Friday, March 27, 2009

හාඩ් ඩිස්ක් ගැන කතා දෙකක්...

අහම්බෙන් වගේ හිතුණා මේ කතා දෙක ලියන්න. පළවෙනි එක... sda5 ගැන. ලිනක්ස් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති දෙකම එකවර පාවිච්චි කරන අය දැකල ඇති... වින්ඩෝස් වලදි D: ලෙස හඳුන්වන partition එක ලිනක්ස් වලට ගියාම sda5 වෙනවා. C: එක sda1 වෙද්දි D: එක ඇයි sda5 වෙන්නෙ? හේතුව බොහොම සරලයි.

ඕනම හාඩ් ඩිස්ක් එකක එහි ගොනු පද්ධතිය (filesystem) හඳුනාගන්න ලේබලයක් තියෙනවා. මේ කියන්නෙ ‍වින්ඩෝස් වල partition එකෙන් partition එකට අපට පෙන්නන ලේබල් නෙවෙයි. මේ කියන disk label එක සාමාන්‍ය පරිශීලකයන්ගෙන් සඟවා තිබෙන එකක්. මගේ පසුගිය සටහන කියෙව්වනං දකින්න ඇති msdos කියල ලේබල් එකක් ගහන හැටි. වින්ඩෝස් පාවිච්චි කරනව නම් මේ ලේබලය අනිවාර්යයෙන් msdos විය යුතුයි. ඉතින් මේ msdos ඩිස්ක් එකක ගොනු පද්ධති ව්‍යූහය දැනගත්තම මේ sda5 සිද්ධිය හිතාගන්න පුළුවන්. ඇත්තටම... too obvious.
  • msdos තැටියක් කොටස් වලට බෙදන්න හෙවත් partition කරන්න පුළුවන්.
  • Partitions ප්‍රධාන වර්ග දෙකයි. Primary සහ Logical.
  • උපරිම වශයෙන් primary partition හතරක් තිබිය හැකියි. අවම වශයෙන් එකක් හෝ තිබිය යුතුයි.
  • Primary partition වලින් එකක් පමණක් එහි විශේෂ ආකාරයක් වන Extended ආකාරයෙන් තබා ගත හැකියි.
  • Extended - නමින් අරුත් ගැන්වෙන ලෙසම, ඉහත කී දෙවන වර්ගයේ partition සියල්ලම පවතින්නේ මේ primary partition එක 'තුළ' යි.
  • Extended partition එක Logical partitions නම් උප කොටස් කැමති ගණනකට බෙදිය හැකියි.
  • වින්ඩෝස් partition පිළිබඳ දත්ත වගුව තබා ගැනීමට අවසානයේ 7.8 MB ඉඩක් වැය වෙනවා. මෙය භාවිතා නොකළ ඉඩ ලෙසයි සලකුණු කර තබන්නේ.
අපි Windows XP Setup පාවිච්චි කරල හාඩ් ඩිස් එකක් කොටස් වලට බෙදනකොට මොකද වෙන්නෙ? මුලින්ම C: එක හදනවා. ඒක primary. ඊළඟට හදන්නෙ D: එක. ඒක හදනකොට ස්වයංක්‍රීයව දෙවෙනි primary partition එක හෙවත් extended partition එක නිර්මාණය වී ඒ මත පළමු logical partition එක නිර්මාණය වෙනවා. Windows 98 සමඟ එන fdisk.exe උපයෝගීතා යෙදුම පාවිච්චි කරල තියෙනව නම් දන්නව ඇති -- එහිදී මේ ස්වයංක්‍රීවය සිදු වන පියවරත් අපටමයි කරන්න වෙන්නෙ.

ලිනක්ස් වලට ආවම... මේ /dev යටතේ ඇති sda1 සිට sda4 දක්වා primary partition වලට වෙන් කර (reserved) තැබෙනවා. sda5 සිට ඉතිරිය logical partitions වලට වෙන් වෙනවා. Extended partition එකක් යනු වෙනත් partitions දරා සිටින්නක් නිසා එහි ඇති ගොනු කෙළින්ම බලන්න අවකාශ ලබා දෙන්නෙ නෑ -- ඒ තුළ ඇති partition එකින් එකට ගොස් බලන්න පුළුවන් නිසා. ඒ නිසා sda2 හෙවත් extended partition එක mount කරන්න බැහැ. මම නම් උත්සාහ කළා. බැරි වුණා. පුළුවන් නම් කරල බලන්න. ඒ නිසා පළමු logical partiton එක හෙවත් D: තමයි mount කරන්න පුළුවන්. ඒක /dev/sda5.


root@shaakunthala-laptop:/home/shaakunthala# cd /media/
root@shaakunthala-laptop:/media# mkdir extended
root@shaakunthala-laptop:/media# mount -t extended /dev/sda2 /media/extended/
mount: unknown filesystem type 'extended'
root@shaakunthala-laptop:/media#


ඔය ඉහළින් තියෙන්නෙ මගේ අසාර්ථක උත්සාහය. -t වලට දාන්නෙ මොකක්ද කියල තමයි පුරස්නෙ.

