Sunday, October 4, 2009

GRUB මගින් ක්‍රියාරම්භිත flash drive එකක් සහ හාඩ් ඩිස්ක් ආතල්


ලිනක්ස් වැඩ කිඩ ලිවිල්ල නං එපා වෙන්නෙම නෑ. මේකත් එහෙම එකක්. මේ සති අන්තෙ ගෙදර එද්දි අපේ බාල මලයා මට වැඩ වැඩි කරලා. :P ඒ ගැන පස්සෙ කියන්නම්. කෝකටත් කලින් වැදගත්ම දේ මාතෘකාව.

අද කියන්න යන්නේ මම කරපු පොඩි අත්හදා බැලීමක් ගැන. ඒ මගේ 4 GB flash drive එකට කියාරම්භක (bootable) හැකියාව ලබා දුන්න එක. දැන් කස්ටිය කියයි 'ආපෝයි.. ඕකත් වැඩක්ද ඔය රයිට් ක්ලික් කරලා ෆෝමැට් ගිහිං..........' හෝව්..... එහෙම එකක් ගැන නෙමේ මං මේ කියන්නෙ. කවුද DOS bootable එකක් හදන්නෙ? :P මං මේ කියන්න යන්නෙ GRUB එක දාගන්න හැටි. මං අටවගත්ත එකේ GRUB විතරක් නෙමෙයි කර්නල් එකත් තියෙනවා. DOS bootable එකකින් කරන්න පුළුවන් අටමගලයක් නෑ. :D

මුළින්ම කියන්නම් GRUB කියන්නෙ මොකක්ද කියලා. විකිපීඩියාවෙ නම් පිළිවෙලට ලියවිලා තියෙනවා... ඒත් මමත් පොඩ්ඩක් විස්තර කරන්නම්. සරලව කිව්වොත් බූට්ලෝඩරයක්... ඒකත් සරලව විස්තර කළොත්, පරිගණකය බූට් වීමේ ක්‍රියාවලියෙදි මෙහෙයුම් පද්ධතිය RAM එකට load කරන්නෙ මේ බූට්ලෝඩරයෙන්. වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකකට වැඩ දාන්න ගිහින් ඇණගත්තාම බූට් වෙද්දි NTLDR is missing කියල මොකක්දෝ එකක් පෙන්නනව නේද? අන්න ඒ NTLDR කියන්නෙ Windows NT බූට්ලෝඩර් එක. ලිනක්ස් වලදි බූට්ලෝඩර් එක විධියට පාවිච්චි වෙන්නෙ LILO (LInux LOader) හෝ GRUB (GRand Unified Bootloader). විවිධ හේතු මත දැන් ඒ දෙකෙන් ජනප්‍රිය එක GRUB. ඒ හේතු මෙතන විස්තර නොකරන්නෙ බ්ලොග් සටහන අනවශ්‍ය විධියට දීර්ඝ වෙන නිසා.... GRUB ගැන පොත් ලියන්න තරම් දේවල් තියෙන බව අන්තර්ජාලය පිරික්සලා හොයාගන්න පුළුවන්.

GRUB එකට මොනවද පුළුවන් වැඩ? ඇත්තටම ඒ ඔක්කොම නම් මමත් තවම හරියට දන්නෙ නැහැ. මෙන්න මේවා තමයි දැනට දන්නේ:
  • ගතිකව වින්‍යාසගත කරන්න පුළුවන්.. (මොකක්දෑ ඒ හරුපෙ? :-? ) ඒ කිව්වෙ බූට් වෙන වෙලාවෙදි GRUB එකේ සරල විධාන අතුරුමුහුණතින් අපට අවශ්‍ය කර්නල් එක අවශ්‍ය විධියට තෝරගන්න පුළුවන්. කර්නල් එකට දෙන පරාමිතීන් (parameters) සකස් කරන්නත් පුළුවන්.
  • Chainloading - මේක තමයි GRUB එකේ පරාර්ථකාමී ගතිය :) - ලිනක්ස් තියෙන පරිගණකයකට වින්ඩෝස් ස්ථාපනය කළොත් වින්ඩෝස් බූට්ලෝඩරය GRUB එක overwrite කරනවා. ඒත් වින්ඩෝස් තියෙන පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කළොත් ලස්සන දෙයක් සිද්ධ වෙනවා. GRUB එකෙන් මුලින්ම වින්ඩෝස් බූට්ලෝඩරය වෙන සෙක්ටර් එකකට පිටපත් කරනවා. දැන් GRUB ස්ථාපනය වෙනවා. බූට් වීමේ ක්‍රියාවලියෙදි අපට වින්ඩෝස් බූට්ලෝඩරය ඕන නම් chainloading කියන ක්‍රියාවලිය මගින් වින්ඩෝස් බූට්ලෝඩරයට පාලනය භාර දෙනවා.
  • GRUB එකට හානි වුණු පද්ධතියක් ගොඩගන්න පුළුවන්.
  • Partition හංගන්න එහෙමත් පුළුවන්. ;)

