Tuesday, October 21, 2008

වයිරස් වලින් පරිස්සම් වෙන්න

පරිගණක වයිරස ගැන බොහෝ දෙනා දන්නවනෙ. මේව පැතිරෙන එක් සුලභ ක්‍රමයක් තමයි USB දත්තගබඩා උපාංග (USB data devices හෙවත් ‍pen drives). බොහෝ විට පිටතින් රැගෙන එන මෙම උපාංගයක් ගෙදර පරිගණකයට සම්බන්ධ කළාම අපටත් නොදැනිම වයිරසය පරිගණකය ඇතුළට රිංගනවා. කොහොමද අපි මේක වලක්වා ගන්නෙ? මේ ඒ ගැන පොඩි සටහනක්.

USB දත්ත උපාංග දෙක්ලික් (double click) කර විවෘත කරන්න එපා. (දැනටමත් බොහෝ දෙනා මෙය දන්නවා)


USB දත්ත උපාංගය දකුණු-ක්ලික් (right click) කර දිස්වන මෙනුව ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන්න.

මෙහි 'Open', 'Explore' වැනි මෙනු අයිතම අහිංසක ආකාරයෙන් දිස්වුවත් සමහරවිට එම මෙනු අයිතමත් autorun.inf මගින් ආක්‍රමණය කර තිබෙන්නට පුළුවනි. ඒ නිසා එම මෙනු අයිතම ක්ලික් කිරීමෙන් වලකින්න.


USB උපාංගය විවෘත කිරීමට පහත පියවර අනුගමනය කරන්න. මේ විධියට විවෘත කරන්න පුරුදු වුණාට පසුව තවම මගේ පරිගණකය වයිරස් මගින් ආසාදිත තත්වයට පත් වෙලා නෑ.

පියවර 1


පියවර 2


---

මා දැන් කියූ ක්‍රමය ආරක්ෂිතයි. ඒත් කවදා වෙනකන්ද? ඒක මට සැකයි.
වයිරස් ප්‍රශ්න වලින් තොර Linux මෙහෙයුම් පද්ධති වෙත මාරු වීම එක් හොඳ විසඳුමක්.

~ ශාකුන්තල ~

12 comments:

  1. ඇයි මචෝ නොමිලේ දෙන ඒවීජී වයිරස් ගාඩ් එක අමතක උනාද ?

    ReplyDelete
  2. නමුත් ගැටළුව මේකයි. අළුත් වයිරස් හැම එකක්ම AVG වලින් අල්ලන්නෙ නෑ. AVG විතරක් නෙවෙයි Panda, Kaspersky, avast, Mc-Affee, Norton මෙකී නොකී මොකක් පාවිච්චි කළත් තත්වය ඕකයි. Virus Guard වලින් අල්ලන්නෙ ඒකෙ database එකේ විස්තර අඩංගු වයිරස් පමණයි.

    ReplyDelete
  3. මට තාම වෛරස්එකක් තියන පෙන් එකක් හම්බුනේ නෑනෙ අත් හදා බලන්න

    ReplyDelete
  4. පෙන් එකත් අරං සයිබර් කැෆේ එකකට යන්න. ඕන තරම් හොයා ගන්න පුළුවන්. :P

    ReplyDelete
  5. වටිනා උපදේසයක්!

    @ admin
    නොමිලේ දෙන ගාඩ්වල වැඩ අඩුයි.

    ReplyDelete
  6. අපෝ මට නම් වයිරස් නම ඇහෙද්දි කොම්පියුටරුත් එපා වෙනවා අප්පා ශික් මහම වදයක්. ස්තූතියි උපදෙසට

    ReplyDelete
  7. ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. මේ වගේ ලිපි තව ඉදිරියෙදිත් බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete
  8. But the virus i mentioned here could not be removed by AVAST. http://myworldmywaysmyideas.blogspot.com/2009/01/dear-semiantivirusvbs-you-are-gladly.html

    I do not know whether it can be removed by any other software.

    As the reason, AVAST said that the virus file was being used by another process.

    so had to delete it manually

    any way, thanks for the post bro!!

    As you say, the best way to solve the problem may be switching to Linux

    ReplyDelete
  9. That 'another process' is wscript.exe

    open a command prompt, and then enter the following command:
    taskkill /f /im wscript.exe

    Then you should be able to delete the virus script.

    ReplyDelete
  10. yes it is the wscript.exe. i killed it and then it was possible to del the virus script. ididnt know the command. so had to do it using the process explorer

    ReplyDelete
  11. mage computer eke avast antivirus software eka install karnakota "the application has failed to start because its side to side configuration is incorrect.please see the application event log for more detail." kiyala error ekak enava .can anyone help me about this error??

    ReplyDelete
  12. මේකෙන් උදව්වක් වෙයිද කියල බලමු...
    http://forum.avast.com/index.php?topic=56927.0

    ReplyDelete

Facebook ප්‍රතිචාර