මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Thursday, March 3, 2011
මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක්
මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
11:44 AM
20 comments:
කාණ්ඩ:
Featured,
Linux,
Ubuntu,
ආගිය කතා,
ආරක්ෂණය,
තාක්ෂණය,
මෘදුකාංග
Wednesday, February 23, 2011
CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න
ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog!
නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ දවසක. Acer Aspire 4315 වර්ගයෙ ලැප්ටොප් එකක්. දැන් වයස අවුරුදු තුනයි මාස දෙකයි සතියයි දවස් ගානක් විතර ඇති. පරණයි. ඉස්සර ආපු IBM ලැප්ටොප් වගේ දැන් තියෙන ලැප්ටොප් එතරම් කල්පවතින්නෙ නෑ. මේකට මුලින්ම වෙච්ච වින්නැහිය මගේ බ්ලොග් එකත් එක්ක හිටපු පරණ කස්ටියට මතක ඇතිනේ... ඒ කොහොම වුණත් මගේ උත්සාහය මේ ලැප්ටොප් එක අවම වශයෙන් අවුරුදු පහක්වත් පාවිච්චි කරන්න. මොකද 1.73 GHz Intel Celeron ප්රොසෙසරය මගේ වැඩ වලට හොඳටම ප්රමාණවත්.

10:01 PM
14 comments:
කාණ්ඩ:
Linux,
අනංමනං,
ආගිය කතා,
තාක්ෂණය,
දෘඩාංග,
මගේ වැඩ,
මෘදුකාංග
Saturday, August 7, 2010
Gammu එක්ක මොබයිල් වැඩ කිඩ | SMS කෙළිය
ආ........යිබෝ.........ං........! අර.... ශාකුන්තල කියල එකෙක් හිටියෙ... අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ... බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති... තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. :D
මේ බ්ලොග් එක නිතර කියවන අය දන්නවනේ මම ලියන තාක්ෂණික ලිපි වලින් අති බහුතරය ලියැවෙන්නෙ මගේ අත්දැකීම් අනුසාරයෙන් බව. කොපි පේස්ට් නෑ... පරිවර්තන වැඩ නෑ... එකක් දෙකක් හැර අනිත් සියල්ල පෞද්ගලිකව අත්හදා බලා දෙසන ඒවා. නමුත් පහු ගිය කාලේ මම යෙදිලා හිටපු වැඩ කටයුතු වල ස්වභාවයයි තරමයි අනුව මම අදහස් කළා ටිකක් විතර බ්ලොග් ලියන වැඩෙන් ඈත් වෙලා ඉන්න.
මේ බ්ලොග් එක නිතර කියවන අය දන්නවනේ මම ලියන තාක්ෂණික ලිපි වලින් අති බහුතරය ලියැවෙන්නෙ මගේ අත්දැකීම් අනුසාරයෙන් බව. කොපි පේස්ට් නෑ... පරිවර්තන වැඩ නෑ... එකක් දෙකක් හැර අනිත් සියල්ල පෞද්ගලිකව අත්හදා බලා දෙසන ඒවා. නමුත් පහු ගිය කාලේ මම යෙදිලා හිටපු වැඩ කටයුතු වල ස්වභාවයයි තරමයි අනුව මම අදහස් කළා ටිකක් විතර බ්ලොග් ලියන වැඩෙන් ඈත් වෙලා ඉන්න.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
10:07 PM
52 comments:
කාණ්ඩ:
Featured,
Linux,
Mobile,
ආගිය කතා,
තාක්ෂණය,
මෘදුකාංග