ඉතින්... පහේ ඉලක්කමට හේතුව... දැන් පැහැදිලියි නේද?



පළවෙනි එක ඇත්තටම කතාවක් නෙවෙයි... එක්තරා සංසිද්ධියක්... මෙන්න අළුත්ම නිව්ස් එක... හෙවත් දෙවෙනි කතාව ;)

මෙතෙක් කාලයක් අපි ලිනක්ස් ස්ථාපනය කළේ ext-3 පාටිෂන් වල නේ... ඔන්න දැන් ext-4 එනවා. අප්‍රේල් මාසයේ නිකුත් වෙන්න නියමිත Ubuntu 9.04 නොහොත් Jaunty Jackalope සංස්කරණයේත්, මැයි මාසයේ නිකුත් වෙන්න නියමිත Fedora 11 Leonidas සංස්කරණයේත් පෙරනිමි දෘඩ තැඩි ආකෘතිකරණ ක්‍රමය ext-4. ඒ මත තියෙන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය දන්නවද? ටෙරාබයිට් 16ක්! පිස්සු හැදෙන සඳ කිව්වලු. Partiton එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් එකක් ලු. උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන කාලේ යාන්තම් මතකයි ඔහොම එකක් ගැන කිව්වා... කිලෝ.. මෙගා.. ගිගා.. ටෙරා.. පෙටා.. එක්සා.... හරි.. දැන් මීටර් වුණා. ඉතින් විශාල ගොනු හුවමාරු (file share) කරගන්න සර්වර් එකකටම හොඳා. දැන් DVD ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් දෙන කාලේ.. තව ටික කාලෙකින් Blu-Rayත් ගෙඩි පිටින් (iso? images) බාන්න දෙයිද දන්නෙ නෑ. මාර ලෝකයක්!

Fedora 11 Alpha නිකුතුවත් එක්ක ඔන්න තව පරීක්ෂණ මට්ටමේ තියෙන තැටි ආකෘතිකරණ ක්‍රමයකුත් එනවලු. මේකෙ නම btrfs. බොහෝ විට ext4න් පසුව භාවිතයට එක මීළඟ ක්‍රමය මෙය වෙන්නත් පුළුවන් කියල හිතෙනවා. btrfs පාටිෂන් එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් 16ක්! දත්ත වල ආරක්ෂාවට සහ නිර්වද්‍යතාවයට (integrity) වැදගත් වෙන තව ගොඩක් උපක්‍රමත් සහිතවයි btrfs ගොඩනැගෙන්නෙ. Fedora 11 දැන්ම ගත්තට කමක් නෑ... කවුරුවත් btrfs අත්හදා බලන්න එපා... virtual machine එකක හැර. අනෙක... SELinux එක්ක btrfs පොඩි පරහකුත් තියෙනවලු.

මෙන්න වැඩි විස්තර:
http://www.wikipedia.org
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Ext4_File_System
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Btrfs_File_System
http://www.ubuntu.com/testing/jaunty/beta#Ext4%20filesystem%20support

(මෙම සටහන නිකංම විකිපීඩියා කොපි-පේස්ට් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න... විවිධ මූල වලින් කියවා අත්හදා බලා අවබෝධ කරගෙන නැවත ලිවීමක්... :) )

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

18 comments:

  1. මෙච්චර දවස් ext4 / ලෙස මවුන්ට් කරන්න බැරුව නේ තිබ්බේ පැව් එකකින් තොරව...එහෙනම් අලුත් ක'නල් එකේ පුලුවන් වගේ,අලුත්ම
    ක'න්ල් එක දාලා බලන්න ඕන...ගයාන් මලයා පැච් එකක් දාලා ext4 / ලෙස මවුන්ට් කරන් සෙල්ලන් කරා වගේ මතක...විශිෂ්ටයි කියලා තමා කිව්වේ ඒ දවස් වල

    ReplyDelete
  2. Ubuntu, Fedora, ඉක්මනට වරෙන් ඉක්ම්නට වරෙන්. Suse, උඹත් එන්නේ කවදාද? මුං අලුත් එව්වා දාන්නනේ යන්නේ!

