මීට කලකට පෙර නම් මේ විධාන පෙළ අතුරුමුහුණත පාවිච්චිය දැන සිටීම ලිනක්ස් පාවිච්චියෙදි අත්‍යාවශ්‍ය සාධකයක්ව තිබුණා. මගේ විශ්වාසයේ හැටියට දැන් කාලේ නම් සාමාන්‍ය පරිශීලකයෙකුට මෙය දැන සිටීම අනිවාර්ය නැහැ. ඒත් ලිනක්ස් පාවිච්චියෙදි හොඳ user experience එකක් ලබා ගන්නට නම් මේ විධාන පෙළ අතුරුමුහුණත ගැන දැන සිටීම වැදගත් වෙනවා. විධාන අතුරුමුහුණත පුරුදු වුණාට පසු ඔබට දැනේවි එය චිත්‍රක අතුරුමුහුණතකට වඩා වේගවත්ව පාවිච්චි කරන්න පුළුවන් බව.
ලිනක්ස් වල විධාන පෙළ අතුරුමුහුණත (Terminal/අග්‍රය) ගැන, වින්ඩෝස් වල තියෙන Command Prompt එකේ මට්ටමින් හිතන්න එපා. වින්ඩෝස් වල Command Prompt එක මට නම් බැලු බැල්මට පෙනෙන්නෙ පරණ ලොරි කබලක් වගේ. නමුත් ලිනක්ස් Terminal එකට අත හුරු වුණාට පසුව දැනේවි එහි තියෙන පහසු බව. Tab auto complete, suggestions වගේ පහසුකම් ලිනක්ස් terminal එකේ ඇතුළත් කරල තියෙන්නෙ අපේ වෙලාව ඉතිරි කරන්නයි.
ලිනක්ස් ෆෝරම කීපයක් පැත්තෙ සැරිසරද්දි දැක්ක දේ තමයි නවකයො terminal එකට බයයි. ඒවයෙ ප්‍රශ්න වලට පිළිතුරු දෙන අයත් මුලින්ම කියන්නෙ "terminal එකට බය වෙන්න එපා :) " කියන එක. මටත් මගේ බ්ලොග් ලිපි කියවන්නන්ට දෙන්න තියෙන පණිවුඩය ඒකම තමයි. බිය නොවනු -- දැන් මේ ලිපිය කියවනු -- පසුව අත්හදා බලනු! ;)
මුලින්ම terminal prompt එකක තියෙන දේවල් අඳුනගනිමු.
මෙන්න පොඩි උදාහරණයක්:
shaakunthala@shaakunthala-laptop:~/Desktop$
shaakunthala :
පරිශිලක නමshaakunthala-laptop :
පරිගණකයට ලබා දුන් නම~/Desktop :
දැනට අපි වැඩ කරන ඩිරෙක්ටරිය (ෆෝල්ඩරය), ~ සළකුණෙන් නිරූපණය කරන්නේ පරිශීලකගේ home ඩිරෙක්ටරියයි.$ : පරිශීලකගේ බලතල (user previleges) -- මේ ගැන සටහනේ අග හරියේ විස්තර කරල තියෙනවා බය වෙන්න එපා :)
මේ terminal එක පාවිච්චිය හුරු වෙන්න පොඩි ඉඟි ටිකක්:
- නොදන්න command එකක් ගැන දැනගන්න අවශ්‍ය නම් man විධානය යතුරුලියනය කරලා හිස්තැනක් තියලා අවශ්‍ය command එක යතුරුලියනය කර Enter කරන්න. man එකෙන් ඉවත් වෙන්න q යතුරුලියනය කරන්න. man කිව්වෙ මිනිහා නෙමෙයි manual කියන එක. ;)
cp විධානය ගැන දැනගන්න නම්,
man cp
දැන් තවත් මරු වැඩක් කරල බලමු. ඔය man cp කියන එක ගූග්ල්ගෙන් ඇහුවොත්? Google Search එකේ man cp කියල යතුරුලියනය කරල I'm Feeling Lucky ක්ලික් කරල බලන්න.
ලක් එක පට්ට්ට්...ට ම සිරා නේද? :-O
- බොහොමයක් command එක්ක උපකාරක සටහනක් සපයා තිබෙනවා. මෙය කියැවීම සඳහා අදාළ command එක යතුරුලියනය කර හිස්තැනක් තබා --help යතුරුලියනය කර Enter කරන්න.
cp --help
---
- ගොනු/ෆෝල්ඩර වල නම් දිග වැඩි වුණාම ඒවා යතුරුලියනය කරන්න කම්මැලියි වගේ නේද? මෙන්න විසඳුම -- නමේ කොටසක් යතුරුලියනය කරලා Tab යතුර තද කරන්න. ඉතිරිය ඉබේම සම්පූර්ණ වෙයි (autocomplete). එහෙම වෙන්නෙ නැත්තම් තව පාරක් Tab තද කරන්න. දැන් අදාළ වෙන්න පුළුවන් නම් (suggestions) කීපයක්ම පෙන්වයි. මේක පුරුදු වෙන්නත් එක්ක පහත දැක්වෙන උදාහරණය කරල බලන්න.
mkdir shaakunthalasblog (අපේ අත්හදා බැලීම අළුත් folder එකක කරමු ;) )
cd shaakunthalasblog
mkdir my-first-documents my-first-code sourcecode
දැන් my-first-documents, my-first-code හා sourcecode ලෙස folder තුනක් නිර්මාණය වෙලා ඇති.