දැනට මං එච්චරයි දන්නේ... දැන් ආපහු එමු මාතෘකාවට... අපේ තුන් වෙනි වසර පාඨමාලා වලින් එකක් System And Network Administration. මේ පාඨමාලාව පටන් ගත්තා විතරයි එහෙට මෙහෙට වැනි වැනී තිබුණු ලිනක්ස් ගැන මගේ දැනුමත් වේගවත් ව ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකට අදාළ social forum එකේ post එකකට අපේ Off the Planets කණිෂ්ක දාපු reply  එකකින් තමයි අයිඩියාව ආවෙ. කෝමද flash drive එකකට GRUB එක දාගත්තොත්?

It's simple. You have to restore the grub.
boot from the live cd.
open terminal
type sudo grub
find /boot/grub/stage1
grub> root(hdx,y)
setup(hdx)
you will get the values for x and y in find /boot/grub/stage1
I am not sure about the stage1 thing. It just works for me. I am not sure how the grub finds where the / is at the first place. To find the /boot/grub and the old files. Any way it works

මේකෙන් වාසි කීපයක්ම තියෙනවා...
  • Live CD එකෙන් බූට් කරන්න ගොඩක් කාලය ගත වෙනවා. නමුත් මෙතන බූට්ලෝඩරය විතරක් නිසා ඉක්මන්.
  • අළුත් දේ ඉගෙනගන්න ලැබෙනවා.
  • අහිංසක විධියට ගිහින් hijack/ hack කරන්න පුළුවන්. CD එකක් දානකොට සද්දෙ එනවා... කවුරුත් බලනවා... ඒත් flash drive එකක් කවුද ගණන් ගන්නෙ? ;) (මේ hijacking/ hacking කරන්න පුළුවන් එක එක ක්‍රම වරින් වර සිංහල බ්ලොග් කීපයකම පළ වුණා)
  • memtest86+.bin කර්නලය පාවිච්චි කරලා RAM එක පරීක්ෂා කරගන්නත් පුළුවන්.


ඉතිං මෙන්න මෙහෙමයි මම කළේ...
1. මුලින්ම මගේ 4 GB flash drive එකේ තියෙන කුණු කන්දල් ඔක්කොම මගේ හාඩ් ඩිස්ක් එකට පිටපත් කර ගත්තා...

2. දැන් ඒක partition දෙකකට වෙන් කළා. එකක් අපේ පුද්ගලික ගොනු වලට. ඒක වින්ඩෝස්/ ලිනක්ස් දෙකේදිම වැඩ කරන්න ඕන නිසා FAT32. අනෙක කර්නල් එකයි GRUB එකට අදාළ ගොනුයි තියාගන්න ext-2 එකක්.

# fdisk /dev/sdb
මේකත් එක්ක ටිකක් ඔට්ටු වෙලා කීප වතාවක්ම විවිධ අගයයන් දීලා හරියටම මට ඕන ප්‍රමාණයට partition කරගත්තා.

parted වලින් පෙන්නන විධියට පළවෙනි එක 3997 MB primary එකක්. ගොනු පද්ධති ආකෘතිය FAT32. දෙවැන්න 49.4 MB primary එකක්.

root@shaakunthala-laptop:~# parted /dev/sdb
GNU Parted 1.8.9
Using /dev/sdb
Welcome to GNU Parted! Type 'help' to view a list of commands.
(parted) print                                                           
Model: Kingston DataTraveler 2.0 (scsi)
Disk /dev/sdb: 4047MB
Sector size (logical/physical): 512B/512B
Partition Table: msdos

