Tuesday, February 24, 2009

මෙහෙම වුණේ කොහොමද?

මම ඊයෙ රෑ blogger.com එකට ආවම දැක්කෙ, මගේ බ්ලොග් එකේ Followersලා ගණන අඩු වෙලා. මුලින් 39ක් තිබුණු එක 29ට බැහැලා. මේ හා සමාන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු අනෙක් වැඩසටහන, ඇබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි වලටත් ඒ සන්තෑසියමයි -- 39 --> 29 වෙලා. ඉතින් මම බැලුවා මේ මොකද කියලා.

මම නිකමට Known Issues පැත්තෙ ගියාමයි හේතුව දකින්න ලැබුණෙ. එයාල Google Friend Connect එක්ක Blogger එකට එකතු කරන්නයි යන්නේ. Google Friend Connect පාවිච්චි වෙන මම දන්න වෙබ් අඩවියක් තමයි සුදාරක මලයාගේ බ්ලොග් එක. බලන්න ඒකෙ අපි කස්ටියගෙ මූණු ටික අතරේ මගෙ රතු පාට කන්ජි එක බැබලෙන හැටි :P . Followers වගේම තමයි. මරු නේද? Wordpress හා වෙනත් Google Blogger නොවන අඩවිත් ප්‍රසිද්ධියේ හඹා යන්න පුළුවන්.

කොහොම හරි ඇත්තෙන්ම Followers හැලිලා නෑ. ඒ අය නිර්නාමිකව බ්ලොග් එක follow කරනවා. Google Friend Connect දියත් කිරීමත් එක්කම මේ තත්වය යථා තත්වයට පත් කරන බව ඔවුන් කියනවා. ඒ නිසා Follow කරන අය අඩු වෙලා නම් ගනංගන්න එපා. කලින් මගේ මූණත්තහඩුව තිබුණ බ්ලොග් අඩවියක දැන් ඒක පේන්න නැත්තං, ගනංගන්න එපා.. මට updates එනවා. :)

මෙන්න Known Issues වල තිබුණ විස්තරය:
You may have noticed that the count of your public Followers has decreased over the last few hours. We are in the process of integrating with Google Friend Connect.

There are a few users that already use both Blogger Following and Google Friend Connect. To avoid linking the profiles of Blogger and Friend Connect users without their permission, we have set these users to "anonymous". They are still following privately and will able to make themselves public again.

After the official launch of the Friend Connect integration, we will communicate with the affected users and instruct them how to reset their relationship to public. To reiterate: the number of Followers has not changed, and we believe that the launch will improve the visibility of your blog and community. We will post more details on Blogger Buzz as the launch approaches.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

15 comments:

  1. මටත් වෙලා ඔය සිද්ධිය ම... අවුලක් නෑ... ආයේ එනවලුනේ

    ReplyDelete
  2. මටත් වෙලා තියෙන්නේ එහෙනම් ඕකම වෙන්න ඇති. Google Friend Connect එකට අපේ බ්ලොග් එක එකතු කරන්න පුළුවන්ද? මොනවද අපිට ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන?පුළුවන් නම් පොඩ්ඩක් ඒ ගැනත් පෝස්ට් එකක් දානවද

    ReplyDelete
  3. මටත් එක පාරටම මොකක් හරි අමුත්තක් දැණුනා.. ඒත් 39--29 වෙලා කියලා දැණුයි හරියටම තේරුනේ

    ReplyDelete
  4. මාත් ඔය සිද්ධියම දැක්කට ගානක් තිබ්බේ නෑ ;) ස්තුතියි අයියා කිව්වට!

    ReplyDelete
  5. මටත් ඔය සංතෑසියම වෙලානේ....මගේ එකේ හිටියෙම තුන් දෙනයි.දැන් ඒකත් 1 ට බැහැලා...දුකේ...බෑ...

    ReplyDelete
  6. මටත් ඕකම වෙලා. ඊයෙ රෑ මම මගේ බලොග් එකට වැඩකෑලි ටිකක් දැම්මා. අද උදේ බලන කොට මෙහෙම වෙලා. මම බයේ හිටියෙ මගෙ අවුලක් කියලා. ස්තූතියි ආරංචියට.