Tuesday, May 11, 2010
විකිපීඩියා | Wikipedia
විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට ශාකුන්තලගෙ බැල්ම වැටිලයි තියෙන්නේ... :P
මට විකිපීඩියාව සෙට් වුණෙත් හරි අපූරු විධියකට. විකිපීඩියාවෙන් අපමණ දේවල් මෙතෙක් ගත්තට අබමල් රේණුවක දෙයක් ඒ වෙනුවෙන් ලියලා තිබුණෙ නෑ. මේ කාලේ මගේ 'ඉන්ටර්න්ෂිප්' කාලේ නොවැ... ආධුනිකයෙක් විධියට මට වැඩ කරන්න අවස්ථාව ලැබිල තියෙනවා ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය (APTN) සම්බන්ධයෙන්. කලාපීය වැදගත්කමක් තියෙන මෙහි මහලේකම් කාර්යාලය (secretariat) පිහිටුවා තිබෙන්නේ ශ්රී ලංකාවේ. මම APTN වැඩ වලට සම්බන්ධ වෙන්න කලින් ඒ පිළිබඳව යම් හැදෑරීමක් කළ යුතු වුණා. ඉතින් APTN වෙබ් අඩවියෙන් පසු නිතැතින්ම මම යොමු වුණේ විකිපීඩියාවට. කෝ..? අපේ මාතෘකාව ගැන සඳහනක් නෑ...! මේ වගේ ලෝකවාසීන් දැන ගත යුතු, ජාත්යන්තර වැදගත්කමකින් යුත් කාරණාවක් සම්බන්ධයෙන් විකිපීඩියා ලිපියක් නැති එක මට පෙනුණේ සැලකිය යුතු අඩුපාඩුවක් විධියට. ඔන්න ඔහොමයි විකිපීඩියාවට ලිවීමෙන් දායක වෙන වැඩේ සෙට් වුණේ.
ආපහු එමු මාතෘකාවට... විකිපීඩියාවේ තියෙන වඩාත්ම සිත්ගන්නාසුළු ලක්ෂණය තමයි එහි නිදහස් බව. ඒ කියන්නේ ඕනම කෙනෙකුට වැඩිදියුණු කරන්න පුළුවන්. හැබැයි මේ සියල්ල සිදු වෙන්නේ මනා පරිපාලනයක් සහිතවයි. සරල සිංහලෙන් කිව්වොත් පිස්සු කෙළින්න බෑ. ඉතින් මට අවශ්ය වුණේ ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය ගැන ලිපියකින් විකිපීඩියාවට දායක වෙන්න. ඒ අත්දැකීම් මගේ බ්ලොග් එකේ ලිපියක් විධියට මේ ලියන්නේ විකිපීඩියාවට ලිපි ලියන්න තවත් අයව උනන්දු කරවන්න සහ, විකිපීඩියාව අළුත් අයට උදව්වක් වශයෙනුයි.
විකිපීඩියාවට මුල්වරට ලිපියක් ලියද්දී සැළකිලිමත් විය යුතු කාරණා කීපයක්ම තියෙනවා. තමන් විසින් ලිපි ලියන්න බලාපොරොත්තු වෙන විෂය ක්ෂේත්රය පිළිබඳ සැළකිය යුතු දැනීමක් තිබිය යුතුයි. කිසිම තේරුමක් නැති, nonsense වගේ පේන්න පේළි දෙකෙන් තුනෙන් ලියන අළුත් ලිපි විකිපීඩියාවෙන් ඉවත් කෙරෙන්න තියෙන සම්භාවිතාව ඉතා වැඩියි. අදාළ විෂය ක්ෂේත්රය ගැන ප්රවීණයෙක් වීම අවශ්ය නැහැ. දැනුම සහ ගවේෂණය කිරීමේ උනන්දුව තිබුණාම හොඳට ඇති.
මාතෘකාව තෝරගත්තට පසුව ඊළඟට කරන්න තියෙන දේට සරල භාෂාවෙන් කියන්නේ RTFM කියලා. :D දී ඇති උපදෙස් වරක්, දෙවරක් හොඳින් කියවන්න. ඇත්තෙන්ම කියනවා නම්, විකිපීඩියාවට ලිපි ලියන්න දැනගන්න ඕනේ අදාළ විෂය ක්ෂේත්රය හැරුණාම භාෂාව විතරයි. HTML, CSS, feed වගේ මළ ඉලව් ඕනෙ නැහැ. වැඩේ බ්ලොග් ලියනවට වඩා පහසුයි!