Number  Start   End     Size    Type     File system  Flags
 1      32.3kB  3997MB  3997MB  primary  fat32            
 2      3997MB  4047MB  49.4MB  primary  ext2         boot

(parted) q                                                               
root@shaakunthala-laptop:~#


මේ partition කෙරුවාව කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. නැත්තම් flash drive එක වින්ඩෝස් වලදි පිස්සු කෙළිනවා. Flash drive එකේ පළමු වෙනි physical partition එක හැර ඉතිරිය හඳුනාගැනීමේ හැකියාවක් වින්ඩෝස් වලට නෑ. ඒ නිසා අපේ පෞද්ගලික ගොනු පිටපත් කරන කොටස මුලටත්, GRUB එකට අදාළ ගොනු සහ කර්නල් එකට අවශ්‍ය කොටස අගටත් එන්න partition කළේ.
Format කළේ මෙහෙමයි:
# mkdosfs /dev/sdb1 -v -F 32 -n LEONIDAS_4G
# mke2fs /dev/sdb2 -L boot


දැන් flash drive එක පරිගණකයට සම්බන්ධ කළාම /media/LEONIDAS_4G , /media/boot විධියට partition දෙකම mount වෙනවා.

3. මේක කරන්න ක්‍රමවත් පිළිවෙලක් ඇති. ඒත් මොනව හරි වැඩක් කරද්දි මට අන්තර්ජාලය ඕන වෙන්නෙ අන්තිමට. මම කැමති මුලින් අත්හදා බලලා අන්තිමේ ඇණගත්තාම අන්තර්ජාලයෙන් විසඳුම් හොයන ක්‍රමයට. :P ඉතිං මෙතන ඉඳලා වැඩ ටික ජෝක් වගේ නම් වැඩ දන්න අය මට හිනා වෙන්න එහෙම එපා.. :D
# cd /
# cp -rfv boot /media/boot

දැන් අපේ කණිෂ්කගෙ ටිප් එක.
# grub
grub> find /media/boot/boot/grub/stage1

දැන් මෙහෙම එකක් පෙන්නනවා:
(hd1,1)

ඒ කියන්නෙ නියමිත නිරූපණ ක්‍රමය (notation) අනුව flash drive එකේ දෙවෙනි partition එක දක්වන්නෙ (hd1,1) විධියට. ඊළඟ පියවර:
grub> root (hd1,1)
grub> setup (hd1)
grub> quit

දැන් GRUB එක ස්ථාපනය වෙලා අවසානයි. මේ වැඩේදි පරිගණකයෙ දෘඩ තැටියට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.

4. දැන් ටිකක් සුද්ධ පවිත්‍ර කළා. අපේ boot partition එක. ඒකෙ කර්නල් දෙකකට අදාළ ගොනු තිබුණා. එකක් අයින් කළා.. දෙකක් මක්කටැයි? ;)
දැන් තියෙන්නෙ මෙන්න මේ ගොනු ටික:
root@shaakunthala-laptop:/media/boot# ls -aR -w 1
.:
.
..
boot

./boot:
.
..
abi-2.6.27-14-generic
config-2.6.27-14-generic
grub
initrd.img-2.6.27-14-generic
lost+found
memtest86+.bin
System.map-2.6.27-14-generic
vmcoreinfo-2.6.27-14-generic
vmlinuz-2.6.27-14-generic

./boot/grub:
.
..
default
device.map
e2fs_stage1_5
fat_stage1_5
installed-version
jfs_stage1_5
menu.lst
minix_stage1_5
reiserfs_stage1_5
stage1
stage2
xfs_stage1_5

./boot/lost+found:
.
..
root@shaakunthala-laptop:/media/boot#


5. menu.lst එකත් කපලා කොටලා ගත්තා.

title           Linux kernel 2.6.27-14-generic
root            (hd0,1)
kernel          /boot/vmlinuz-2.6.27-14-generic root=UUID=d1670f8e-eb3f-4dba-bba5-e00f0437e2a2 ro single
initrd          /boot/initrd.img-2.6.27-14-generic

title           memtest86+
root            (hd0,1)
kernel          /boot/memtest86+.bin


