Thursday, April 2, 2009

කම්බිපණු ලෙඩේට ගොඩවෙදකම


මේ සිද්ධිය වුණේ ඊයෙ... අප්‍රේල් පළවෙනිදා... අප්‍රේල් 01 කියන්නෙ අපේ ගොඩක් බ්ලොග්කරුවන් උත්සවශ්‍රීයෙන් සමරන දවසක්නෙ. සිංහලෙන් CSS කියයි... ලිනක්ස් ගුරාලට වින්ඩෝස් හොඳයි කියයි... එක විකාරයයි. ඒ නිසා මේක ඊයෙ නොලියා අද ලිව්වා -- නැත්තං මොකක් හරි බොරුවක් කියල හිතයි කස්ටිය. ඉතින් යාළුවො ඔක්කොම පාටි දානකොට සමරන්නෙ නෑ කියල පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද? ඉතිං මාත් ට්වීටරේ දැම්ම මෙහෙම:
Now I'm on Ubuntu, which provides a fast and very secure computing environment. No more f****** Windows.
තරු ටික බලධාරියා විසින් කපා හරින ලදී. ;)

හික්. :D වින්ඩෝස් අයින් කරල මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා වින්ඩෝස් අවශ්‍යම වුණොත් හීනෙන් (ඒ කිව්වෙ VirtualBox හරහා) වින්ඩෝස් පාවිච්චි කරන්න අදහසක් තියෙනව. තාම මාරු වුණේ නෑ. ඒත් ඒකට තව ටික කාලයක් තියෙනව. අනෙක... මම මාරුවුණාම දාන්නෙ Ubuntu නෙවෙයි Fedora. ඉස්සෙල්ලම ජංගම දෘඩ තැටියක් හොයාගන්න ඕන මගේ ගිගාබයිට් සීයක විතර අනංමනං backup කරන්න. ඉතින්... මේක ලියන්නෙත් වින්ඩෝස් මත ඉඳගෙන. සමහර විට වින්ඩෝස් මත ඉඳගෙන ලියන අන්තිම බ්ලොග් සටහන මෙය වෙන්නත් පුළුවන්.

මම පහුගිය දවස් ටිකේ Ubuntu දාගත්තනේ ආපහු... පොඩි අත්හදා බැලීම් කීපයකට. ඔය අතරෙම පොඩි පොඩි සෙල්ලං ටිකක් දාන්න ගිහින් Fedora වැඩ කරන්නෙ නැතුව ගියා. හාඩ් ඩිස්ක් එකෙත් ඉඩ මදි වගේ නිසා, මගේ හාඩ් එක ළඟදිම මුළුමනින්ම format කරන නිසා, බොහොම හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒක තමයි Fedora තිබුණ partition එක ඩිලීට් කරන්න. මොකද Fedora වලට ගිගාබයිට් 6ක ඉඩකුත්, Ubuntu වලට ගිගාබයිට් 3.5ක ඉඩකුත් වැය වෙලා තිබුණා. මම වැඩි ඉඩක් ගන්න පුළුවන් එක මැකුවා... හදිසියට. වැඩේ කළේ Windows Management Console එකෙන්. වැඩිදුර නොහිතා කළ මෝඩ වැඩක්. :(

