බලන්න, මේ නිදහස කෙතරම් අගනේද කියා...
මේ මෘදුකාංග වලත් license හෙවත් බලපත්‍ර ක්‍රමයක් තිබෙනවා. ඒ සඳහා විවිධ හේතු තිබෙනවා. BSD License, GNU General Public License, Apache License මේ අතරින් කීපයක්.
මම වැඩිපුර දැකල තියෙන්නෙ GNU/GPL යටතෙ දෙන නිදහස් හා විවෘත මෘදුකාංග. ඒ නිසා මම
GNU/GPL වැඩිපුර උනන්දුයි. මම ඉදිරියෙදි GNU/GPL ගැන සටහනක් තියන්නම්.
GNU: GNU's Not Unix
GPL: General Public License
දැන් නවත්තන්නෙ නිදිමත නිසා... ප්‍රශ්න තියෙනව නම්/ මම වැරදි දෙයක් කියල නම් comment එකක් දාන්න.෴