මෙතන තවත් වැදගත් කාරණා කීපයක් තියෙනවා කියන්න. GRUB ස්ථාපනයෙදි flash drive එක ගත්තෙ (hd1) විධියට වුණාට ඒකෙන් boot වෙද්දි ඒක ගන්නෙ (hd0) විධියට. menu.lst ගොනුව සංස්කරණයෙදි ඒ ගැන සැළකිලිමත් වෙන්න ඕනා. ඒකට හේතුව කියන්න තරම් දෙයක් නෙමෙයිනේ... BIOS එකේ boot priority උඩින් තියෙන කෙනාට අඩු අංකය.

අනෙක UUID එක. ඒක කර්නල් එකට පරාමිතියක් විධියට යවල තියෙනවා. UUID එක බලාගන්න මෙන්න මේ විධානයෙන් පුළුවන්:
# vol_id --uuid /dev/sdb2

6. දැන් බූට් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මම මෙහෙම පියවර විධියට විස්තර කළාට ටැපලිලා වැරදිලා පැය ගාණක් මේකත් එක්ක දඟලලා තමයි ඉගෙනගත්තෙ මේ දේවල්. ඉතින් flash drive එකෙන් මගේ ලැප්ටොප් එක බූට් කළා. එළට වැඩ! GRUB එක ක්‍රියාත්මක වෙනවා.  කැමති නම් flash drive එකේ තියෙන කර්නල් එකෙන්ම බූට් කරන්නත් පුළුවන්.

ඉතින් මේක වැඩ කරන්න පටන් ගත් වෙලාවෙ ඉඳලා මමත් අළුත් සෙල්ලම් බඩුවක් ලැබුණු පොඩි එකෙක් වගේ. ;) කන්න බොන්න ඕනෙත් නෑ. හාඩ් ඩිස්ක් එකට එක එක වැඩ කෑලි දානවා. අළුතෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි.

Flash drive එකේ init නැති නිසා No init found කියලා දෝෂ පණිවුඩයක් පෙන්නලා එතනින් නතර වෙනවා. නතර වෙනවා කිව්වට එහෙම නතර වෙන්නෙම නෑ. ;) එතනින් එහාට load වෙන්නේ BusyBox shell එක. BusyBox ක්‍රියාත්මක වෙන්නෙ RAM එක මත. සරල භාෂාවෙන් කිව්වොත් shell එකක් තියෙනවා කියන්නෙ සුළුවෙන් හරි 'වැඩක්' කරගන්න පුළුවන් කියන එක. :)

7. Flash drive එකේ ඉතිරි partition එකට තමන්ගෙ පුද්ගලික ගොනු ටික ආපහු පිටපත් කරගන්න. වින්ඩෝස් වලදි flash drive එක පෙන්නන්නෙ මෙහෙමයි:



දැන් ඔය partition දෙකෙන් එකක් වත් Windows Management Console එකෙන් ගිහින් delete කරන්න එපා... My Computer වල පෙන්නන partition එක අවශ්‍ය නම් format කරන්න පුළුවන්. අනිකට අත තියන්න එපා. Flash drive එකේ සම්පූර්ණ filesystem එකටම කෙළවෙයි!!!



මේ සටහනේ මුලින්මත් මම කිව්වනේ අපේ බාල මලයා මට වැඩ වැඩි කරල කියලා. මම දන්න ශිල්ප දාලා අටවලා දීපු හාඩ් ඩිස්ක් එක ගලවලා යාළුවෙකුගෙ මැසිමට හයි කරලා. :-O ඒ මදිවට ඇවිත් කියනවා දැන් අපේ මැසිම වැඩ කරන්නෙ නැතිලු - වයිරස් ඇවිත්ලු! වින්ඩෝස් repair කළාට හරි ගියෙත් නැතිලු!! ඒ මදිවටද මන්දා IDE කනෙක්ටර් එක හරිම තදයිලු!!! :-O :-O :-O

