Thursday, October 30, 2008

Spread IE8 ........ හුහ්!

Spread IE8 නම් අළුත් වෙබ් අඩවියක් ගැන මට දැනගන්න ලැබුණා. Mozilla Firefox ජනප්‍රිය වීමත් සමග දිනෙන් දින අසරණ වෙමින් පවතින Internet Explorer ගොඩ ගැනීමයි ඔවුන්ගේ අරමුණ. Microsoft India මගින් පවත්වාගෙන යන MeraWindows සංසදය විසිනුයි මෙය දියත් කර තිබෙන්නේ.



මොවුන් කර ඇත්තේ Firefox කොපි කිරීමක්. SpreadFirefox ඔබට මතක ඇති. SpreadIE8 වෙබ් අඩවියෙ ඉල්ලීමක් කර තිබෙනවා ඉහත දැක්වෙන ලාංඡන‍‍ය ඔබේ බ්ලොග් එකට/ වෙබ් අඩවියට එක් කරන්න කියා.

Microsoft වෙළඳ ඒකාධිකාරය ලොවට කර ඇති හදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ නිසා මම හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කරනව මේ ලාංඡනය පෙන්නල Microsoft එකට කඩේ යන්න එපා කියල.

---

මම මේ ලාංඡනය මෙතන පෙන්නන්නෙ Microsoft promote කරන්න නෙවෙයි. :)

12 comments:

  1. කවුරු කවුරුත් මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග වලට කෑ ගහන්නෙ තමන් අදුරෙ ඉන්නෙ කියල දන්නෙ නැතිව. මොකද මයික්‍රෝසොෆ්ට් සමාගම හදුන්වා දුන් පහසුකම් තවම කිසිම සමාගමක් හදුන්වා දී නෑ. මම සිතට එකගව මේ කියන්නෙ, වින්ඩෝස් විස්ටා තරම් පහසු පද්දති මෘදුකාංගයක් Office 2007 වගේ පැකේජයක්, විෂුවල් ස්ටූඩියෝ 2008 වැනි මෘදුකාංග වලට වඩා හොද මෘදුකාංග තියෙනවද ?

    නිකන් දෙන දේ විතරක් නෙවෙයි අපි ගන්න ඕනි, මුදල් වලට විකිණුවට හෝ නොමිලයේ දෙන ඕනෑම හොද දේ අපි භාවිතා කරන එකයි වැදගත්.

    These are only my individual ideas and views,

    ReplyDelete
  2. "නිකන් දෙන දේ" කියන එක වැරදියි.
    FREE කියන්නේ නිදහස. නොමිලේම කියන එකම නෙමේ.

    අනික ලංකාවේ ගෘහස්ත පරිභෝජනයට කාටද 50000කට Office ගන්න පුලුවන්?

    ඔයා දාලා තියෙන්නේ බලපත්‍ර සහිතවද?
    අනික මෙතන කියලා තියෙන්නේ IE ගැන.
    ඉතින් OS එකත් එක්ක බලෙන් දෙන ගවේශකය ප්‍රචාරණයට මෙහෙම ව්‍යපෘතියක් පටන්ගෙන තියෙන්නේ ඇයි?

    එකියන්නේ දැන් මිනිස්සු බලෙන් දෙන එක අතහැර නිවැරදි දේ කරා යන නිසයි.

    ReplyDelete
  3. මම කමෙන්ට් එක දැම්මෙ IE ගැන කියල වත් නෙවෙයි.

    "Microsoft වෙළඳ ඒකාධිකාරය ලොවට කර ඇති හදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ නිසා මම හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කරනව මේ ලාංඡනය පෙන්නල Microsoft එකට කඩේ යන්න එපා කියල."

    මම කීවෙ මේ තතාවට, මොකද Microsoft වෙළඳ ඒකාධිකාරය තියෙන්නෙ වෙන එක සමාගමක් වත් Microsoft මෘදුකාංග වලට තරගකරන්න මෘදුකාංග නැති නිසා.