දැන් autocomplete අත්හදා බලමු. පහත දැක්වෙන පෙළ යතුරුලියනය කරන්න.
cd sourc
දැන් Tab යතුර තද කරන්න. මොකද වෙන්නෙ?
හරි. දැන් ඒ පෙළ මකලා මෙන්න මේ පෙළ යතුරුලියනය කරන්න.
cd my
දැන් Tab යතුර තද කරන්න. මොනවත් වෙන්නෙ නෑ නේද? තවත් වරක් Tab යතුර තද කරන්න. දැන් මොකද වෙන්නෙ? මෙන්න මේ වගේ එකක් පෙන්නයි.
my-first-documents my-first-code
ලේසියි නේද? :)
---
- වර්ණ භාවිතාව ගැනත් බලමු ද? මෙන්න මේ විධානය දීලා බලන්න:
ls
මොනවද පෙන්නන්නෙ? Folder නම් එක පාටකිනුත්, සාමාන්‍ය ගොනු නම් තව පාටකිනුත්, ක්‍රමලේඛ තවත් පාටකිනුත් පෙන්නනවා නේද? වින්ඩෝස් command prompt එකට වඩා terminal එක හොඳ නැද්ද? ;)
---
සාමාන්‍ය පරිශීලක සහ සුපිරි පරිශීලක (normal user and superuser):
වින්ඩෝස් වල දැකල ඇතිනෙ වර්ග කීපයක user accounts තියෙනවා. Administrator, Limited Account, Guest සහ තවත් සැඟවුණු ඒවා තියෙනවා. මේ කතන්දරෙත් එම ම තමා. ජාති කීපයක එවුන්ට එකම මැෂිමෙ වැඩ කරන්න පුළුවන්. :P
ඉතිං... වින්ඩෝස් වල පෙරනිමියෙන් එන බොසා Administrator. ලිනක්ස් වලදි ඒකා root.
මෙහෙම බාධක දාල තියෙන්නෙ පරිගණකයෙ ආරක්ෂාවට. මෘදුකාංග ස්ථාපනය, GRUB මෙනුව සංස්කරණය වගේ 'ලොකු' වැඩ වලට super user mode අත්‍යාවශ්‍යයි.
Terminal එකේදි සාමාන්‍ය පරිශීලක හා සුපිරි පරිශීලක වෙන් තර හඳුනා ගන්නේ prompt එකේ ඇති # හෝ $ සලකුණෙන්. සමහර ලිනක්ස් උපකාරක ලිපි වල සඳහන් විධානවල මුල #/$ සලකුණු දකින්න පුළුවන්. එහි තේරුම අදාළ විධානය එම සලකුණෙන් දැක්වෙන ආකාරයේ පරිශීලක ගිණුමක් යටතේ ක්‍රියා කළ යුතු බවයි.
උදා:
සුපිරි පරිශීලක:
root@shaakunthala-laptop:~#
සාමාන්‍ය පරිශීලක:
shaakunthala@shaakunthala-laptop:~$
තමුන්ගෙ පරිගණකයෙ root ලෙස පිවිසෙන්න කිසි තහනමක් නෑ. ඒකට මෙන්න මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්:
- Switch User - su
su
මෙය පාවිච්චි කරන්න root පරිශීලකගේ මුරපදය ලබා දිය යුතුයි. ඇත්තෙන්ම su තියෙන්නෙ වෙනත් පරිශීලකයෙකු ලෙස terminal එකෙන් පිවිසෙන්නයි. එයට පරිශීලක නමක් ලබා නොදුන්නොත් අපට අවශ්‍ය පරිශීලක root කියා එය මගින් අනුමාන කෙරනවා. exit විධානය ලබාදී superuser mode එකෙන් ඉවත් වෙන්න පුළුවන්.