හොඳ වෙලාවට තාම මගේ වයස අවුරුදු 23යි. නැත්තම් එතනම අධිරුධිර පීඩනය ඇති වෙලා මළ ජංජාලයක් වෙන්නේ. මමත් ඉතිං හාඩ් ඩිස්ක් එක ගලවලා ආපහු අර සැත්කම ම කළා. Pins තුනක් යට ගිහින්. කලින් වතාවෙ යට ගිහිපු pin එකත් ඒ අතර! ඒක යට ගිහින් මදිවට කැඩිලා! :-O

මමත් අතෑරියෙ නෑ ගේම් එක... ඒක පෑස්සුවා. අපේ ලොකු මලයා නිකං ඉන්න බැරිකමටද මන්දා පිටකොටුවෙ පේමන්ට් එකෙන් soldering iron එකක් ගෙනත්. ඉතින් දිලිසි දිලිසි අළුත් පිට තියෙන බිට් එක නිසා මම ඒක ගත්තා පාස්සන්න. අළුත් බිට් එක තියෙනකොට පාස්සන්න හරි ලේසියි.

ඉතිං හාඩ් ඩිස්ක් එකේ පරිපථ පුවරුවත් අතට අරං පාස්සද්දි මෙන්න වැදුන නේද කරන්ට්!!! :-O කොරේ පිටට මරේ කියාපි. මේකෙන් ලීක් වෙනවනේ.. :-/ මම හිතුවෙ හාඩ් ඩිස්ක් එක ඉවරයි කියල. පිටකොටුවෙ පීචං තොරොම්බල් කාරයින්ගෙන් එක එක අටමගල් ගන්නවට මම අපේ මලයත් එක්ක වාග් සංග්‍රාමයක යෙදෙන ගමන් පත්තර කොළ කෑල්ලකින් පරිපථ පුවරුවත් අල්ලගෙන කොහොම හරි පෑස්සුම කරල ඉවර කළා. හැබැයි ආපහු පරිගණකයට සම්බන්ධ කරනකම් වැඩේ ෂුවර් නෑ. :(


සමූහ ඡායාරූපය :P


පෑස්සුම කරපු තැන -- මගේ පෑස්සුම් නම් සුමට නෑ... :-/

ඉතින් මේකත් අටවලා හයි කරලා බලද්දි.... දැනෙන සතුට කියා නිම කරන්න බෑ... හාඩ් ඩිස්ක් එක වැඩ කරනවා!! වින්ඩෝස් බූට් වෙනවා.. ඒත් කෝ මේකෙ තිබුණු GRUB එක? එතකොට තමයි මතක් වුණේ මලයා මේකෙ වින්ඩෝස් repair කළා කියලා. හැබැයි ලිනක්ස් partition දෙක තියෙනවා. Bootloader එක නැත!

ඉතින් මේ වෙලාවෙ ඒ හාඩ් ඩිස්ක් එකේ තිබුණු ලිනක්ස් ස්ථාපිතය ගොඩ ගත්තෙ මම මෙච්චර වෙලා විස්තර කරපු USB flash drive එකෙන් තමයි. වැඩි වෙලාවක් ගියෙත් නෑ. Off the Planets ලියන එකාට තැංකූ වේවා!



ඉතින් මට මේකෙන් කියන්න ඕන දේවල් කීපයකුත් තියෙනවා.
  1. IDE හාඩ් ඩිස්ක් වල කේබල් නිතර ගලවන්න/ මාරු කරන්න එපා.
  2. GRUB එකෙන් බූට් වෙන flash drive එකක් ළඟ තියා ගන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. දැනට මම ඒ ගැන ස්වයං හැදෑරීමක් කරනවා. අහල තියෙන විධියට GRUB කියන්නෙ මතුපිටින් පේනවට වඩා වැඩකාරයෙක්!
  3. ලිනක්ස් හරිම සුන්දර OS එකක්... වින්ඩෝස් OS එකෙන් කෑල්ලක් ගලවලා මේ විධියට වෙනම අටවගන්න එක නීති විරෝධීයි. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කිරීමත් නීති විරෝධීද මන්දා... :-?
  4. පිටකොටුවෙ පේමන්ට් එකේ පීචං තොරොම්බල්කාරයින්ගෙ බඩු ගන්න එපා. මේ ළඟදි මම අඳුනන එකෙක් රුපියල් තිහට Troy ගෙනත්... දාලා බලද්දි මොකක්දෝ පරණ දෙමළ film එකක්ලු. :D :D :D (අර තහනම් කරපුවයින් එකක්වත් වුණා නම් වටිනව නෙව! :P)