මළ කෙළියයි! මැෂිම බූට් වෙන්නෙ නෑ!! :( Error 22 ලු.
ලිනක්ස් පාවිච්චි කළ මුළු කාලය ඇතුළත මගේ ස්වේද ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය උපරිම කළේ මේ error එක තමයි. ඉතින් හොඳ වෙලාවට ළඟ යාළුවෙකුගෙන් Ubuntu Live CD එකක් ඉල්ලගන්න පුළුවන් වුණා. ඒකෙන් බූට් කරගෙන ගියා කම්බිපණු අත්පොතට. (හොඳ වෙලාවට Ubuntu, Huawei E220 සාදරයෙන් පිළිගන්නවා -- නැත්තං සොරි.com තමා) මේ තියෙන්නෙ ඒකෙ තිබුණු විස්තරේ...
22 : No such partition
This error is returned if a partition is requested in the device part of a device- or full file name which isn't on the selected disk.
මම ඒපාර parted එකෙන් අපහු හැදුවා ext3 partition එකක්. Reboot කළා. ඔන්න දැන් කියාපි Error 15 කියල!
ආපහු ගියා Live,.. බැලුවා කම්බිපණු අත්පොත.
15 : File not found
This error is returned if the specified file name cannot be found, but everything else (like the disk/partition info) is OK.
දැන් මොකද කරන්නේ... මට වැටහෙන තරමින් මේක boot sector එකත් එක්ක කරන්න ඕන සෙල්ලමක්... Boot sector සංස්කරණය කරන්න දෙන්නෙ නැහැනෙ.. සාමාන්‍යයෙන්. ක්‍රමයක් හොයාගත්තත් මගේ දැනුම් සීමාවෙන් පිටත තියෙන දෙයක්... කලින් අත්හදා බලා නැහැ. මේ හිස් partition එකට ආපහු ලිනක්ස් දැම්මොත් සියල්ල හරි බව මම දැනගෙන හිටියා. ඒත් ඒක‍ට වෙලාව මදි. ඊළඟ විසඳුම වෙන්න පුළුවන් එකත් මම දැනගෙන හිටියා. ඒ grub-install. ඒක කළොත් මගේ වින්ඩෝස් පාටිෂන් වලට කෙළවෙයිද? බයයි. අත්හදා බැලීම් වලට වෙලාව නෙවෙයි මේක.

ඉතින්... සිහියට ආවා පොඩි ගොඩවෙදකමක්. මේක forum එකක තිබුණ එකක් නෙවෙයි... ඒව‍යෙ ගොඩවෙදකම් දෙන්නෙ නැහැනේ... මෙන්න Ubuntu Live එකේ ඉඳලා කරපු එක:

sudo bash
mkdir /1
mount -t ext3 /dev/sda8 /1 (Ubuntu installation එක තිබුණේ sda8 මත)
mkdir /2
mount -t ext3 /dev/sda9 /2 (Fedora තිබිලා... මකලා... ආපහු හදලා... වධ විඳපු partition එක sda9)
cp -rv /1/boot /2/
shutdown -r now

මොකක් හරි අවුලක් වුණොත් menu.lst සංස්කරණය කරලා යන්න පුළුවන් නේද කියල කල්පනා කරමින් මම LCD තිරය දිහා බකන්නිලාගෙන හිටියා... මෙන්න වැ‍ඩේ හරි! :) :) :) සිරාවට වැඩ!! මේක හරි නොගියනම්... මම assignment වෙලාවට බාර‍දීල හමාරයි. එල්ලෙන්න තමයි වෙන්නෙ. :-/

කෝමද ටිකිරි මොළේ?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

9 comments:

  1. වින්ඩෝස් disk manager එක නම් මහා අලයක්. හතුරෙකුටවත් පාවිච්චි කරන්න දෙන්න එපා.

    ReplyDelete
  2. සුසේ වල නම් ඔච්චර කටු නැහැනේ. දැම්මා රිපෙයාර් දැම්මා ඔතන ඇති මගේ හිතේ. මාත් අල පාත්තියක කාලා දැන් කැදයි රැවුලයි බේරාගෙන ඉන්නේ. එළ එළ, ටිකිරි මොලේ නෙමේ පණු මොලේ කියන්න වෙන්නේ. අපිත් ඉතිං පණුවෝනේ මචෝ.