---
- sudo
sudo [root ලෙස ක්‍රියාත්මක කළ යුතු විධානය]
උදා:
sudo vi /boot/grub/menu.lst
පෙරනිමියෙන් එන සැකසුම් යටතේ මෙය පාවිච්චි කරන්න ඔබේ මුරපදය (root නොවෙයි!!!) ලබා දිය යුතුයි. ඔබ අවසරලත් (මේ අවසර වැඩේ වෙන හැටි මම මෙතන පැහැදිලි කරන්නෙ නැහැ) පරිශීලකයෙක් නම් root ලෙස පිවිසෙන්න පුළුවන්. ලිනක්ස් ස්ථාපනය කළේ තමන් විසින් නම් බය වෙන්න එපා sudo වැඩ. :)
පහත දැක්වෙන විධානය su ආකාරයටම ක්‍රියා කරනවා (මුරපදය ලබා දීම හැර):
sudo bash
---
දැනගත යුතු ලිනක්ස් විධාන:
ලිනක්ස් වල තියෙන හැම විධානයක්ම මතක තියාගන්න ඕන කියනවනම් ඒක විහිළුවක්. ඒත් අඩු තරමින් පහත දැක්වෙන විධාන ලැයිස්තුව ගැන යන්තමින්වත් දැන ගත යුතුයි කියලා මම හිතනවා. ඒකෙ තේරුම කටපාඩම් කරන්න කියන එක නෙමෙයි (කටපාඩම් කරන්න මේක විභාගයක් නෙවෙයිනේ :D ). අත හුරු කරගන්න. ඕනම විධානයක් ගැන වැඩිදුර දැනගන්න ඕනෙ නම් මේ ලිපියේ මුලදි කිව්ව ක්‍රම (man/help) අනුගමනය කරන්න. Google වුණත් අපට හරීම හිතවත්නේ... :P . ඇත්තෙන්ම cp වැනි මා නිතර භාවිතා කරන විධාන වලත් සම්පූර්ණ විස්තරය මට මතක නෑ. මම කරන්නෙ අවශ්‍ය වෙලාවට cp --help යොදලා විස්තරය එවෙලෙට කියවන එකයි. මෙන්න ලැයිස්තුව:
- cd
- mkdir
- rmdir
- rm
- cp
- mv
- ls
- chown
- chmod
- vi
- su
- mount
- umount
- apt-get හෝ yum
- make
ඉතින්... අද සටහනේ හිතුවට වඩා ගොඩක් දේ ලියැවුණා. ගොඩක් ලිව්වා -- ගොඩක් මහන්සියි :-/ . නමුත් කතා කළයුතු මාතෘකා කීපයක්ම ඇදල ගත්තා. තව ලියන්න අවශ්‍ය දෙයක් තියෙනවනම්/ ගැටළු තියෙනවනම් comment එකක් දාන්න... මම උත්තර දෙනවා.
මේක වෙනත් කෙනෙක් ලිව්ව සටහනක කොපියක්වත් අනුවාදයක්වත් නෙවෙයි. නමුත් සමහර තොරතුරු විකිපීඩියා දේවතාවුන්නාන්සේ යැදීමෙන් ලබාගත්ත ඒවා. දේවාලෙ කපුවා වලිගෙ ගිනිගත් නරියෙක්... පඬුරුත් එපාලු. මරු නේද? :D එතකොට යාතිකාව?
මෙන්න යාතිකාව:
GET /wiki/Linux HTTP/1.1
...
..
.
හිතාදර ගීක්වරුනි, දේවතාවා මාර concept එක නේද? :D
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
දෙයියෙක් නෙමෙයි දේවාලයක්...
ReplyDeleteදේවතා කන්සෙප්ට් එක නං එළෑ.. හෙහෙ
අනේ අම්මමප ක්‍රෙඩිට්ස් නැතුවම මගේ බ්ලොග් එකට කොපි කරගන්න හිතෙනව,
බැරිද තව ආටිකල් ටිකක් ලියල දාල අපි වගේ නවකයොංව මඤ්ඤං කොරන්ට?
එල පුතේ එල :)
ReplyDeleteනියම ආටිකල් එකක්. ඇත්තම කිව්වොත් මටත් එපාකරපු වැඩේ තමා terminal එකේ කොටන එක. ඒත් ඉක්මනට පුරුදු වෙන්න ඕනෙ ඒකත්.
අරගන්න - කියවන්න - දැනගන්න - ජයගන්න ! ! !
ReplyDeleteශාකුන්තල ගේ "ලිනක්ස් මුල සරලව" ! :D
හෆෝයි ලිනක්ස් පප්පෙක්නේ.... ටෙස් කරල බලමු. එළ වැඩේ, + thanks
ReplyDeleteඅම්මෝ දෙයියො ම තමා. අහගන්න කෙනෙක් නැතුව හිටියෙ.
ReplyDeleteමං අහන ප්‍රශ්නෙ අදාල නැද්ද මන්ද. මම උබුන්ටු ස්ටූඩියෝ වලට බහින්න ඉන්නේ. ඒක හොදද?
අද බොලොග් එකේ මාර බාසාව.. එළ එළ..
ReplyDelete@සමීර
ReplyDeleteනියමයි මචං කට්ටියට ආස හිතෙන්න දීල තියෙනවා. තව ලිනක්ස් දාපු නැති කෙනෙක්ට පෙන්නන්නත් එක්ක පින්තූර ටිකකුත් දැම්මනම් හරි.
මේකෙ GPL එහෙම කොහොමද කියන්න. කල්ගයාට බ්ලොග් එකට නොදැම්මත් ඕක ඕන වෙනවා.
අග්‍රයෙන් තව බොහෝදේ කරන්න ශාකුන්තලගේ සටහන් පොත බලන්න.
@ඉන්දරේ
බල බල ඉන්න එපා. වේගෙන් වැඩටික කරගන්න ඕන නම් ටමිනල් එකට ගිහින් දැන්ම වැඩ පටන්ගන්න.
ALT+F2 ගහල gnome-terminal කියල යතුරුලියනය කරල එන්ටර් වෙන්න වැඩට.
මම fc11 දාගත්ත. තාම වැඩ බලන්න හම්බුනේ නෑ. ජංජාල ගැටළුවක් නිසා.(fc11 වල නෙවෙයි වින්ඩෝස් වල ගැටලුවක්)
නියමයි, ලිනක්ස් කියන්නේ භයංකර දෙයක්යැයි සිතන අයට මෙන්ම ඕනෑම කෙනෙකුට වැදගත් වෙනවා, දැනට පල වෙන බොහෝ ලිපි ලිනක්ස් වල අතරමැද අංග ගැන ලියන ඒවානේ. ඉතින් "අ" යන්න ඉඳන් ලිනක්ස් කියා දෙන්නට ඔබ දරන උත්සහාය අගනේයි. ලියන්න දිගටම, සුභ පැතුම්!
ReplyDeleteඑල ලිපිය අයියෙ,
ReplyDeleteදිගටම ලියන්න.
බොහොම ස්තුතියි
කියල වැඩක් නෑ අප්පා... එළම තමයි.
ReplyDeleteඑළ එළ ශාකුන්තල ලොක්කා මෘදුකාංග නිදහස් කිරීමේ සටනේ පෙර ගමන් කරුවෙක් වෙන්නයි හදන්නේ. එළ එළ. ඔය වගේ ලිපි ටිකක් මමත් ලියන්නයි හිටියෙ. කොහෙද මේ assignment එක්ක.
ReplyDelete@ගයාන් කල්හාර,
ReplyDeleteඔව් දාමු දාමු. අපේ සිංහල ලිනක්ස් ෆෝරම් එකේ වැඩේ කොහොමද?
@ඉන්ද්‍රනාම,
කෙටි ක්‍රම පුරුදු වුණාම ආස හිතෙයි. මම නම් මැෂිම shutdown කරන්නෙත් command line එකෙන්.
@Thilina,
හපොයි තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා මට :D
@අනූ,
ඔයා 3D/ Multimedia Design නේද කරන්නෙ? UbuntuStudio ඉතාම හොඳයි. මේකෙ වෙනස තමයි multimedia වලට ගැළපෙන්න කර්නලය වැඩිදියුණු කර තිබීම.
@බුධාජීව,
එළ එළ. :D
@ගයාන් තාරක,
ලිනක්ස් වලට ආස හිතෙන පෝස්ට් එකත් නුදුරු අනාගතයේ රිලීස් කරන්නම්. ඒකෙ ආස හිතෙන පිංතූර තියේවි. :)
@බින්කු,
ස්තූති වේවා බින්කු මලේ...!
@thiraya a.k.a. කල්ප,
එළ මචෝ... මම ළඟදිම shell scripting ගැනත් ලියනවා...
@යූත්මැක්ස්,
තැංකූ... තව ලිපි මග එනවා...
@සුසිත,
ලියමු ලියමු අපි සෙට් වෙලා...
හැබැයි... මෘදුකාංග නිදහස් කිරීමේ සටන කියන සංකල්පය ගැන මගේ එච්චර පැහැදීමක් නැහැ. 'සටන' කියන එකෙන්ම හැඟවෙනව නේද යම්කිසි ආකාරයකින් නිදහසට බාධා කිරීමක්. අපි මෘදුකාංග නිදහස් කිරීමේ ව්‍යාපාරය කියන මට්ටමින් හිතමු. මගේ අදහස ඒකයි.
වටිනා ලිපියක්. :)
ReplyDeleteපට්ටයි වැඩේ ඇත්තටම මමත් shutdown කරන එක පවා කරන්නෙ අග්‍රෙට කොටල තමයි. ඒත් හත් දෙයියනේ තව කොච්චර නොදන්න දේවල් තියෙනවද.. ඒ නිසා ගැත්තාට අනුකම්පා කොරල තව මැක්සා ආටිකල් ටිකක් දාන්න ඔබට අග්‍ර දේවතාවුන්නාන්සේගේම පිහිටයි..