තව දෙයක්... මම මල්ලිලා දෙන්න ගැන මෙහෙම කිව්වට... ලිනක්ස් සම්බන්ධ වැඩ වලදි උන් අදක්ෂ වුණාට... අනිත් වැඩ වලදි සූරයෝ. එකෙක් Freelance Graphic Designer කෙනෙක්. පොඩි එකා Martial Arts පොරක්.

අදට ආයුබෝ.....!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

17 comments:

  1. පිස්සු හැදෙන ලිපියක්නෙ. නියමයි. ඒ වගේම වෙදගත්.
    ඔෆිස් එකේ ඉන්න නිසා නිවී සැනසිල්ලෙ කියවන්ඩ. බෑ. ගෙදර ගිහිල්ලා හරියට හියවල ප්‍රශ්න වැලක් අහන්නම්.

    ReplyDelete
  2. If you want to explore this further more,

    You can convert your USB pen to a security token so that without your pen nobody can access your system .

    A good tutorial is here.Read Encrypted Filesystem to Protect Your Data @ following link. That contain several interesting stuffs for security Geeks

    http://commons.oreilly.com/wiki/index.php/Ubuntu_Hacks/Security#Use_an_Encrypted_Filesystem_to_Protect_Your_Data

    ReplyDelete
  3. "ලිනක්ස් වැඩ කිඩ ලිවිල්ල නං එපා වෙන්නෙම නෑ."

    ඔව් ඉතිං ලිනක්ස් සම්බන්ධව වැඩ කරන්න ගියාමත් ඉවරයක් නෑ නෙ. අද දවසෙම fedora එක්ක ඔට්ටු වෙනවා "midi file එකක් ප්ලේ කරගන්න" :@
    ආතල් නේද !

    ReplyDelete
  4. @රොකියා,
    අහන්න ඕන දෙයක්... දන්න දෙයක් නම් උත්තර දෙන්නම්. :)

    @Chanaka Aruna Munasinghe,
    ස්තුතියි ඔත්තුවට... assignments ටික ඉවර කරලා කියවන්න ඕන.

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම,
    අපොයි MIDI වලට ලිනක්ස් වල විසඳුම් තියෙනවා... ඊට වඩා ආතල් මම amr එකක් play කරගන්න බැරුව දවසක් දඟලපු දැඟලිල්ල. :D

    ReplyDelete
  5. ලිපිය පට්ට ඒකෙ ආයෙ කියන්න දෙයක් නෑ.
    මට ලිනක්ස් ගැන ආසාවක් ඇතිඋනෙත් මේ වගේ ලිපි දැකලාමයි.
    මගෙ නෝට් බුක් එකට (atom 1.66 N280, 128VGA,1GB RAM)
    එකට ලිනක්ස් ,ජනේලෙත් එක්ක ඩුවෙල් බූට් දාගත්තොත් වැඩේ එල වෙයිද? නැත්තං අල වෙයිද?
    එල නං හොඳ ලිනක්ස් වර්ෂන් එකකුත් කියන්න පුලුවන්ද?

    ReplyDelete
  6. මෙන්න මේ කට්ටිය, නොමිලේ web hosting දෙනවා.
    http://www.000webhost.com/order.php
    මමත් එකක් දා ගත්තා.
    http://lazyowl.netai.net/
    ඉන්ද්‍රනාමගේ site එක down . කට්ටියට විස්තරේ කියලා,external hosting කරන හෑටි ලිපියක් ලිව්වොත්, තව දාහක් වටිනවා.

    ReplyDelete
  7. හික්.. අපිත් දැම්මනෙ උබුන්ටු.. ;)

    File එක්ක තවම සෙල්ලම් දාන්න යන්නෙ නෑ ලගදි පොඩි (ලොකු) බාල්දියක් පෙරලගත්ත නිසා.. :(

    ReplyDelete
  8. @ LazyOwl
    මගේ සයිට් එක වැඩ කරනවා. මේ කමෙන්ට් එක අයින් කලානම් හොඳයි. මොකද මේක ශාකුන්තලට වත්, මේ ලිපියට වත් අදාල නෑ නේ.
    මට දැනුම් දෙන දෙයක් නම් මට ඊමේල් එකක් එවන්න.

