Sunday, October 26, 2008

සිංහල ධම්මපදය

ධර්ම දානය සියළු දානයන්ට වඩා උතුම් ය

මේ කියන්නෙ මෘදුකාංගයක් ලෙස එළිදැක්වෙන සිංහල ධම්මපදය ගැන. මෙය නිර්මාණය කරල තියෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ දෙවන වසර ශිෂ්‍යයෙක්. ඔහු නමින් සම්පත් බණ්ඩාර. මගේ මිත්‍රයෙක්.

මෙම මෘදුකාංගයෙ අතුරුමුහුණතත් අන්තර්ගතයත් සකස් කරල තියෙන්නෙ සිංහල භාෂාවෙන්. හැබැයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ Microsoft Visual Basic 6.0 භාවිතයෙන් නිසා සිංහල යුනිකේත භාවිත කරල නැහැ. ඉදිරියෙදි මෙය Visual Basic .NET මගින් නැවත සකසන්න අදහසක් තිබෙනවා. එවිට සිංහල යුනිකේත භාවිත කරන්න පුළුවන් වේවි.

මෙහි ගාථා සහ තේරුම සිංහල බසින් කියවන්නත් ශ්‍රවණය කරන්නත් පහසුකම් සලසා දී තිබෙනවා. මෙය නිර්මාණය කිරීමේදී UCSC දෙවන වස‍රෙ සුලක්ෂිකා වීරතුංග, නිරන්දිකා වනිගසේකර සහ පහන් සරත්චන්ද්‍ර යන අයත් දායක වුණා.

මෙම මෘදුකාංගයේ බීටා නිකුතුව දැනට සීමිත පිරිසක් අතර බෙදා හැර තිබෙනවා. ඉදිරි කාලයේදි මෙය අන්තර්ජාලය හරහා භාගත කරගත හැකි වේවි.

පහත දැක්වෙන්නෙ බීටා සංස්කරණයෙ තිරපිටපත්.





.

6 comments:

  1. යුනිකෝඩුත් වුනානම් කියලා වැඩක් නෑ!
    හැබැයි වැඩේ නම් නියමයි!

    ReplyDelete
  2. මරු, මෙය අන්තර්ජාලයට නිතුක් තලාම කියන්නකො. හැබැයි vb 6 වලින් ලියපු සමහර programs Windows Vista වල වැඩ කරන්නෙ නෑ. පොඩ්ඩක් ඒකත් බලන්න.

    ReplyDelete
  3. ela ela
    niyama wedak ne smapath
    ube weda kohomath hodaine machan
    ohoma ymau ohoma yamu

    ReplyDelete
  4. Its Greeeeat malli. U r an asset to this country. Proud about u. Wish u all the best for a beautiful future.

    ReplyDelete
  5. නියම වැඩක්
    ජය වේවා.මේක අන්තර්ජාලයට නිතුක් තලාම කියන්නකො
    මේකෙ link එක මේ ලිපිනයට mail කරන්නකෝ
    ahsk123@gmail.com

    ස්තුතියි.

    ReplyDelete
  6. Siyalau weda katayuthu sarthakawewa !!!

    ohoma yan

    ReplyDelete

Facebook ප්‍රතිචාර