අදාළ මාතෘකාව යටතේ ලියැවුණු ලිපියක් දැනටමත් තියෙනවද කියල සොයා බලන්න. උදාහරණයක් විධියට ගනිමු අපි ලංකාවේ තියෙන හුම්මානය. ඒ ගැන ලියැවුණු ලිපියක් විකිපීඩියාවෙ දැනට නැහැ (සෙවුම් ප්රතිපල බලන්න). අපට ඊට අදාළව ලිපියක් ලියන්න පුළුවන් නම් "You may create the page Hummanaya," කියලා තියෙන රතු සැබැඳිය ක්ලික් කරලා, එවෙලෙම ලිපිය ලියලා, ලියූ වහාම අන්තර්ජාලයට නිදහස් කරන්නත් පුළුවන්.
නමුත්, පළමු වරට විකිපීඩියාවට ලිපියක් ලියන කෙනෙක් මේ විධියට 'එකවරම' ලිවීම සුදුසු නැහැ. විකිපීඩියාවේ 'ලිපි ඉඩ' (Article Spaces) වර්ග කිහිපයක් තියෙනවා. ඔය මුලින් කිව්ව විධියේ ලිවව් ගමන් අන්තර්ජාලයට නිදහස් වෙන තැන හැඳින්වෙන්නෙ Public Article Space කියලා. එතැන සකස් කළ ලිපියක් අන්තර්ජාලයට නිදහස් කළාම ඩෝං ගාලා අතෑරියා වගේ... හැම දෙනාටම පේනවා. ලියන ලිපිය විකිපීඩියාවේ තියෙන ප්රමිතීන් වලට අනුකූල නොවුණොත් ලිපිය මකා දැමෙන්නට තිබෙන සම්භාවිතාව වැඩි නිසා, විකිපීඩියාවට නවක අය මේ පොදු ඉඩ එකවරම පාවිච්චි නොකිරීම වඩාත් සුදුසුයි.
බිත්තර කටුවක් ඇතුලේ විකසනය වෙන කුකුළු කළලයක් වගේ, විකිපීඩියාව ඉගෙනගන්නා ගමන් ලිපියක් ක්රම ක්රමයෙන් ගොඩනගන්න 'පරිශීලක ඉඩ' (User Space) භාවිත කිරීමෙන් පුළුවන්. මෙහි ලියන ලිපි සෙවුම් යන්ත්ර වලින් සූචිගත කෙරෙන්නේ නැහැ. ඒ වගේම වැඩිය කාටවත් දකින්න ලැබෙන්නෙත් නැහැ. මම ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය ගැන ලිපිය ටිකෙන් ටික ගොඩනැඟුවේ ඒ ආකාරයෙන්. පරිශීලක ඉඩ කොටසේ ලිපියක් ආරම්භ කරන්න, http://en.wikipedia.org/wiki/User:ඔබේ පරිශීලක නම/ලිපියේ මාතෘකාව ආකාරයේ වෙබ් ලිපිනයක් වෙත යාමෙන් පුළුවන්. උදාහරණයක් ලෙස, http://en.wikipedia.org/wiki/User:Shaakunthala/Asia-Pacific_Telecentre_Network යන තැන තමා මගේ මුල්ම ලිපිය මම සකස් කළේ.
මේ විධියට ලිපිය ටිකෙන් ටික සකස් කරද්දි අත්දැකීම් ඔස්සේ විකිපීඩියාවේ තියෙන 'එක එක දේවල්' ටිකෙන් ටික ඉගෙනගන්න පුළුවන් වෙයි. අපට පිටින් පෙනෙනවට වඩා මහා දැවැන්ත යාන්ත්රණයක් විකිපීඩියාව ඇතුලේ ක්රියාත්මකයි. මේකෙදි අපට වැඩ කරන්න වෙන්නෙ ගෝලීය ප්රජාවත් එක්ක. අනිත් අයගේ අදහස් එක්ක ඔට්ටු වෙවී තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි අපේ අය ලංකාවේ එක එක ෆෝරම් වල දාන දෙකයි පනහේ චණ්ඩි පාට් මේකේ දැම්මොත් සති දෙකෙන් නොකවුට්!