    ReplyDelete
  7. මටත් 4යි හිටිාය් ඒක 3ට බැහැල කියනෙවත් නැතුව!

    ReplyDelete
  8. :D මට නම් හිතුණා හිටියත් බලන්න දෙයක් නැහැනෙ කියලා කට්ටිය අකුලගෙන ගියාදෝ කියල..

    ReplyDelete
  9. මාත් හිතුව මගෙන් මුකුත් වරදක් උනාදෝ කියල

    ReplyDelete
  10. මගේ අයියල ටිකනේ හලල තියෙන්නෙ. මම හිතුව අයියල කට්ටිය මාත් එක්ක තරහ වෙලාදෝ වත් කියලා. දැනේ මේ Pidgin ලොග් වෙලා පහන් අයියා එනකන් හිටියේ මොකද්ද උනේ කියල අහන්න.එතකොටයි මේක දැක්කෙ.

    ReplyDelete
  11. මමත් ඕක දැකල බය වුණා මේ මොකක් වෙන්න යනවද කියල.
    දැනුය් හ‍්රියටම සිද්දිය දැනගත්තෙ.ස්තුති මිත‍්රයා පැහැදිලි කිරීම ගැන. :)

    ReplyDelete
  12. අපේ රටේ මැතකදි පිරමිඩ් සංකල්පය පදනම් කරගෙන මිනිසුන් වංචාවන්ට හසුකරගනිමින් ඔවුන්ගේ වටිනා මුදල් පැහැරගැනිමේ සුවිසල් වෙලදාම් පැවතුනා. යම් යම් ඒවා නිතියේ රැහැනට අසු උනද ඒවයින් පන ලැබු, පිරමිඩ සංකල්පයේ සෙවන ලබන තවත් උපක්‍රමයන් පවතින බව මැතකදි මා මුහුන පැ සිදුවීමකින් මට පසක් වුනා.
    මෙහිදි ඇති අවාසනවන්ත තත්වය වන්නේ සංනිවේදනය යටතේ E-commerce සහ අන්තර්ජාලය යොදා ගැනිමයි. මේ තත්වය යටතේ පිරමිඩ සංකල්පයට ඔවුන් අලුත් මුහුනු වරක් දිමට උත්සකර තිබෙනවා.
    මෙහිදි ඔවුන් සතුව පවතින විවිද භාන්ඩ මිලදි ගැනිමට සිදුවන අතර එම භාන්ඩයක අවම රුපියල් 60000 මිල පමන වෙනවා. මෙය යම්තාක් දුරට පිලිගැනිමට අපහසු වුවත් ඇත්ත තත්වය එයයි. මාගේ යහලුවාට අනුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද මෙයට, එම මුදල ගෙවීමෙන් දායක වී තිබේනවා.
    මෙහිදි අපට ලැබෙන භාන්ඩය අප ගෙවන මුදලට වඩා බොහෝ අඩු වටිනාමකින් යුක්තය. රුපියල් 60000 පමන ගෙවා ලබා ගන්නා භාන්ඩය වනුයේ BIO DISK නැමති උපකරනයි. එයින් පිරිසිදු වතුර ලබා ගැනිමේ උපකරනයක් ලෙසයි මගේ මිතුරා පැවසුවේ. මෙය ඉතා පහල මිලක් තිබෙන උපකරනයක්. මිට ඉහල වටිනාමකින් යුතු සමහර උපකරනක් ලෙස අත් ඔරලෝසුවක් ඔවුන් ලබා දෙනවා. මෙය ලබා ගැනිමට රුපියල් 60000 ඉහල මුදලක් ගෙවිය යුතුයි.
    මෙහිදි ඔවුන්ගෙන් මෙම මිලදි ගැනිම් වලට UNIT 1 අපට හිමිවන අතර ඔව්න්ගේ ජාලයට අපට එක් විමට හැකියාව ලැබෙනවා. අප කල යුත්තේ තවත් මේ සදහා බදවා ගැනිමයි.
    මෙහිදි පිරමිඩය ගොඩ නැගෙනවා. මෙය ලෝකයේ බොහෝ රට වල තහනම් වන අතර, ලන්කවේද තහනම් වනවා. මෙහිදි විදේශ විනිමය බෙහෙවින් රට්න් පිට යනවා.
    මේක අපි විසින් සංවාදයට ලක් කල යුතු දෙයක්. මම සිතනවා මේ පිලිබදව අපට කල යුතු බොහො දැ තිබෙනවා. මේ පිලිබදව අදාල අංශ වල අවදානය ඉක්මනින් යොමු විය යුතුයි.
    අපේ රට QuestNet තුල නැමති ආයතනයක් තහනම් කලත් ඔව්න් Lotus Marketing යන නමින් නැවත පිහිටුවා තිබෙනවා. එය No. 209/10 SSS Best Bulb Building, 2nd Floor Union Place, Colombo 02 තැන පිහිටා තිබුනත් එයත් දැන් වසා තියෙනවා. නමුත් ඔව්න් නැවතත් Lotus Marketing 2 යන නමින් එය පිහිටුවීමට උත්සහදරන බව මට සොයාගන්ට ලැබුනා. මෙය දැනට සමහර ආයතන තුලත්, විශ්ව විද්දයාය තුලත් පැතිරිම සිදුවෙමින් තිබෙනවා.
    මෙය විශාල විනාශයක් ගෙනදෙන දෙයක් මෙය නැවත්වීම අප සියලු දෙනගේම වගකිමක්. ඉතින් මෙය මාගේ මෙන්ම ඔබගේත් යුතුකමක්.රටේ වගකිමක් ඇති පුරවැසියන් ලෙස ඔබලා මෙයට වගකිමෙන් හා අවබෝදයෙන් යුතුව එක් වෙයි කියා මා සිතනවා. මෙවනි දැ සිදු කරන ආයතන කිහිපයක web ලිපිනයන් පහත තිබෙනවා.

