Saturday, December 6, 2008

asapuva.com හි වංචාකාරී අඩවියක්?

කලකට පෙර මම නිතර යන එන වෙබ් අඩවියක් වෙලා තිබුණා අසපුව.com. මගේ bookmarks එකතුව නිකමට බලද්දි මට හිතුණ ආපහු අසපුව පැත්තෙ යන්න. මම කලින් ඔය අසපුවෙ ගිහිපු පැත්තක් තමයි Dreams of Tarzan අර මෝඩජෝක් සිංදු තියෙන පැත්ත. නිකමට ගියා බලන්න තාම තියෙනවද නැද්ද කියල බලන්න. ඉස්සර ඔතනට ගිහින් මම සිංදුවක් දෙකක් බාගෙනත් තියෙනව. මෙන්න අද යන්න හදනකොට ගිනි නරිය මෙන්න මෙහෙම කියාපි,
වාර්තාවූ ආක්‍රමණික අඩවියකි!

www.asapuva.com හි ඇති මෙම හි වෙබ් අඩවිය ආක්‍රමණික අඩවියක් ලෙස වාර්තා වී ඇති අතර ඔබගේ ආරක්‍ෂක අභිප්‍රේත අනුව අවහිර කර ඇත.

පෞද්ගලික තොරතුරු ‍සොරකම් කිරීම, වෙනත් අයට භාදා කිරීමට ඔබගේ පරිගණකය භාවිතා කිරීමට හෝ ඔබගේ පද්ධතියට හානි කිරීමට හෝ ක්‍රමලේඛන ස්ථාපනය කිරීමට ආක්‍රමණික අඩවි උත්සාහ කරයි.

සමහරක් අක්‍රමණික අඩවිය ඔනැකමින්ම හානිකර මෘදුකංග බෙදාහරින අතර, හිමිකරුගේ අණු දැණුමකින් හෝ අවසරයකින් තොරව සිදුකරයි.

නමුත් පසුගිය මාස තුනක කාලය ඇතුළත සැකසහිත හැසිරීම් එකයිලු වාර්තා වෙලා තියෙන්නෙ. පරීක්ෂා කරපු පිටු 22කින් 13ක්ම පරිශීලකට හොරෙන් malware ඩවුන්ලෝඩ් කරනව කියලත් ගූග්ල් කියනව. වැඩි විස්තර මෙතනින්ම බලාගන්න.







මේව සයිබර් අවකාශයේ සාමාන්‍ය දේවල් බව ඇත්ත. ඒත් ඉතින් දැන් සිංහල අඩවි වලත් තත්වය මේකද?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

6 comments:

  1. මටනම් කිසිම අනතුරු ඇඟවීමක් ආවේ නැහැ. සයිට් එකට ගියාට කියන්න තරම් මොකුත් උනෙත් නැහැ. සාමාන්‍ය විදිහටම තියෙනවා

    ReplyDelete
  2. @ම,
    Site එකේ IP එක මොකක්ද? 69.72.241.18 ද?
    පාවිච්චි කරන්නෙ ගිනි නරියද 3.04?

    මේකයි මගේ source එක

    ReplyDelete
  3. සයිට් එකට යනකොට නම් ගිනිනරිය මුකුත් කිව්වේ නෑ. එත් tarzen සින්දු ක්ලික් කරාම අනතුරු ඇඟවීම ආවා.

    ReplyDelete
  4. ඔය අප්සැට් සයිට් වලට නොගිහින් හිටිය නම් ඉවරනේ ;)

    ReplyDelete
  5. මමත් අසපුවට ගියා හැබැයි අප්සට් සින්දු ගන්න නෙවී. හදට හොරා කියන් සිංදුව හොයාගෙන. එතන නම් ප්‍රශ්නයක් තිබ්බේ නෑ.

    ReplyDelete
  6. මේවා වෙනවා කියලා කාටව පේන්නේ නෑ, ඉබේමයි වෙන්නේ, ඒක නිස ගිය, මට මොකුත් උනේ නෑ කියන්නේ, ඒව පෙන්න වෙන්නේ නෑ. ගොඩක් මේ හොරෙන් mp3 රවා මේවා download කරන්න දෙන සයිට් වටල යොදාගන්න tool ගොඩක් මැල්වෙයා (adware/virus)

    ReplyDelete

Facebook ප්‍රතිචාර