ලිපිය සකස් කරලා අවසානයේ ඒක පොදු ලිපි තියෙන කොටසට පහසුවෙන් මාරු කරන්න පුළුවන්. ලිපි ලියද්දී මහා බර වචන ඕනෙ නැති වුණත්, සාමාන්ය ලිඛිත භාෂාව යොදා ගැනීමයි සම්මතය. ඒ වගේම ඉදිරිපත් කරන සියළුම කරුණු සාක්ෂි සහ යොමු සටහන් (citation) සහිතව ඉදිරිපත් කිරීමත් විකිපීඩියාව අපේක්ෂා කරනවා. ඒ වගේම අපක්ෂපාතී ලෙස කරුණු ඉදිරිපත් කිරීම කළ යුතුයි. මේ ගුණාත්මක බව නිසාවෙන් තමයි ලොව අන්තර්ජාලය භාවිත කරන අති බහුතරය විකිපීඩියාව ඉතා ඉහළින් සලකන්නේ.
ඉතින්, විකිපීඩියාවට දායක වෙද්දි මම ඉගෙනගත් දේවල් වලින් බිඳක් බලාගන්න පුළුවන් User_talk:Shaakunthala කියෙව්වොත්. මේ talk pages, නැතිනම් සාකච්ඡා පිටු වල තමා ලිපි වල තිබෙන කරුණු, අන්තර්ගතයේ බලපත්ර සම්බන්ධ ගැටළු ආදිය ගැන සංවාද ඇති වෙන්නේ. මේක ඉතින් වචනයෙන් කියනවට වඩා හොඳයි තමා ම කරල බලන එක. ප්රජා දායකත්වය සහ සන්නිවේදනය හරිම අපූරුයි! :-)
මම මේ ලිපිය ලිව්වේ සිංහල විකිපීඩියාවට දායක වීම ගැන යමක් ලියන්න ප්රවේශයක් විධියට. මම පෞද්ගලිකව විශ්වාස කරන හැටියට, කෙනෙකුට මුලින්ම විකිපීඩියාව ඉගෙනගන්න සදුසු ඉංග්රීසි විකිපීඩියාව. ඒ සිංහල සිප්යුරු වදන් වල නුහුරු බව නිසා ඇති විය හැකි ගැටළු මඟහරවා ගන්නත්, විකිපීඩියා උදව් පිටු තවම සම්පූර්ණයෙන් සිංහලයට හරවා නැති නිසාත්.
සිංහල විකිපීඩියාව පැත්තෙත් මම මේ දවස් වල සක්මනේ යෙදෙනවා... මේ මගේ සිංහල පිටුව.
ඉදිරි ලිපියකින් සිංහල විකිපීඩියාවේ දැන් තත්වය, සිංහල බ්ලොග්කරුවන් සහ බ්ලොග් කියවන්නන් ලෙස අපට ඒ වෙනුවෙන් දැක්විය හැකි දායකත්වය පිළිබඳ ලිපියක් ඉදිරි දිනයකදී ලියන්න මම බලාපොරොත්තු වෙනවා.
ප්රයෝජනවත් විය හැකි සබැඳි (මේවා ඉතා හෙමින්, ඉතා හොඳින් කියවන්න):
විකිපීඩියාවට අන්තර්ජාලය තුළ හිමි වී ඇති තත්වය කියා පාන එක සාධකයක් එහි Alexa Rank එක.
මගේ අත්දැකීමෙන් දුටු අනෙක් කාරණය... මම ලියූ Asia-Pacific Telecentre Network ලිපිය නිදහස් කරලා මිනිත්තු 15ක් ඇතුළත Google හි සූචිගත වෙලා සෙවුම් ප්රතිපල වල දෙවන පිටුවටත් පැමිණීම...! O_o

12:46 AM
31 comments:
කාණ්ඩ:
ආගිය කතා,
කාලීන,
තාක්ෂණය,
වෙබ් අඩවි
Tuesday, April 6, 2010
එන්න, නිදහස අත්විඳින්න මා සමඟ...
ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්.
මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ක්රියාවට නංවන එක අමාරු කාරියක්. නමුත් ස්වයංව වෙනසට ලක්වීමේදී තමයි අභියෝග වලට මුහුණදීම ගැන හොඳ ප්රායෝගික පුහුණුවක් ලැබෙන්නෙත්. මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දෛනික පරිගණක කටයුතු කරගැනීම අමාරුයි නේද කියන එක බොහෝ දෙනා මගෙන් අසා තිබුණු ප්රශ්නයක්. මගේ උත්තරය, මුල් කාලේ නම් ටිකක් ඔව්, ඒත් දැන් නම් එහෙම නෑ කියන එක. සමස්තයක් වශයෙන්, ලිනක්ස් වල වැඩ කිරීම කොහොමටත් අමාරු කාරියක් නෙවෙයි. වෙනසට ලක් වීම අමාරුයි. ඒත් වෙනසට ලක් වුණාට පසුව අනුගමනය කළ යුතු සාමාන්ය පිළිවෙත් සහ රටාවන් (practices) වලට හුරු වුණාම, මුලින් හිටපු තත්වයට වඩා පහසු බවක් දැනෙන්නේ.
මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන සඳහනක් මීට කලකට ඉහතදි පළ කළා. ඇත්තෙන්ම මේ ලැයිස්තුව දැන් යල් පැනලා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් එක්ක මගේ තිබුණු බැමි කීපයක්ම දැන් බිඳිලා ගිහින්. ලිනක්ස් වලට මාරු වුණු මුල් කාලේ යම් යම් අවශ්යතා සඳහා ඉඳහිට වින්ඩෝස් පාවිච්චි කරන්න අවශ්ය වුණා. පරිගණකය ප්රතිපණගන්වන්න කම්මැලි නිසා මේකට පාව්චිචි කළේ Sun VirtualBox මත Windows XP. නමුත් පහුගිය කාලය ඇතුළත, වින්ඩෝස් නැතිවම බැරි වෙලා තිබුණු මේ සමහර අවශ්යතාවන් වලට සාර්ථක නිදහස් හා විවෘත ආදේශක විසඳුම් කීපයක්ම අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න මට හැකි වුණා. ඒ සියළුම මෘදුකාංග/ විසඳුම් සඳහා දායක වූවන්ට මගේ හෘදයාංගම ස්තුතිය හා ප්රණාමය පිරිනැමෙනවා.
දැන්, මගේ VirtualBox එක ඇතුලේ තියෙන්නෙ Windows 7. ඒත්... මට දැන් ඒක ක්රියාත්මක කරන්නත් කම්මැලියි. හිතාගන්න පුළුවන්ද ලිනක්ස් වල භාවිතයේ පහසුව හා ඇබ්බැහි වීම...? මම මේ මෑතකදි එකම එක වැඩකට මම Windows 7 පාවිච්චි කළා. ඒ OpenOffice.org වින්ඩෝස් සඳහා වන නිකුතුවේ සිංහල අතුරුමුහුණත පරීක්ෂා කරන්න. (ඒකට ඉතිං වින්ඩෝස් නැතුව වෙන මොකක් පාවිච්චි කරන්නද? :P )
මම සෙල්ලම් කර කර හිටපු කාලේ මාර්තු දෙවැනිදායින් අවසාන වුණු බව දන්නව ඇතිනේ... දැන් මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ආධුනිකයෙක්... හඃ හඃ..! මට මේ දවස් වල පැවරිලා තියෙන වැඩ වල ටිකක් බැරෑරුම් වගකීමක් තියෙනවා. මාසයක් ඇතුළත මේ දක්වා ඒ වැඩ වලදි ඉතාම විශ්වාසනීයවත්, ආරක්ෂාකාරීවත් වැඩ කරන්න පුළුවන් බොහොම ස්ථායී පාදමක් සහ හොඳ තාක්ෂණික වටපිටාවක් ලිනක්ස් වලින් ලබා දී තිබෙන බව බය නැතුව අත්දැකීම් සහිතව කියන්න පුළුවන්. මෙපමණ කාලයක් සෙල්ලම් කළේ ලෝකල්හොස්ට් එකේ තියෙන සර්වර සහ පරීක්ෂණ දත්ත එක්ක... ඒත් දැන්.......................
පහුගිය කාලේ ඇතුළත මට හමුවුණු දේවල් කීපයක් මේ.
