Sunday, January 19, 2014

CV එක පිළිවෙලකට හදමු

Image courtesy: mathieuloiseau.deviantart.com
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක.

මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ එක එක පුද්ගලයා රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේවල් අනුව වෙනස් වෙනවා. කොහොම වුණත්, කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන රැකියාවම ලබාගන්න නම් අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව තව තව දේවල් කීපයක් බලපානවා. මනෝවිද්‍යාවේ කියන first impression කතන්දරයෙ හැටියට, රැකියාවකට අයදුම් කරන කෙනෙක් ගැන, යම් ආයතනයක් යහපත් හැඟීමක් ඇති කරගන්න තියෙන ප්‍රථම සාධකය මොකක්ද? CV එක. කෙනෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් යම් ආයතනයකට මුලින්ම යවන්නෙ CV එකක්. ඒක කියවලා බලන කෙනා අයදුම්කරු ගැන හැකිතාක් හොඳ චිත්තරූපයක් මවාගන්න ආකාරයට CV එක හදල තිබුණොත් සම්මුඛ පරීක්ෂණයකට කතා කරයි. නැත්තං අවුට්.

CV එක පිළිවෙලකට වගේම නිරවුල්ව තියෙනවා නං ඒක කියවන කවුරු වුණත් ආසයි. නමුත් අවාසනාවකට මෙතෙක් මගේ අතට ලැබිලා තියෙන CV වලින් වැඩි හරියක තත්වය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මම මේ කියන්නෙ internship සහ උපාධියෙන් පස්සෙ පළවෙනි රැකියාවට අයදුම් කරන අය ගැන. ඒ නිසා මම හිතුවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට උදව්වක් විදිහට CV එක, නැත්නම් වෘත්තීයමය සුදුසුකම් පිළිබඳ සාරාංශ සටහන හදනකොට සැළකිලිමත් විය යුතු දේවල් කීපයක් ගැන ලියන්න.

Thursday, January 16, 2014

PL/SQL වැනුම

සෑහෙන කලකට පස්සෙ තාක්ෂණික සටහනක් ලියන්න හිතුණා. මගේ රැකියාවේ හැටියට බොහොමයක් අළුත් දේවල් අත්හදා බලන්න ඉඩ ලැබුණත්, මගේ රුචිකත්වය අනුව අත්හදාබැලීම් වල යෙදෙන්න තියෙන නිදහස කැම්පස් යන කාලෙ තිබුණ නිදහසට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා තාක්ෂණික සටහන් ලිවිල්ල සෑහෙන අඩු වුණා (නැත්තටම නැති වුණා). බයික් ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ ඒ ගැන යමක් කමක් අත්හදා බලන්න නිදහසක් ලැබුණු නිසා. 2013 මට තරමක් කරදර සිද්ධ වෙච්ච වගේම ගොඩක් වැඩ අධික අවුරුද්දක් වුණු නිසා 2013 අවුරුද්දම මගේ බ්ලොග් එක නිහඬයි. 2014 අවුරුද්දත් එහෙම වෙන්න එපා කියල හිතාගෙනම මගේ ඩේටාබේස් අත්දැකීම මෙසේ සටහන් වන වගයි. :-)

මේක තාක්ෂණික සටහනක්. Database ගැන අත්දැකීම් නැති අයට, IT නොකරන අයට මේක නොතේරෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා. මේක අණ්ඩර දෙමළ වගේ කියල හිතුණොත් මගේ මෝටර්සයිකල් ටුවර් එක ගැන කියවන්න. :)

Monday, December 31, 2012

දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!!

Image courtesy: openclipart.org
කලින් බ්ලොග් සටහනේ අන්තිමට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රමයට කිව්වා වගේම ලෝක විනාශය සිද්ධ නොවුණු නිසා මට තව චිරාත් කාලයක් බයික් එකේ යන්න එන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ආපු තවත් බයික් හෑල්ලක් 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් ලියල දානවා. මේ බ්ලොග් සටහන වෙන් වෙන්නෙ මෝටර්සයිකල් ධාවනයෙදි ගොඩක් අය නොදන්නා ඒත් වැදගත්ම යමක් ගැන සිංහලෙන් පොඩි සටහනක් තියන්න. මෙච්චර කාලයක් තොරතුරු තාක්ෂණය ගැන බ්ලොග් ලියලා ඊට පස්සෙ නිහඬව ඉඳලා ආපහු බ්ලොග් ලියන්න ආපු එකත් එක්ක ශාකුන්තලගෙ විපර්යාසයක්!? නැත. මට බයික් උණ තිබුණේ බ්ලොග් ලියන්න ආපු හිච්චි කාලේ ඉඳලා. එදා ආසාවෙන් හිටපු ලීටර එකයි දශම තුනේ තඩි බයික් එකට මම තාමත් ආසයි. :) ඇත්තටම පහුගිය අවුරුද්දේ මට tech experiments කරන්න ලොකු කාලයක් ලැබුණේ නෑ. එකක් දෙකක් කරන්න ඉඩ ලැබුණත් ඒවත් කෙරුණේ හරිම හදිසියෙන්. කැම්පස් යන කාලේ කරපු experiments මගේ. ඒත් මේවා එහෙම නෙමෙයි. "Non disclosure of corporate information" ගැනත් හිතන්න වෙන නිසා මට ඉගෙනගන්න ලැබුණු ගොඩක් අළුත් දේ බ්ලොග් එකේ ලියැවුණේ නැහැ. අයි. ටී. පසු දිනෙක!

Sunday, November 18, 2012

අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ

ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් වලම බ්ලොග් ලියන්න පටන් ගෙන ඒත් පසුකාලීනව මම වගේ ම බ්ලොග් ලිවීම නතර කළ කීප දෙනෙක් ආපහු බ්ලොග් ලියන්න පටන්ගෙන තියෙනවා දැක්කම මටත් අනිත් වැඩ පොඩ්ඩක් පැත්තක තියලා මොනවහරි මේකෙ කොටල යන්නම හිතුණා. සිංහලෙන් බ්ලොග් ලියන - කියවන අයට මාව මතකද දන්නෙත් නෑ. :)

අවුරුද්දකුත් මාස අටක කාලයෙ මරු මරු දේවල් ගොඩක් සිද්ධ වුණා. සිරි ලංකාවෙ සුන්දර වෙල් යායකට යාබදව තියෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක් ලැබුණා. ජපන් වාසගම තියෙන ඉන්දියන් යකඩ අස්සයෙක් ගත්තා. අසනීප වෙලා ශල්‍යකර්මයකුත් කරන්න වුණා. කාලය ගත වෙලා පොඩි අස්වැසිල්ලක් ලැබුණාම ලංකාව වටේ පොඩි සවාරියක් යන්නත් අවස්ථාවක් ලැබුණා. අන්න ඒ සවාරිය ගැනයි මේ සටහන.

Thursday, March 3, 2011

මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක්

මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය.