මම මුලින්ම පොඩි ඩිස්ක්ලේමරයක් දාගන්නවා. මේ උපදෙස් පිළිපදින්න ගිහින් ඔබේ පරිගණකයට, වටිනා දත්ත වලට සිදුවිය හැකි හානි ගැන වග කියන්න මම බැඳී නැති බව. මේවා හැකි තාක් පැහැදිලිව කියා තිබෙනවා. තේරුම් ගන්න අපැහැදිලි තැනක් තියෙනව නම් මේක නොකර ඉන්න එක හොඳයි.
සමහර වෙලාවට ඔබ දැක ඇති මේ USB drives වල ධාරිතාව නියමිත ප්‍රමාණයට අඩුවෙන් පෙන්වනවා. මම කියන්නෙ අළුත් 4 GB pen එකක ධාරිතාව 3.77 GB කියල පෙන්වන එක ගැන නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි හිතමු 3.77 GB කියල කලින් දක්වපු pen එකක ධාරිතාව කලකට පසුව පෙන්වන්නෙ 1.2 GB කියල... ඔන්න එතකොට නම් අවුලක් තියෙනවා.
තවත් සමහර වෙලාවන් තියෙනවා pen එක හරියට හඳුනාගන්නෙ නෑ මෙහෙයුම් පද්ධතිය මගින්. වින්ඩෝස් වල දී නම් "Insert disk..." වගේ පණිවුඩයකුත් පෙන්වනවා. මේකට විසඳුමක් තමයි අද කියන්න යන්නෙ.
මෙහෙම වෙන්න හේතුව pen එකට භෞතිකව (භෞතික හානි කිවුවම ඉලෙක්ට්‍රොනික නොවන විද්‍යුත් වශයෙන් ඇති වන හානිත් අදාළයි) හෝ ඉලෙක්ට්‍රොනිකව සිදු වූ යම් හානියක් විය හැකියි. මීට හේතුවක් ලෙස වයිරස් ද අපට සැක කරන්න පුළුවන්. ඉතින්,... හානිය බරපතල නම් අද දෙන විසඳුම හරියන එකක් නෑ. මේක මම සාර්ථකව අත්හදා බලල තියෙනවා. නමුත් අදත් එකක් කරන්න උත්සාහ කළා. හරිගියේ නෑ. :(
ඉතින්... වැඩේ දුවන්නෙ ලිනක්ස් උඩ. නිදහස්... විවෘතයි... හැබැයි භාරදූරයි. Pen එකේ දැනට තියෙන ගොනු කියවන්න පුළුවන් නම් මුලින්ම ඒ අවශ්‍ය දේවල් ටික backup කරගන්න. අපි ඒක format කරන්නයි යන්නේ...!
මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත දැක්වෙන විධාන එකින් එක ඇතුළත් කරන්න.
su
fdisk -l (පරිගණකයට සම්බන්ධ කර ඇති සියළුම ලිවිය හැකි දත්ත උපාංග පිළිබඳ තොරතුරු මෙයින් පෙන්වනවා)
දැන් තිරයේ දැක්වෙන තොරතුරු මගින් අදාළ උපාංගය හඳුනාගන්න. එහි Device යටතේ ඇති path එක සටහන් කරගන්න. පහත දී ඇති උදාහරණයේදී එය /dev/sdb1 වෙයි.
උදා:
root@shaakunthala-laptop:~# fdisk -l
Disk /dev/sda: 120.0 GB, 120034123776 bytes
255 heads, 63 sectors/track, 14593 cylinders
Units = cylinders of 16065 * 512 = 8225280 bytes
Disk identifier: 0x972ffaf0
Device Boot      Start         End      Blocks   Id  System
/dev/sda1   *           1        2886    23181763+   7  HPFS/NTFS
/dev/sda2            2887       14592    94028445    f  W95 Ext'd (LBA)
/dev/sda5            2887       12602    78043738+   7  HPFS/NTFS
/dev/sda6           14414       14592     1437786    b  W95 FAT32
/dev/sda7           12603       13439     6723171   83  Linux
/dev/sda8           13440       13537      787153+  82  Linux swap / Solaris
/dev/sda9           13538       14413     7036438+  83  Linux
Partition table entries are not in disk order
Disk /dev/sdb: 2063 MB, 2063597568 bytes
16 heads, 32 sectors/track, 7872 cylinders
Units = cylinders of 512 * 512 = 262144 bytes
Disk identifier: 0xcefd5c21
Device Boot      Start         End      Blocks   Id  System
/dev/sdb1   *           1        7872     2015216    b  W95 FAT32
root@shaakunthala-laptop:~#
- /dev/sdb, /dev/sdb1 - මේ තැන් වලට ඔබට ලැබෙන ප්‍රතිපල මතක තබාගන්න.
umount /dev/sdb1
parted
select /dev/sdb     (මේක කරන්න අමතක වුණොත් නම් විනාසයි!!!)
print    (pen drive එක මත ගොනු පද්ධතියේ තත්වය මෙයින් බලාගන්න පුළුවන්)
mklabel    (බය නැතුව yes කියන්න, new label type එක විධියට msdos කියන එක දෙන්න.)
print    (දැන් මෙහි Disk /dev/sdb: යටතේ දැක්වෙන අගය වෙනම සටහන් කරගන්න. මෙම උදාහරණයේදී එය 2063 MB වුණා.)
mkpartfs
- Partition type: primary
- File system type: fat32 (වින්ඩෝස් - ලිනක්ස් දෙකටම හරියන්න FAT පාවිචිචි කරමු)
- Start: 0
- End: 2063 MB
quit
exit
දැන් අළුත් partition එකක් නිර්මාණය වී එය ස්වයංක්‍රීයවම mount වේවි. :)
සමහර විට ගැටළු වලට පිළියම් ලැබී තියේවි. මම මීට කලින් අත්හදා බැලූ වාර තුනකදි දෙවරක් සාර්ථක වෙලා තියෙනවා.
ඉතින්... ඕකයි ක්‍රමය. මේක ම සමහර විට පුළුවන් ඇති gparted වලින් කරන්න. මම ඒක බැලුවෙ නෑ. නමුත් GUI නැති ලිනක්ස් යෙදුමක සරල බව විඳින්න parted අපූරුයි.
මේක නැවත වාරයක් අත්හදා බලන්න මට ද්‍රව්‍යමය වශයෙන් ආධාර සැපයූ අපේ බැච් එකේ රනාට මගේ ප්‍රණාමය. :D
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
 
මම සැරයක් මෙහෙම පාටිෂ්න් 2ක් හදන්න ගියා..වින්ඩෝස් වලදී..වැඩේ හරිගියේ නෑ...මට අමතක උනා ලිනක්ස් වලින් බලන්න ;)
ReplyDelete@නාගයා,
ReplyDeleteමේ ක්‍රමයට pen එකක් partition කරන්නත් පුළුවන් නමුත් වින්ඩෝස් වලදි කියවන්නෙ එක partition එකක් විතරයි. ලිනක්ස් වලදි අවුලක් නැහැ.
This comment has been removed by the author.
ReplyDeleteපොඩ්ඩක් මාතෘකාවෙන් පිට දෙයක් අහන්නද?
ReplyDeleteමම මේ දවස්වල හොයනවා pen drive වල මකපු data, restore කරන්න පුලුවන් software එකක්.. free එකක්.. අනේ දන්නවනම් කියනුමැන.
ස්තුතියි මචංලා
Virus එකකින් MBR එකට ආසාදනය වෙලා තියෙනකොට හරි
ReplyDeletepartition table එක corrupt වෙලා තියෙනකොට
# dodfsck -aw
පාවිච්චි කරන්න පුළුවන්.
I have another recovery software as "Ontrack Easy Recovery 6.0". This is good I think!
ReplyDeleteඑල කිරි නියමයි කොල්ලෝ!
ReplyDelete@චන්දිම,
ReplyDeleteමම පාවිච්චි කරන්නෙ RecoverMyFiles. හැබැයි free නොවේ. :( වින්ඩෝස් සඳහා පමණයි.
@Chanaka,
හික්. :D එකපාරටම දැක්කම ආවෙ වෙන අදහසක්. ස්තුතියි. මම උත්සාහ කර බලන්නම්.
@Kawshala,
Yeah, you are correct. EasyRecovery is also good.
@amila,
ඔන්න අපි තෑන්ක්ස් කිව්වා...! :)
මගේ MP3 Player එකක් තියෙනවා ඒකට දැන් ෆයිල් දාන්න බැ,,,කරන්න දෙයක් කියනවද?
ReplyDeleteඅයියා මට ප්‍රශ්ණයක් තියෙනවා, මගේත් තියෙනවා samsung P2 16GB Player එකක් iPod වගේ Details, ඒක විස්ටා වලදිත් එකස්පී වල දිත් පෙන්වනවා, නමුත් Ubuntu, Kubuntu සහ mandriva වල පෙන්වන්නේ නැහැ. ඒ ඇයි? openSUSE දැම්මට පස්සේ තාම ගහලා බලන්න බැරි වුණා. ඒකේ USB සම්බන්ධය UMS, J(MTP) එකක්.
ReplyDeleteතවකක්, මේ ක්‍රමය openSUSE වලත් වැඩ නේද?
"හික්. :D එකපාරටම දැක්කම ආවෙ වෙන අදහසක්"
ReplyDeleteහපොයි හිතන ජාති. ඊඊයායා
Partition කරන්න cfdisk කියල utility එකක් තියෙනවා.
Windows 98 වල තියෙන fdisk වගේ එකක්
ඒකත් බලන්න.
ස්තුතියි කට්ටිය..
ReplyDeleteලමයි.. මෙන්න බඩු : DiskDigger
ReplyDeleteFreeware - windows only
@නාගයා,
ReplyDeleteමේකම කරල බලන්න. හැබැයි පරිස්සමෙන්. මොකද player එකේ අත්‍යාවශ්‍ය දත්ත ගොනු තියෙන විශේෂ පෙදෙස් තියෙනවද කියන එක මම හරියටම දන්නෙ නෑ. එහෙම තිබුණොත් නම් විනාසයි. එහෙම එකක ලකුණක් පේන්න නැත්තං උත්සාහ කර බලන්න පුළුවන්.
@බිன்ku,
openSUSE වල තියෙන්නෙත් ලිනක්ස් කර්නලය නිසා මේ ක්‍රමය වැඩ කළ යුතුයි. හැබැයි openSUSE එක්ක parted ලැබෙනවද කියල දන්නෙ නැහැ. ලැබෙන්නෙ නැත්තං ඉතින්...
sudo zypper install parted පිහිටයි.
@Chanaka,
අයෙමත් ස්තූති. ඔය තියෙන්නෙ භාණ්ඩ... කැත් නොහිතන එකක් මේ පාර දීල තියෙනවා. :P
@චන්දිම,
එළ! තෑන්ක්ස්!! අන්න එහෙම බෙදා හදා ගමු අපි හොයා ගන්න දේවල්. :)
වෛරසයකින් write protected වුණු pen හිටං ෆෝමැට් කරන්න පුළුවන්ද?
ReplyDelete@Shiroshan Randika,
ReplyDeleteබොහෝ විට පුළුවන් වෙයි. Write protect lock එක තියෙන අළුත් pen ගැන නම් කියන්න දන්නෙ නැහැ.
@ Shiroshan Randika
ReplyDeleteSee my comment @ the 4th from top