ලිනක්ස් වීඩියෝ සංස්කරණය කරන්න පාවිච්චි කරන මෘදුකාංග ගණනාවක්ම තිබෙනවා. ඒ එකකවත් පරිශීලක අතුරුමුහුණත තාම Adobe Premiere හෝ එවැනි මෘදුකාංගයක් තරම් පහසුවෙන් පාවිච්චි කළ හැකි තරමට දියුණු වෙලා නැති බව ඇත්ත. ඒත්, සමහර වැඩ වලදි අවශ්යතාවය අනුව චිත්රක අතුරුමුහුණතක් (GUI) නැති ffmpeg පවා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ක්ලික් කළොත් ඒ ගැන යමක් බලාගන්න පුළුවන්. :-) LiVES, Cinelerra යනාදී වශයෙන් වීඩියෝ මෘදුකාංග ගොඩක් මට අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න හැකි වුණා. අවශ්යතාවයක් ඇති වුණොත් මම ඒවා පාවිච්චි කරන ක්රමය ඉගෙනගනිමින් අළුත් පරිසරයට හුරු වෙනවා. මම Adobe Premiere පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්න දන්නෙත් නෑ. ඉතින් මට කෝකත් එකයි.
WinSCP මෘදුකාංගය ගැන දන්නව ඇතිනේ... SSH/ SFTP සඳහා වින්ඩෝස් මත භාවිත කළ හැකි client මෘදුකාංගයක්. Windows Explorer (explorer.exe) පාවිච්චි කරලා සාමාන්ය ගොනු හුවමාරු වැඩ කරගන්න පුළුවන් වුණාට SSH වගේ ආරක්ෂාකාරී විවෘත කේත පද්ධතිත් එක්ක වැඩ කිරීමේ හැකියාව එයට ලබා දී නැහැ. ඒ නිසයි WinSCP හෝ එවැනි තෙවන පාර්ශ්වයීය මෘදුකාංගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් Ubuntu/ Kubuntu/ Fedora වගේ ලිනක්ස් පද්ධතියකදි තත්වය වෙනස්. File Manager එක විවෘත කරලා පෙත ලබා දෙන තැන ssh://username@serverhost:port යන රටාව අනුව පෙත සටහන් කරලා Enter කළ ගමන් වැඩේ ගොඩ! මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ Ubuntu සමඟ පෙරනිමියෙන්ම GVFS සහය තියෙන නිසා. මේ තියෙන තිර රූපසටහන් දෙකත් බලන්න.
තෙවන පාර්ශ්වයීය ආදේශක අවශ්ය නෑ... :-) කාර්යාල වැඩ වලදි ත්රෛභාෂික (යුනිකෝඩ්) පෙළ අඩංගු ගොනුත් සමඟ වැඩ කරන්න සිද්ධ වෙන නිසා සාමාන්ය ලිනක්ස් ටර්මිනල් එකක වැඩ කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම චිත්රක අතුරුමුහුණතකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැඩෙන් ගොඩක් කාලය ඉතිරි වුණා.
ඊළඟ කාරණාව, EOT වැනි යල්පිනූ ක්රම පාවිච්චි කර සිංහල ලියන අන්තර්ජාල පුවත්පත් (උදා: ලක්බිම) කියවන එක. මේ පුවත්පත් කියවන්න පුළුවන් Windows Internet Explorer භාවිතයෙන්ම පමණයි. පත්තරේ බලන්න විතරක් වින්ඩෝස් බූට් කරන්න මට කම්මැලියි. ගැටළුවට නිවැරදිම විසඳුම ළඟපාත තිබිලත් මම දැනගෙන හිටියෙ නැහැ නොවැ. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කෙහළිය බණ්ඩාර ගල්ලබ මීට සාර්ථක විසඳුමක් දීලා තියෙනවා. ගිහිල්ලම බලන්න...!