    ReplyDelete
  9. ගොඩක් හොද ලිපියක්.

    ReplyDelete
  10. නියම ලිපියක් මගේ blog එක http://AnuradhapuraZone.blogspot.com එන්න මගේ blog එකට sinhala,hindi & English re mix Mp3 Games Softwre Create your own free wap site get free ubuntu cd and more නවතම ලිපිත් තියෙනවා මගේ සයිට් එකේ address ලිවවට සකුන්තලගේ අමනාපයක් නැතයි මම සිතමි. i like to friendship to u girls or boy sms me +94716052682

    ReplyDelete
  11. මමත් දැම්ම උබුන්ටු ඒ කාලෙ මට නෙට් තිබුනෙත් නෑ. ටිකක් අතපත ගාල ආයෙත් බිල් අය්ය ළගටම ගියා.

    ReplyDelete
  12. mata phadeli madiii........ khomada mee Flash Drive eka partion 2 kata kada ganne keyala eka poddakk saralawa keyala denawanamm hodaiii
    .......
    e wageema machann teyanawada mokakk hari lesi wediyakk meka karanna ........
    (E kewe Bootable Flash ekakk hada ganna wediyakk)
    teyanawanamm keyala denna
    thanks
    Jaya wewa.......................

    ReplyDelete
  13. @Ruwan,

    පරිගණකය = වින්ඩෝස් කියන මතය හලන්න...

    Falsh drive එකටත් පරිගණකය සලකන්නෙ බොහෝ දුරට ජංගම දෘඩ තැටියකට (removable hard disk) වගේ.

    නමුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙදි මේ flash drive එක්ක අපට කරන්න දීල තියෙන වැඩ ප්‍රමාණය සීමිතයි. දෘඩ තැටි බෙදා වෙන් කිරීමෙදි වුණත් දී ඇති පහසුකම් සීමිතයි.

    නමුත් ලිනක්ස් ආශ්‍රිත මෙහෙයුම් පද්ධති වලදී දෘඩ තැටි බෙදා වෙන් කිරීම සම්බන්ධයෙන් පහසුකම් ගොඩක් සලසා තිබෙනවා. ලිනක්ස් ආශ්‍රිතව මේ ලිපිය ලියන්නට ඒකත් හේතුවක්.

    "Falsh drive එකටත් පරිගණකය සලකන්නෙ බොහෝ දුරට ජංගම දෘඩ තැටියකට (removable hard disk) වගේ." යන පිළිතුර ඔබේ ප්‍රශ්නය සඳහා සෑහේ යයි සිතනවා.

    ---

    මේ ලිපියෙ අරමුණ පහසු ක්‍රමයක් සොයා දීමට වඩා, යම් දෙයක් ඉගෙන ගනිමින් අත්හදා බලන්න ආකාරය කියා දීම. සරලව කිව්වොත් වැඩ ඉගෙනගන්නා ආකාරය කියා දීම.

    මට නම් ලේසිම ක්‍රමය මේක තමයි. :-)

    ReplyDelete
  14. sameera neranjana.April 17, 2012 at 9:29 AM

    mage asama os eka tama ucsc eken devlop karapu ubuntu os eka.eka tama mama denata use karanne.matat me wage pen ekak hadaganna asae.eth mata me tiyena widiya terenne ne ne.mata e taram terminal eka gena terenne ne.eth asae.ucsc eken aye me widiyata devolop karapu linux ewa nedda.meka hadaganna widiyata tikak wistara atiwa e mail karanna puluwanda.plz.(cms.chandrasekara@gmail.com) aaa tawa deyak meka tama mage asama blog eka.

    ReplyDelete
  15. GRUB කේස් ඒකක් මටත් අාවා ඉසුරු ලිනක්ස් වලින් දැන් තමා සිද්ධාන්තේ ටිකක් තේරුම් ගියේ
    tanks.....

    ReplyDelete

Facebook ප්‍රතිචාර