ReplyDeleteඅද බ්ලොග් එකේ ශෛලිය එල. වැදගත් ලිපියක්. command prompt කියන්නේ ලොරි භාගයක්ම තමා. terminal එකේ අපි ගහපු පරණ command ගන්න පුළුවන් එක නම් ලොකූ පහසුවක්.
ReplyDelete:D :D :D :D :D පට්ට...
ReplyDeletegood article.Please Tell Us How to install Kubuntu.
ReplyDeleteවෑදගත් ගොඩක්ම.ඒත් මම නම් සුපුරුදු XP තමයි.
ReplyDeletesha ela ela
ReplyDelete>>බිය නොවනු -- දැන් මේ ලිපිය කියවනු -- පසුව අත්හදා බලනු!
ReplyDeleteඑසේය එසේය...
1 & 2 Completeය. 3 ක්‍රියාවට නැංවිය යුතුය... :)
What is Best Linux Version???
ReplyDeleteKubuntu,ubuntu,fedora,openSuse,knoppix,mint,
Tell us about kde and gnome
ReplyDeleteඅපේ අප්පේ... අද තමයි ඔන්න ලිනක්ස් යකා කියන තරම් කළු නෑයි කියලා දැන ගත්තේ ඕං... ලිනක්ස් ගැන කියාලා දුන්නට බොහොම පින්... හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා... මගෙත් යාළුවෙක් හිටියා UCSC එකේ... මිනිහාත් ඔහේ ඉන්න කාලේ ලිනක්ස් පිස්සා.. හැමෝටම ලෙඩේ බෝ කරන්න සෑහෙන්න ට්‍රයි... කැම්පස් අවුට් වෙලා දැන් මිනිහා මයික්‍රෝසොෆ්ට් කොම්පැනියට සම්බන්ධ තැනක තමයි ජොබ් එක කරන්නේ... කෝම කෝම හරි ළගකදී මිනිහාගේ ෆේස්බුක් එකේ දාලා තිබ්බා මිනිහා ආසම සහ නැතුවම බැරි මෘදුකාංග ටික... මං උඩ ගිහින් බිම වැටුනා ඒක දැකලා.. යකෝ මටත් ලිනක්ස් මුලකුරු කියවපු එකා නිකමටවත් දාලා නෑ ඕපන් සෝස් එක මෘදුකාංගයක් ගැනවත්.. සල්ලි වලට මිනිහත් විකිනිලාදෝ කියලා දැන් හිතෙනවා...
ReplyDeleteඉතින් ඕකයි තත්වේ..
නියම ආටිකල් එක... හොඳට ලියල තියෙනවා... මේක කියවලා වත් තව ටික දෙනෙක් හරි ලිනක්ස් වලට එන්නෙ නැතෑ... තව ලියපං මේ වගේ එව්වා...
ReplyDeleteප්‍රතිචාර පළ කළ හැමදෙනාටම ස්තුතියි. :)
ReplyDelete@පහන්,
අහ්! ඒක ලියන්න අමතක වුණා නෙ. Up Arrow key එක press කළාම පරණ command එක එකට යන්න පුළුවන්. තව history කියල command එකකුත් තියෙනවා.
තවත් එකක් මතක් වුණා... command කීපයක් එක පෙළට එකවර execute කරන්න පුළුවන්. Command එකින් එක සෙමිකොලන මගින් වෙන් කරන්නයි තියෙන්නේ.
උදාහරණය:
sudo apt-get install gparted; gksu gparted; exit
@darshani,
Kubuntu ස්ථාපනය කරන්න ඕන වින්ඩෝස් එක්ක dual boot වෙන්නද? ඔයාගෙ අවශ්‍යතාව ඒක කියල මම අනුමාන කරනවා.
මුලින්ම Powerquest Partition Magic වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල හාඩ් ඩිස්ක් එකේ 5 GB unpartitioned space එකක් හදා ගන්න.
දැන් Kubuntu CD එකෙන් පරිගණකය ක්‍රියාත්මක කරල සාමාන්‍ය විධියට ස්ථාපනය කරන්න. හැබැයි!!! Disk partitioner එකේ පෙරනිමියෙන් තියෙන automatic option එක පාවිච්චි කරන්න එපා. එතන manually edit partition table කියල option එකක් ඇති. ඒක තෝරගෙන ඉදිරියට යන්න.
හාඩ් ඩිස්ක් එකේ තියෙන unpartitioned 5 GB ඉඩ 1 GB හා 4 GB වෙන්න කොටස් දෙකකට වෙන් කරන්න.