    ReplyDelete
  3. ext4.. එළ එළ !

    ගේට්ටු අංකල් හූ හූ !! ;-)

    ලිනක්ස් රොක්ස් !

    ReplyDelete
  4. ඇට් නාගයා

    ඔව් ඔව් සෙල්ලම් කලා, සෑහෙන්න වැඩි දියුණුවක් පෙනුන. ඒත් රූට් එකේ දැම්ම එක හරි ගියේ නෑ(එච්චරම හරි ගියේ නෑ. සිස්ටම් එකේ අවුලක් ද, හාර්ඩ් එක පිසිකල් අවුලක් ද කියල හිතා ගන්න බැරි උනා,).. දැම්ම එව්වයිත් ඩේට ලොස් එකක් වගේ පෙනුන.. මම දැක්ක ෆෝරම්ස් වල ඒ ටීම් එක කියල තිබ්බ අලුත් පැච් එකේ එව්ව හදල කියල. මම වැඩිය පස්සෙන් පැන්නුවෙ නෑ, මගේ 40 හාඩ් එක පරිස්සම් කරගන්න වෙලා තිබ්බ නිසා, ආයෙත් මොනව හරි කරන්න බලන්න ඕනෙ..

    ඇට් සුපුන්.

    මගේ ආදර්ශ පාඨෙ ආයෙත් ඇත්ත වෙනව

    In a World Without Fences and Walls, Who Need GATES and WINDOWS ??

    නැද්ද මං අහන්නෙ ? :P

    ReplyDelete
  5. ඇට් බින්කු

    අයියට තව කාලයක් ඉන්න වෙයිද දන්නෙ නෑ සුසේ එනකම්, ඒත් උබුන්ටු එකත් එක්ක සුසේ වලටත් පැච් එකක් එන්න පුලුවන්. දැන් තියෙන එව්ව නම් හරි යන්නෙ නෑ මං හිතෙන්න.

    (මටත් දැන් සුසේ වලට මාරු වෙන්න හිතෙනව. කොහෙද බාගන්න විදියක් නෑ නෙ. ඩයල්ප් නෙ.. හොර වැඩක් වත් කරගන්න බලන්න ඕනෙ.)

    ReplyDelete
  6. btrfs එක තාම හරියන්නෙ නෑ වගේ. ඒකනෙ වැඩිය රිලීස් කරන්නෙ නැත්තෙ. කතාකරනවත් අඩුයි. මතකනෙ ext4 එක එන්න කලිනුත් මෙහෙම්මම තිබ්බ. ඇත්තම කියනවනම් එකේ වැහි වනාන්තරයක තරම් බග්ස් හිටිය. ඒත් දැන් නම් හරි වගේ.

    ReplyDelete
  7. ntfs හු.....හූ.......
    කෝ අංකල්ගේ winfs.... ?

    ReplyDelete
  8. පිස්සු මලේ, ඔව් එකත් ඇත්ත. එහෙත් කියන්න බැහැ මලේ. සුසේ එකේ එක එන්න හිතාගෙන ඉන්නේ කියලා ආරංචිය. එකේ ඇල්ෆා එක ඇවිත් තියෙන්නේ. කොහොම වුණත් සුසේ උබුන්ටු වලට වඩා නාකියි, ෆෙඩොරාගේ තාත්තගේ (රතු තොප්පිකාරයා.) ගාණේ ඇති. එහෙත් මිනිහා 10.4 වෙනකල් ඔහේ ඉන්දලා අනිත් උන් දැකලානේ දිව්වේ. දැන් යන්තම් හරි. පොඩ්ඩක් ඇවිත් බලං මලේ, නරකක් නැහැ.

    ReplyDelete
  9. කවුරු වුණත්... මේව virtual machines වල අත්හදා බලන්න. මොකද අත්හදා බැලීමේ මට්ටමේ තියෙන මෘදුකාංග වලින් හාඩ් ඩිස්ක් එකට භෞතික හානි සිදු වෙන්න ඉඩක් නෑ කියල අපට හරියටම කියන්න අමාරුයි. අපි හිතමු හාඩ් ඩිස්ක් එකට Low Level Format එකක් කරන්න වෙන තරමෙ හානියක් වුණා කියල. ඉතින් Low Level Format එකක් නැවත වතාවක් කරනව කියන්නෙ භෞතිකව හානි වීමේ අවකාශ වැඩි කරගන්නව කියන එක.