    ReplyDelete
  4. ඉන්න ටික කළක් දැන් ඒක ටික ටික අඩුවෙනවා. :)

    දවසින් දෙකින් නෙමේ...

    ReplyDelete
  5. එහෙම දෙයක් මට නම් පේනනෙ නෑ, මොකද වින්ඩෝස් පද්දති මෘදුකාංගය තමා වැඩි කොටසක් භාවිතා කරන්නෙ. (Linux <4%)
    http://www.w3schools.com/browsers/browsers_os.asp
    Web Browsers වලින් FF පොඩ්ඩක් උත්සහ කරනව (IE >48% and FF <44%).
    http://www.w3schools.com/browsers/browsers_stats.asp
    .

    ඉතින් තව මොන කතාද ?

    ReplyDelete
  6. එදත් Microsoft, අදත් Microsoft, හෙටත් Microsoft. මම නම් මේ ලාංඡනය දාගන්නවා මගේ සයිට් එකේ.

    ReplyDelete
  7. @Harshana,
    Windows Vista, Office 2007, Visual Studio 2008 වැනි මෘදුකාංග ගැන පළමුව කියන්නම්.
    මේවායේ වැඩ කරන්න නම් වැඩි ශක්‍යතා වලින් යුත් RAM, CPU, Hard Disk ඕන වෙනවා. ‍අපේ රටේ බොහෝ දෙනාට මේ තරම් වටිනා උපාංග මිලට ගන්න වත්කම් නෑ. මේ මෘදුකාංග වල නීත්‍යානුකූල පිටපත් ගන්න ගියාම තව කීයක් වියදම් වෙනවද?

    ඊළඟ කාරණාව, මම නොමිලේ මෘදුකාංග බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි නිදහස උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා.

    වෙළඳ ඒකාධිකාරය ගැන කියන්න කලින් මේ ලිපිය කියවල බලන්න.

    @Annonymous,
    මහත්තයො මං වක්‍රාකාරයෙන් IE8 promote කරල නේද? ;)

    ReplyDelete
  8. @ශාකුන්තල, RAM, CPU, HDD අමුතුවෙන්ම වැඩිපුර අවෂ්‍ය නෑ, නමුත් සාපේක්ෂව ලිනක්ස් වලට වඩා අවෂයයි. මොකද මම ඔය 3ම PIV 2.4, 512MB RAM සහිත පරිගණකයක වැඩ කලා අවුරුද්දක් විතර.

    මම නම් කියන්නෙ, තමන්ගේ වැඩ පහසු කරගන්න හොද දෙයක් තියෙනවනම් ඇයි අනික්ව සමග වැඩිපුර දගලන්නෙ,
    හොදම නිදසුන : ධනිෂ්ක ගෙ Lap top එකේ Wireless configuration. අපිට පහසුකම් තියෙද්දි ඇයි භාවිතා නොකරන්නෙ?????

    ReplyDelete
  9. මෙන්න තියෙන එකම එකත් භාවිතා කරන විදිහ

    http://charithaweliwita.blogspot.com/2008/11/blog-post.html

    ReplyDelete
  10. මෙන්න තවත් මෘදුකාංග භාවිතය ගැන සටහනක්.
    http://cybernetnews.com/2008/11/03/browser-os-stats-for-october-2008-firefox-almost-at-20/

    ReplyDelete
  11. http://marketshare.hitslink.com/report.aspx?qprid=8

    මෙන්න තවත් ලින්ක් එකක්, මේ සටහන කියවන අයට වැදගත් වේවි කියල සිතනව. ගත්තෙ ධනිෂ්කගේ http://danishkanavin.blogspot.com/2008/11/firefox-surpasses-20-worldwide-market.html සටහනේ ඇති ලින්ක් එකෙන්.

    ReplyDelete

Facebook ප්‍රතිචාර