1 GB කොටස: partition type: linux-swap
4 GB කොටස: partition type: ext-3, mount point: /
දැන් බය නැතිව ඉතිරි ටිකත් ඉදිරියට කරගෙන යන්න.
මේ ලිව්වෙ කෙටියෙන්. අපැහැදිලි නම් කියන්න. මම ඒ ගැන අළුත් බ්ලොග් සටහනක් වුණත් ලියන්නම්.
හොඳම ලිනක්ස් සංස්කරණය රඳා පවතින්නෙ ඔයාගෙ අවශ්‍යතාව මත.
* ස්ථිර/විධිමත් අන්තර්ජාල සබඳතාවක් නැතිනම් mint පාවිච්චි කරන්න. mint කියන්නෙ Ubuntu වලින් derive කළ එකක්
* Kubuntu/ Ubuntu වෙනසක් නෑ. වෙනසකට තියෙන්නෙ පෙනුම සහ අඩංගු කරල තියෙන මෘදුකාංග කීපයක් විතරයි. Kubuntu පෙනුමින් ලස්සනයි.
* Knoppix මම වැඩිය පාවිච්චි කරල නැහැ.
* මම දැනට පාවිච්චි කරන්නෙ Ubuntu/ Fedora dual boot.
* හොඳ එක තොරගන්න එක ඔබට බාරයි.
@Indunil,
මම මේ සටහනේ මුලිනුත් කියල තියෙන විධියට ලිනක්ස් වල මූලික interface එක Command Line එක. නමුත් GUI එකක අවශ්‍යතාව ආවම ලිනක්ස් සඳහා විවිධ වර්ග වල GUI නිර්මාණය කෙරුණා. වින්ඩෝස් වල නම් තියෙන්නෙ එකම GUI එක. ඒක අපට වෙනස් කරන්න බැහැ. නමුත් ලිනක්ස් වල GUI එක අපට අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. Gnome හා KDE කියන්නෙ මේ භාවිතයට ආපු GUI වර්ග දෙකක්. අපට කැමති එක පාවිච්චි කරන්න පුළුවන්. Ubuntu වල පෙරනිමියෙන් එන්නෙ Gnome. නමුත් අපට වෙනස් කරගන්න පුළුවන්. Kubuntu වල පෙරනිමිය KDE. Fedora වල Gnome හා KDE වශයෙන් සංස්කරණ දෙකක් එළිදැක්වෙනවා (CD). නමුත් DVD එකේ Gnome/ KDE යන දෙකම අඩංගුයි.
කෙටියෙන් කිව්වොත් මේ දෙකම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිමැවුණු කෝට් බෑයවල් :D . අපට ඕන එක ඇඳගන්න පුළුවන්. Gnome සරලයි KDE ලස්සනයි. මම නම් කැමති Gnome වලට ඒකෙ තියෙන සරල බව නිසා.
@උදාර මදුෂංක,
වැදගත් පණිවුඩයක් තියෙනවා මේ ප්‍රතිචාරයෙ. ඇත්ත තමා ඉතිං... අද සමාජය මුදල් වලට විකිණිලා.
මම නං ඔහොම වෙන එකක් නෑ. ඒත් රස්සාව කරන තැනක C# වලින් කෝඩ් ලියන්න වුණොත් ඒකටත් ලෑස්ති පිට ඉන්න ඕන නිසා තමයි මම VirtualBox පාවිච්චි කරන්නෙ. ;)
---
ප්‍රතිචාර වලට ආයෙමත් ස්තුතියි. වෙලාව ලැබෙන පරිදි මේ වගේ ලිපි තව ලියන්නම්. :)
හ්ම්ම්ම්... බලමුකෝ... අපි ඔන්න බලාගෙන ඉන්නවා හරිද?
ReplyDeleteආහ් තව දෙයක්... කුබුන්ටු/උබුන්ටු ස්ථාපනය කරන හැටි නවකයෙකුට කියලා දෙන විදිහට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න.. ටිකක් සරළව පැහැදිලිව.. ගොඩක් වැදගත් වේවි...
ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්!
ReplyDeleteකැම්පස් එකේ ඔක්කොම වැඩ ලිනක්ස් වලින්නෙ.. ඉතිං අකමැත්තෙන් උනත් ඉගෙනගන්නම වෙනවා.. :(
කොහෙද ඉතිං ලිපිය කියෙව්වට අග්‍රයට ගිහිං අත්හදාබලන්න පට්ට කම්මැලිකමක්නෙ තියෙන්නෙ...
ලිපිය නියමයි.මගෙ free space දැන් නෑ.අලුත් hard එකක් ගන්න ඉන්නෙ.ඊට පස්සෙ ෆෙඩොරා දාමු.තව ලියන්න මේ වගෙ ලිපි.ගොඩක් ප්‍රයොජනවත්.
