Monday, November 24, 2008

මගේ Assignment කෙරුවාව

අද in-class assignment එකක්. සිරිත් පරිදිම අවසන් මොහොත වෙනකම් මොනවත් බලාගත්තෙත් නෑ. කුප්පියක් දම්මගන්න අදහසකුත් නෑ... උදේ පාන්දරම ආතල් එකේ මල් පාත්තියක් දාගෙන හිටිය.

Assignment එක පටන්ගත්තාම තමයි දෙයියො සිහි වුණේ. පේපර් එකේ තිබුණ මෙලෝ හසරක් හිතාගන්න බෑ. කරකවල අතෑරිය වගේ. දීල තිබුණ කාලය පැය එකහමාරක් වගේ මතකයි. මුල් පැය කාලක් බාගයක් විතර හොඳට නිදා ගත්තා (අර බෝංචි මාමා නිදාගත්තා වගේ). ඇහැරුණාට පස්සෙ පටන් ගත්ත උත්තර ලියන්න.

පාඩම් කරල නැති වුණත් මේවට උත්තර ලියන්න ක්‍රම තියෙනව. ප්‍රශ්න ඇතුලෙම උත්තරය හැංගිලා තියෙනව. ඔහොම හිතාගෙන කොහොම හරි වෙට්ටු දාල මොන මොනව හරි බොරු ටිකක් ලිව්ව. තව තැනින් තැනින් කාන්තාර වගේ හිස් තිබ්බ. ලියල එළියට ආවට පස්සෙ මාර සැහැල්ලුවක් දැනෙන්නෙ.
---
හෙටත් තියෙනව එකක්. Business Statistics and Operational Research. ඇත්තටම මොන එකකට මේව තියෙනවද මන්ද.. business කියනකොටත් මට තිත්තයි... අප්පිරියයි...
ඒකට නම් කුප්පියක් දා නොගත්තොත් සදා අනාතයි. :(

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

11 comments:

  1. මට මතක් උනේ මම O/L කරන කාලේ විද්‍යාව අසයිමන්ට්ස් කරපු හැටි.. හිකිස්!

    ReplyDelete
  2. ඇයි Assignment එක වෙලේ විතරද? හවස lab එකෙත් කුම්භකර්ණයා වගේ නිදි. . . කථා කළත් ඇහෙන්නෙ නෑ. . . ලස්සන photo එකක් ගත්තා phone එකෙන්. . :P

    ReplyDelete
  3. හා හා මල්ලි
    මල්නම් මල්
    Assignment නම් Assignment


    ඔයා මොන campus ද ?

    ReplyDelete
  4. " කුප්පියක් දම්මගන්න " , " මල් පාත්තියක් " ... මේවල තෙරුම් මොනවද ?

    ගින්නක් නෑහෑ , මම A/L විභාගේ වෙලාවේත් කොපිකරලා තියනවා , එ කොපිකිරිල්ල හෑමොටම කරන්නත් බෑගෑ , :-) :-)

    ReplyDelete
  5. අනේ පුතේ, ඔය විශයයන් ගැන මම දන්නෙ නැහැ, නැත්නම් දන්න දෙයක් කියල දෙනව.

    ReplyDelete
  6. @ Priyankara Perera
    කුප්පියක් දම්මගන්න " , " මල් පාත්තියක් " ... මේවල තේරුම් කැම්පස් නොවන අයට කියන්න හොඳ නෑ
    :-)

    ReplyDelete
  7. @ Priyankara Perera

    අරවින්ද කිව්වා වගේ කැම්පස් ඇවිල්ලම තමයි ඒවා ඉගෙනගන්න ඕනා. . . :D

    ReplyDelete
  8. බොරු ගොඩාක් ලිව්වා මාත් ඊයේ...අදනම් දෙය්යනේ කියලා ලිව්වා..උදේ දාගත්ත කුප්පියෙන් වැඩක් වෙන් ඇති නේ ශාකුන්තල.....

    ReplyDelete
  9. @සරත් ගුණතුංග මහතා,
    ස්තුතියි ඔබතුමාට.

    @Udara1986,
    කුප්පිය හොඳයි. හැබැයි පේපරේ දැක්ක වෙලේ ඉඳල කකුල් දෙක වෙව්ලන්න ගත්තනේ...

    ReplyDelete
  10. @ ශාකුන්තල
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. අපිත් මේව මේ ආසාවෙන් කරනවා නෙවෙයි. කැම්පස් ඇවිත් අම්මල තාත්තලගේ හිතේ තියෙන හීන බොඳ කරල දාන එක හරි නෑ නේද?. උඹ ගොඩක් දේවල් දන්න බව ඇත්ත ඒත් විභාග පාස් වෙන්නත් ඕන නේද?
    මාත් මේ දේශන වලට යන්න බැරි උන නිසා යන්තම් කුප්පියක් දාගෙන assignment එකට මොනවද වගයක් ලිව්වා. මටත් හරි අවබෝධයක් තිබුණනම් මුල සිට සරලව කුප්පියක් දානවා. ඒත් මම දන්නෙත් නෑනේ ඕවා. පිස්සු නටන්නේ නැතිව දැන්වත් වැඩ පටන් ගනිං(මම ඉතිං බණ කිව්වට මාත් තාම පටන් ගත්තේ නෑ). නැත්නම් repeat උනොත් ඉතිං ඇපත් නෑනේ.

    ReplyDelete
  11. @පහන්,
    උඹ හරි මචෝ... ඒත් මට ඕක ලොකු මාතෘකාවක්... මම ප්‍රසිද්ධ ස්ථාන වල කතා කරන්න අකමැති මාතෘකාවක්... මට ඕන වුණේ ඉගෙනගන්න මිසක් විභාග පාස් වෙන්න නෙවෙයි... මේ යන හැටියට විභාග පාස්වෙන්න යන එක දොඩම් ගොඩ බදාගැනීමක්...

    උඹේ උපදෙස හරි මචෝ.. ඒත් උපාධිය මම කතා කරන්න අකමැතිම මාතෘකාව... ඒක කොහොමහරි ලැබෙයි...

    ReplyDelete

Facebook ප්‍රතිචාර