    http://www.quest.net/

    http://www.bonvo.com/

    http://www.xchangeworld.com/

    QuestNet ආයතනයේ ලංකවේ වෙබ් ලිපිනයක් තිබුනත් එයට පිවිසිය නොහැකියි.
    http://www.lotus-mktg.com
    ඉතින් මෙයට අපට කල හැක්කේ කුමක්ද????? මෙහි මිලග ගොදුර ඔබගේ යහලුවෙකු, හිතවතකු විය හැකියි.

    ReplyDelete
  13. @Pathum,
    තොරතුරු දැන්වුවාට බොහොම ස්තුතියි. අනිවාර්යයෙන් සංවාදයට ලක් විය යුතු කාලීන මාතෘකාවක්. නමුත් මෙය මෙතන ලියනවාට වඩා ඔබේ බ්ලො‍ග් අඩවියේ පළ කිරීම සුදුසුයි නේද?

    මෙය ඔබේ බ්ලොග් අඩවියේ පළකර සිංහල බ්ලොග් කියවනයට හා කොත්තුවට එකතු කරන්න. එවිට මා ද ඇතුළුව වඩා වැඩි කියවන්නන් පිරිසක් ආමන්ත්‍රණය කරන්න ඔබට හැකි වේවි. :)

    ReplyDelete
  14. ඔන්න Google Friend Connect ඒකට එකතු කරලා. ඒත් අඩුපාඩු ටිකක් තියෙනවා වගේ. කස්ටිය බය‍වෙන්න එපා සියල්ල හරියාගෙනයි එන්නේ...

    @චරිත,
    මට Google Friend Connect ගැන එතරම් අවබෝධයක් නෑ.. මොකද මට social networks අරහං.

    @සු෴,
    ඔන්න අපිත් ආවා හද බිඳි සර පැත්තේ... :) කියවන්න අළුත් දෙයක් නෑ නේන්නම්.. මොනවහරි දාන්ටකො කියවන්න අඵතෙන්. මම තාක්ෂණික පැත්තට බර කෙනෙක් වුණාට ඔය නිර්මාණාත්මක ලිපිත් කියනවා. :)

    ReplyDelete
  15. ඔබේ තොරතුර ඉතා වැදගත්,

    ReplyDelete

Facebook ප්‍රතිචාර