ReplyDeleteMuchung how do you add a blog to lkgeeks.org ?
ReplyDeleteYou're doing a great job with Linux in sinhala. I find it very difficult to translate, specially linux stuff.
අගේ ඇති වැඩක්! නවකයින්ට මේ දැනුම අත්‍යාවශ්‍යයි. තවත් ලියන්න!
ReplyDeleteඅදහස් වලට ස්තුතියි.
ReplyDelete@Udara,
හොඳයි... ලියන්නාං....
@Impeiris,
lkgeeks.org ගැන නම් මම දැනගෙන හිටියෙ නැහැ. ඒ ගැන කිව්වට ස්තුතියි. මම සොයා බලන්නම්.
ලිනක්ස් පරිවර්තන නම් මම කරල නැහැ. මම මේ ලිපිය ලියන්න පාවිච්චි කළ සමහර සිංහල වචන ලිනක්ස් සඳහා නිකුත් වුණු language packs සහ දේශීයකරණය කළ මෘදුකාංග වලින් ගත්ත ඒවා. මේ මෘදුකාංග වල හමු වන වචනම බ්ලොග් ලිවීමට යොදා ගැනීම වැදගත් වෙන්නේ මේ වචන නිතර කියවලා හුරු වුණාම දේශීයකරණය කළ මෘදුකාංග වලට අපේ අය තව තවත් සමීප වෙන නිසයි. ඒ කියන්නේ දේශීයකරණය කළ මෘදුකාංග ව්‍යාප්ත කරන්න යම් කිසි තල්ලුවක් දෙන්න අපට පුළුවන්.
ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක් ..terminal වැඩ කිඩ ඉදිරියටත් ලියන්න.:D
ReplyDelete1. "Google Search එකේ man cp කියල යතුරුලියනය කරල I'm
ReplyDeleteFeeling Lucky ක්ලික් කරල බලන්න. "
මට එන්නෙ මේකනෙ.
http://unixhelp.ed.ac.uk/CGI/man-cgi?cp
මොකක් හරි විශේෂත්වයක් තියෙනවද?
----------------------------------------------
2. නවකයෙකුට වැදගත්ම command එකක් apropos
ඒකෙන් තමන්ට අවශ්‍ය වෙන commands ගැන විස්තර හොයා
ගන්න පුලුවන්.
උදා : Disk Partitioning වලට අදාල command list එක
හොයා ගන්න
$ apropos partition
එතකොට අදාල ලැයිස්තුව එනවා.Command එකේ නම දැනගත්තම එකෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන්නෙ.
man -k වලින් වෙන්නෙත් aporopos වලින් වෙන දේමයි
උදා : $ man -k password
$ man -k "user password"
man වල (කැපිටල් K ) option එකකුත් තියෙනවා.
$ man -K "password"
ඒකනම් ටිකක් වෙලා යන වැඩක්.
වැඩි විස්තර සඳහා man ගෙ man අමතන්න
$ man man
This comment has been removed by the author.
ReplyDeletewe want to know more details about installing Ubuntu/Kubuntu.Please write a Article.How to install sinhala unicode on ubuntu???
ReplyDeletejust one word ගින්දර !
ReplyDeleteHow to change file permissions????
ReplyDelete@Chanaka Aruna Munasinghe,
ReplyDeleteබොහොම ස්තුතියි වටිනා කරුණු ටිකක් ලිපියට එකතු කළාට. :)
මුලින් දාල තියෙන ප්‍රශ්නෙට උත්තරේ.... ඕක තමයි එන්න ඕන. ඒ කියන්නෙ Google නිවැරදිව අවශ්‍ය දේ තෝරල දෙනවා... මොකද ඒ අය open source කට්ටියට හරි ආදරෙයි.
හැබැයි ඕක වෙනස් වෙන්නෙ cat කියන ලිනක්ස් විධානය Googleගෙන් අහන්න ගියාම තමයි. :-/
@darshani,
හොඳයි. ඉඩ ඇති පරිදි screencast එකක් දාන්නම්.
උබුන්ටු වල සිංහල දාන හැටි මෙතනින් බලන්න http://sinhala.sourceforge.net/
@Anonymous,
ඔය ගැන ලිපියක් අනිවාර්යයෙන්ම ලියනවා. මොකද ඕක ටිකක් පටලවා ගන්න තැනක්. :)
මමත් හැමදාම වින්ඩෝස් වලින් උබුන්ටු වලට මාරු වෙන්න කල්පනා කරනවා. වින්ඩොස් එක්ක මල පැන්න හැම වෙලාවකම උබුන්ටු දාගන්නෙ ආයෙ කවදාවත් වින්ඩෝස් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ නෑ නෑ... මයි කියල හිතාගෙන… කොහෙද, මගෙ ලැජ්ජ නැතිකම ඊට වඩා ලොකු නිසා ආයෙ පැය 24ක් යන්න කලින් වින්ඩෝස් වලට මාරු.