3GP මාදිලියේ වීඩියෝ ක්ලිප් නරඹන්න ලිනක්ස් මත වැඩ කරන මෘදුකාංගයක් හොයාගන්න බැරුව මම පහුගිය කාලෙ නහයෙන් අඬ අඬා හිටිය නෙව. මේකත් අර මුලින් කිව්ව වින්ඩෝස් එක්ක තිබුණු බැමි කීපයෙන් එකක්. පහුගිය සතියේ මම අහම්බෙන් දැක්කා SuperUbuntu මත පෙරනිමියෙන් එන RealPlayer 11 මෘදුකාංගයෙන් ඒ අවශ්යතාවයත් සාර්ථකව සපුරාගන්න පුළුවන් බව. ඉතින් මම මේ දවස් වල හොයනවා ඒක එහෙම වුණේ කොහොමද කියලා...
ඉතින් ඔය වගේ හැම බැම්මක්ම ක්රම ක්රමයෙන් බිඳිලා මම දැන් VirtualBox එක ඇතුලේ තියෙන Windows 7 ධාවනය කරවන්නෙත් ඉතාම කලාතුරකින්. පහුගිය මාසයටම දෙ වතාවයි.
ඉතිං.......... මට තව දුරටත් වින්ඩෝස් ඕනෙ වේවිද? ඔව්. මම මෘදුකාංග සංවර්ධනයේ (software development) නියැලෙන්නෙක්. තවමත් වැඩි දෙනා පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසා ඒ ආශ්රිතව මෘදුකාංග සඳහා තත්ත්ව පරීක්ෂණ කරන්න වින්ඩෝස් අවශ්ය වෙනවා. .NET ආශ්රිත මෘදුකාංග සංවර්ධනයටත් ඉදිරි කාලය තුළ ඉඳහිට මට වින්ඩෝස් අවශ්ය වෙන්න පුළුවන්. නමුත්, වින්ඩෝස් සඳහා වෙනම වෙන් කළ partition එකක් මගේ පරිගණකයෙ නෑ. ඉඳහිට අවශ්ය වූ වෙලාවක පාවිච්චි කරන්න ඒක VirtualBox එකේම තියේවි.
ඉතින්... මේ ලියවිල්ලෙන් මම දෙන පණිවුඩය...
සාමාන්ය පරිශීලකයෙකුට මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන එක බොරුවක්. පැහැදිලි දැක්මක් සහිතව ලිනක්ස් වලට මාරු වීමේ අවශ්යතාවය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ඇති. පහුගිය කාලය ඇතුළත සුළු මට්ටමේ චිත්රක සංස්කරණ කටයුතු කීපයකුත් මගේ කාර්යාල වැඩ වලදි කරන්න සිදු වුණා. කිසිදු අපහසුවකින් තොරව මම GIMP පාවිච්චි කරලා අදාළ අවශ්යතාව සපුරාගත්තා. අනෙක් වැඩ වලදිත් එහෙමයි... සොයන්නාට සම්භ වේ කියල කියමනක් එහෙමත් තියෙනවනෙ..! :-)
හැමදෙනාටම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන කතන්දරේ ඇත්තකුත් නැතුවම නොවෙයි. සමහර අවශ්යතාවන් වලදි ලිනක්ස් පාරිසරිකය තුළ වැඩ කරන්න පුළුවන් වෘත්තීයමය මට්ටමේ මෘදුකාංග නැහැ. ඒකට තව ටික කලක් ගත වෙයි. උදාහරණයක් විධියට අපි GIMP ගත්තොත්, මුද්රණ ක්ෂේත්රයේ භාවිත වෙන CMYK වර්ණ මාදිලියට එය පෙරනිමියෙන් සහය දක්වන්නෙ නැහැ. නමුත්, ඒ සඳහා plugin එකක් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.
ඊළඟ ගැටළුව මතු වෙන්නේ අන්තර්ජාලය ගැන. අන්තර්ජාලය නැතුව මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. ඒ වගේම ප්රශ්නයක් ඇති වුණු වෙලාවක විසඳුම් හොයාගන්නත් බෑ. මමත් කාලයක් තිස්සේ මේ ගැටළුවත් සමඟ ඔට්ටු වෙමින් ලිනක්ස් සහ නිදහස් - විවෘත මෘදුකාංග පාවිච්චි කළ කෙනෙක්.