    ReplyDelete
  3. මාත් ext4 එක්ක වලියකට ගිහින් කම්බිපණුවට කෙලව ගත්ත..හික් හික්, මොනව කරන්නද? සාමාන්‍යයෙන් කම්බිපණු අවුල් වලදි මගේ ඉවසීම අඩුයි. උඹට මම කියන දේ කරන්න බැරිනල් අතුගෑවිල පලයං කියල, සුද්ද කලා.,..

    ext4 එක දාගෙන බලන්න.. වේගයත් ඉතා වැඩියි. (ඩූ ඉට් ඇට් යුවර් ඔව්න් රිස්ක්, මොකද මම මේ මාස 3 නේදි ඉහේ කෙස් ගානට වලි දාගත්ත )

    ReplyDelete
  4. @පහන්,
    වින්ඩෝස් ඩිස්ක් මැනේජරය නම් අලයක් මැ තමා. බිල් ගේට්ස් මහත්තැන්ගේ දියුණු තාක්ෂණය තවම ext-3 අඳුනන්නෙ නෑ නොවැ. හැබැයි මේ සටහනේ වස්තු බීජය නම් මගේ හිතුවක්කාර කම නිසාමැයි.

    -බිன்ku-,
    අඩේ... සුසේ එච්චර ලේසිද? ඒ වුණාට අපි වගේ ලිනක්ස් ඉගෙනගන්න අයට ඒක මදි නෙ මචෝ... තව ටික දවසකින් ෆෙඩෝරා ලියොනිඩස් ආවම ඒක දාගන්නවා... වින්ඩෝස් නැත.

    @ගයාන් කල්හාර,
    මගෙත් ඉවසීම අඩුයි... ඒත් මේක ලැප්ටොප් එකක්නෙ... හාඩ් එක හදිසියකට ගලවල බැකප් එකක් දාගන්න එකත් ටිකක් කට්ටක් තමයි. ඒ නිසා මම ඉවසන්න පුරුදු වුණා. ext-4 ගැන කියනවනම්.. මට දැන් බීටා ටෙස්ටිං වලට වෙලාව නෑ. :(

    Fedora 11ත් එක්ක ext-4 release version එයි නේද මචෝ...?

    ReplyDelete
  5. මගේ පළවෙනි කමෙන්ට් එක. ලගදි මටත් ඔය වගේ දෙයක් උනා. හැබයි මට නම් එච්චර Linux ගැන දැනුමක් නෑ. ඒක නිසා XP CD එකකින් boot කරලා, recovery console එකට ගිහින් "fixmbr" කියල ගහල "fixboot c:" කියලා ගැහුවහම වින්ඩෝස් ආපහු වැඩ කරන්න පටන් ගත්තා. :)

    ReplyDelete
  6. @ChuttaFX,
    ආයුබෝවන්! සාදරයෙන් පිළිගන්නවා. :)
    මම fixmbr කළොත් ලිනක්ස් නැති වෙනවනේ... මං කැමති නෑ ඒක කරගන්න. මට මේ දවස් වල හාඩ් ඩිස්ක් එකේ ඉඩ සහ ලිනක්ස් අත්‍යාවශ්‍යයි. කොහොම වුණත් fixmbr ගැන කිව්වට බොහොම ස්තුතියි. මොකද ලිනක්ස් එපා අයට ඒක කරන්න පුළුවන්නේ...

    ReplyDelete
  7. ලිනක්ස් rox......
    හික් හික්
    ubuntu 9.04 එක්ක නම් ext 4 එනවයි කියන්නේ හැබැයි තාම default ext 3 ලු. අපේ ප්‍රතිචාර මත ඊළඟ සංස්කරණයේ ext 4 default ලෙස එවීම සලකා බලනවලු.

    ReplyDelete
  8. @ශාකුන්තල
    හික්..හික්, :) මම මේකේ පරණ පොස්ට් ටික කියවගෙන කියවගෙන යනවා. එළකිරි බ්ලොග් එක. හැබැයි තාම කියවලා ඉවර නෑ.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

Facebook ප්‍රතිචාර