    @ගයාන් කල්හාර,
    මම හිතන්නෙ btrfs එක Fedora 11ත් සමග නිකුත් කරයි. මම අහල තියෙනවා Fedora එක්ක අත්හදා බැලීමේ මට්ටමේ තියෙන මෘදුකාංගත් ලැබෙනවා කියල.

    ReplyDelete
  10. Ubuntu 9.04 වල ext4 optional. partitions edit නොක‍ර දැම්මොත් ext3 විදිය‍ටයි format වෙන්නෙ. 9.10 වල ඉඳලා default එනවා. මතක විදියට ඒකෙ නම Karmic Kola ද කොහෙද

    ReplyDelete
  11. ඔන්න මටත් කියන්න කතන්දර 2 ක් තියෙනවා
    -----------------------------------------------------
    1.හාඩ් වල නම් "s" අකුරෙන් පටන් ගන්නවනම් ඒ කියන්නෙ ඒක SATA device එකක්.
    උදා :
    sda,sdb,sdc

    a,b,c අකුරු වලින් කියන්නෙ පරිඝනකයට සම්බන්ධ කරපු ඒ වර්ගයේ කීවෙනි device එකද කියලා.
    උදා :
    sda - 1st SATA device
    sdc - 3rd SATA device

    device එක IDE නම් hda,hdb,hdc වගේ නම් තියෙයි.SATA වලට 's' වගේ වලට 'h'. a,b,c අකුරු වලින්, device එක ගහල තියෙන්නෙ කීවෙනි IDE channel එකටද කියල බලා ගන්න පුලුවන්.
    උදා :
    sda ක් නැතුව sdc එකක් තිබ්බොත් ඒ කියන්නෙ device එක ගහල තියෙන්නෙ 2 වෙනි IDE channel එකට ( එක IDE channel එකකට device දෙකක් ගහන්න පුලුවන් )
    ---------------------------------------------------

    2. මම දැන් මාසයක් විතර වගේ ext4 පාවිච්චි කරනවා තවමනම් හාඩ් ඩිස්ක් එක පණ පිටින්.ඒක ඊට කලින් පාවිච්චි කරපු reiserfs වලට වඩා හොඳයි වගේ.
    ---------------------------------------------------

    ReplyDelete
  12. මට ඕව තේරෙන්නේ නෑ. අපි තාම windows පාවිච්චි කරන්නේ. මට නම් ඒක සෑහෙන්න සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
  13. @chahura,
    ආ.. හික්.. වැරදිලා නේන්නම් මෙච්චර පැහැදිලිව උබුන්ටු සයිට් එකේ දාල තිබුණු එක... ස්තුතියි නිවැරදි කළාට. :)

    @Chanaka Aruna Munasinghe,
    තෑන්ක් යූ වේවා ඩ්‍රැගන් සර්... ස්තුතියි ඌණපූරණය කළාට. ext4ට හොඳ අනාගතයක් තියේවි වගේ නේද?

    @උන්මන්තක,
    එකඟයි. තමන්ට වඩාත්ම ගැලපෙන එක තමයි පාවිච්චි කරන්න ඕන. හැබැයි මම නම් මට ගැලපෙන ‍‍දේ තීරණය කරද්දි නිර්ණායක විධියට 'සිම්පල්' බව පමණක් සලකන්නෙ නෑ. නිදහස... අනාගතයේ සිදුවිය හැකි දේ... මිළ වගේ දේවලුත් සැලකිල්ලට ගන්නවා. නුදුරු අනාගතයේදී මගේ පරිගණකයෙන් වින්ඩෝස් වාෂ්ප වේවි.

    ReplyDelete
  14. reiserfs ව්‍යපෘතිය පටන්ගත් කෙනා දැන් ඉන්නේ හිර ගෙදර. එනිසා එම ව්‍යොතිය ඉදිරියට කෙරන එකක් නැ.

    ReplyDelete
  15. @ඩනිෂ්ක
    ඒ මොකද ඒ. අහවල් වැරැද්දක් කරාටද ?

    ReplyDelete
  16. linux sucks windows rocks
    linux sucks windows rocks
    linux sucks windows rocks
    linux sucks windows rocks
    linux sucks windows rocks

    ReplyDelete
  17. කවුද බං මේ බිල් ගේට්ටුවා?

    ReplyDelete

Facebook ප්‍රතිචාර