ReplyDeleteඒකට ප්රධානම හේතුව තමයි වින්ඩෝස් තරම් උබුන්ටු හෝ වෙන ලිනක්ස් සංස්කරණයක් මට මිත්රශීලි නොවීම.
මම රෙඩ් හැට් 9 වලින් පටන්ගෙන ඉස්සර තිබ්බ නොපික්ස්(දැනුත් තියෙනවද මන්දා ) , ෆෙඩෝරා, උබුන්ටු, කුබුන්ටු, සුසේ, අරව මේව ගොඩක් ට්රයි කලා.
කොහොම හරි මට අල්ලල ගියෙ උබුන්ටු තමයි.
මම දැනට දන්න හොඳම උබුන්ටු සංස්කරණය තමයි උබුන්ටු අල්ටිමේට් එඩිශන් 2.2. http://ultimateedition.info/ ඒකෙ නැතිදෙයක් නෑ (වගේ තමයි).
සම්මත උබුන්ටු සංස්කරනයේ තියෙන මුස්පේන්තු ගතිය මේ වෙනස් කරන ලද සංස්කරනයේ නෑ. මොකද ඩ්රයිවර්ස්, සොෆ්ට්වෙයාර්ස් කලින් ම ස්ථාපයන කරල.
වින්ඩෝස් වැඩසටහන් වැඩකරවන්න වයින් මෘදුකාංගයත් තියෙනවා. එත් එකෙ බොහොම සීමිත වැඩසටහන් ප්රමානයක් විතරයි වැඩ. (IDM, ඔෆිස් 2007 වගේ ඒව වැඩ නෑ. ) ඒ වගේම මගෙ ඩෙස්ක්ටොප් මැෂිමෙ හඬ කාඩ් එක පුවරු ගත 5.1 රියල්ටෙක් හයි ඩෙෆිනිෂන් එකක්. උබුන්ටු වලින් එකේ සද්දෙ ඇහෙන්නෙ ඉදිරිපස ස්පීකර් වලින් විතරයි. මෙන්න මේ වගේ ප්රශ්න නිසා තමයි අමාරුවෙන් හරි වින්ඩෝස් එක්ක ඉන්නෙ. හැබයි කිසිම කැමැත්තකින් නෙවේ. කාට හරි මේ ප්රශ්න වලින් ගොඩ එන්න උදව් කරන්න පුලුවන්නම් මම විවෘත මෘදුකාංග වලට මාරු වෙනව, අනිවා...
ලිනක්ස් හැම සංස්කරණයක් ම ගින්දර වගේ වැඩ. වින්ඩෝස් පාවිචි කරල ලිනක්ස් වලට ගිහාම ඒකෙ වේගෙ ඕනවටත් වඩා වැඩිද මන්දා.. ඩෘඩ තැටිය අමාරුවෙන් කියවන සද්ද බදදත් නෑ. හිරවෙන්නෙත් නෑ..
nice wrk! learnt alot!
ReplyDeleteබොහොම ස්තුතියි මේ වගේ හරවත් ලිපි ලියනවට. අපි වගේ ආධුනික අයට ගොඩක්ම වටිනව... :D
ReplyDeleteReally usefull. Thanks
ReplyDeleteමුලින්ම කියන්න ඕන මේ වගේ වැදගත් ලිපියක් ලිවීම ගැන බොහෝම ස්තූතියි.
ReplyDeleteමමත් Linux පාවිච්චි කරන්න පටන් ගත්තෙ Ubuntu 10.04 න්.දැන් මාසයක් විතර වෙනව.බොහොම අමාරුවෙන් Huwaei HSDPA E1550 Dongle එක Ubuntu වලට Detcct කරගන්න හැටි හොයාගත්ත. Internet වල කරන හැටි තිබුනත් ඒව පැහැදිලි මදි (කරන්න ඕන පියවරවල්). ඒත් Download කරගත්තු *.tar.gz/*.bz2 වගේ File install කරගන්න බැරුව හිටියෙ.ඒ ගැන මූලික දැනීමක් නැති නිසා.
ගොඩක් තැන්වල තියෙන්නෙ
$ ./configure
$ make depend
$ make
# make install
විදියට Install කරන්න කියල.
ඒත් දැන් තේරෙනව Extart කරාට පස්සෙ ඒ Folder එකට ගිහිල්ල අදාල Command දෙන්න ඕන කියල.
තවත් වැදගත් බොහෝ දේවල් ඉගෙන ගත්ත ඔයාට බොහෝම ස්තූතියි.
බොහොම ස්තුතියි ශාකුන්තල :)
ReplyDeleteniyama lipiyak godak pin
ReplyDelete