හිතල බලන්න මෙහෙම..... ලංකාවෙ අනවසරයෙන් වින්ඩෝස් භාවිතය ඉතාම ප්රචලිතයි. එක එක වැඩ වලට මෘදුකාංග අවශ්ය වෙනවා. ඒ නිසා වින්ඩෝස් හා ඒ මත ධාවනය වෙන මෘදුකාංග වලට අපේ රටේ හොඳ වෙළඳපොළක් ඇති වුණා. ඒ ඔස්සේ රට පුරා මෘදුකාංග අලෙවිසැල් බිහි වුණා. නීති විරෝධී වුණත්, වින්ඩෝස් එක්ක ඕනෙ වැඩක් කරගන්න අවශ්ය මෘදුකාංග මේ තැන් වලින් හොයාගන්න පුළුවන්.
නමුත්, අපි ඉදිරි කාලය තුළ අනවසර මෘදුකාංග පාවිච්චිය අතහැරලා නිදහස් මෙහෙයුම් පද්ධති හා නිදහස් මෘදුකාංග භාවිතයට පෙළඹුණොත්. මෘදුකාංග අවශ්ය වෙයි. ඒ මෘදුකාංග වලට හොඳ වෙළඳපොළකුත් ඇති වෙයි. මෘදුකාංග අලෙවිසැල් වලට ලිනක්ස් හා ඒ සමඟ වැඩ කරන්න පුළුවන් නිදහස් මෘදුකාංගත් එයි. අවසානයේ ලිනක්ස් එක්කත් ඕනෙ වැඩක් කරගන්න මෘදුකාංග අලෙවිසැල් වලින් හොයාගන්න පුළුවන් වෙයි. රිචඩ් ස්ටෝල්මන් විසින් අර්ථ දැක්වූ සිව් වැදෑරුම් නිදහසට අනුව බලාත්මක කරන ලද 'නිදහස්' මෘදුකාංග නැවත විකිණීම නීතියෙන් වරදක් නොවන නිසා කිසිදු අසාධාරණයක් මෙහි සිදු නොවෙන්නා සේම, පහසු මිළකට නීත්යානුකූල මෘදුකාංග ලබා ගන්නත් අපේ රටේ අන්තර්ජාල පහසුකම් නැති අයට හැකි වේවි.
මම දැනටත් දැකල තියෙනවා බම්බලපිටියේ මෘදුකාංග අලෙවිසැල් වල Ubuntu, Kubuntu සහ OpenOffice.org මිළදී ගන්න පුළුවන්. ඒ වගේම ස්වභාෂාවෙන් පළ වෙන තොරතුරු තාක්ෂණ සඟරා වලත් දැන් දැන් නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කෙරෙනවා. මේක ඉතා හොඳ ප්රවණතාවක්. මේ තත්වය ඉදිරි කාලය ඇතුළත තවදුරටත් දියුණු වේ යයි අපේක්ෂා කරන්න පුළුවන්.
මේ කතන්දරේ ලේසි වැඩක් නෙවෙයි. නමුත් නිදහස් හා විවෘත මෘදුකාංග ක්ෂේත්රය දියුණු වෙන්නේ ඒ වටා එක්ව සිටින ප්රජාවත් සමඟ. ඒ නිසා ප්රජා දායකත්වය අත්යාවශ්යයි. මේ වෙනස.... පෙරළිය අපි කළොත් දිනෙක ලංකාවේ අපට 'මෘදුකාංග හොරු' කියන ලේබලයෙන් මිදී දේශයක් විධියට ආඩම්බරයෙන් යුතුව නැගී සිටින්නට හැකි වේවි.

---

මේ 'සුඛෝපභෝගී' පහසුකම් පාවිච්චි කරන්න නම් ටිකක් වේගවත් ජාල සම්බන්ධතාවක් අවශ්යයි -- කාර්යාලයීය පරිගණක ජාලය (Office LAN) තුළ පාවිච්චිය ගැටළුවක් නැහැ

8:44 AM
26 comments:
කාණ්ඩ:
Linux,
Ubuntu,
Windows,
කාලීන,
තාක්ෂණය,
නිදහස සොයා,
නීතිය,
මෘදුකාංග
Subscribe to:
Posts (Atom)