Saturday, December 13, 2008

පරණ assignment එක සහ තවත් එක් network කතාවක්

කැම්පස් එකේ පළමු වසර දෙවන සෙමෙස්ටරයේ අපට ලැබුණු එක පැවරුමක් (assignment) වුණේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් මත HTTP version 1.0 අනුව ක්‍රියාත්මක වන වෙබ් සර්වර් එකක් නිර්මාණය කිරීම. මම සෑහෙන උනන්දුවකින් කළ assignment එකක් මේක (අළුත් අවුරුද්දෙ නොනගතය වෙලාවෙත් වැඩ). ආදර්ශණය සඳහා HTML පිටු කීපයකුත් නිමැවුණා. මේක මහා ලොකු වැඩක් නෙ‍වෙයි. බබා සර්වර් එකක්. ගිනි හිවල ඉල්ලුවම දෙන්න විතරයි තිබුණෙ. :D
මේක මට වැදගත් වෙන්නෙ මම මෙයින් ලද දැනුම් සම්භාරය නිසා. Assignment එක භාරදීල සති ගණනක් ගිහිල්ලත් මට පරිගණකය ඉදිරිපිටට වෙලා කේත ලියන එක නතර කරගන්න බැරි වුණා. Server Sockets වලින් කරන මේ සෙල්ලමට එතරම්ම මගේ හිත ඇදී ගියා. අන්තිමේ ඒ දැනුම පාවිච්චි කරල සරල (බබා) chat server එකක් සහ proxy server එකක් නිර්මාණය කළා. ලොකු ලොකු වැඩ වලට බහින්න බැරි වුණේ කැම්පස් එකේ NAT (Network Address Translation) අක්‍රිය කර තිබීම නිසයි. පසුව තව තව assignments සෙට් වුණු නිසා වැඩේ අල්ලල දැම්ම. අනිත් දේවලුත් ඉගෙනගන්න එපැයි. ;)
---
අද නිකමට පරණ assignment එකෙන් සෙල්ලම් කර කර ඉඳිද්දි තමයි දැක්කෙ telnet එකෙන් පොඩි සෙල්ලමක් දාපු ගමන් බබා ඩවුන් කියල. කමක් නෑ දැන් බාර දීල ඉවරයිනෙ. මොනව කරන්නද? අනෙක error handling අවශ්‍ය නෑ කියල තිබුණ.. ඒ නිසා බයක් නෑ.. :)

Browser has made a connection to the server.
Browser requests: nawathiyan yako!!!!!!!!!!!!
Error: String index out of range: -1

ඔන්න බබා මළා!



හරි.. ජාලය සම්බන්ධ තාක්ෂණික කතාව මේකයි.
Dialog HSDPA අන්තර්ජාල සම්බන්ධතාවයෙ කෙරෙන්නෙ ග්‍රාහකයන්ට NAT සක්‍රීය කළ dynamic IP ලිපින ලබා දීම. ඒ කියන්නෙ මම දැන් විසන්ධි කරල ආයෙම සම්බන්ධ වුණොත් මට ලැබෙන්නෙ වෙන IP එකක්. (කොහොම වුණත් Dialog එපා වෙන්නෙ Rapidshare වලින් මොනවහරි බාගන්න ගියාම තමයි. :( )
මේ ක්‍රමය නිසා (සියළුම) Dialog HSDPA ග්‍රාහකයින් ඉන්නෙ එකම subnet එකක. මම බබා සර්වර් එක ක්‍රියාත්මක කරල Dialog HSDPA පාවිච්චි කරන යාළුවෙකුට Gtalk හරහා මගේ IP ලිපිනය දුන්න.. මේ වගේ. http://***.***.***.***:3001/
"ඒක වැඩ කරනව මචෝ" එහා පැත්තෙන් reply එක ආවා. මේ server එක local loopback එකෙනුත් ගෙදර අනෙක් පරිගණකය මගිනුත් පරීක්ෂා කර තිබුණත් මේක ඊට වඩා ආතල් වගේ.

ඊලඟට කළ වැඩේ මේකයි.
මම එවෙලෙ වැඩ කරමින් උන්නෙ Windows වල. මම හවුල් බහාලුමක් (Shared Folder) හදල යාළුවට කිව්ව Windows Explorer හරහා \\***.***.***.***\Shared\ යන්න පුළුවන්ද බලන්න කියල. වැඩේ හරි. මිත්‍රයා මට ඒ ටිකට මට MP3 එකකුත් එවල. නමුත් upload වේගය ගොඩක් අඩුයිලු. (ඒකනෙ HSPA කියන්නෙ නැතුව HSDPA කියන්නෙ :D )
මට එවෙලෙ හිතුණෙ මේක මාරයි කියල. මොකද අපි කරන කණ්ඩායම් ව්‍යාපෘති වල අදාළ ගොනු වැඩ කරන වෙලාවෙම share කරගන්න පුළුවන් කියලයි මට හිතුණෙ. Username එකකුයි password එකකුයි දුන්නම ඒක දන්න අයට විතරයි ප්‍රවේශ වෙන්න පුළුවන්.
ඔහොම ටිකක් වෙලා ආතල් එකේ ඉන්නකොට avast කියාපි අර shared folder එකේ virus එකක් තියෙනව කියල. දැන් තමයි දෙලෝ රත් වුණේ. ඒක ඩිලීට් කරගමන්ම දෙවෙනි එක හම්බ වුණා C:\Users\All Users\Documents\ ඩිරෙක්ටරිය ඇතුලෙ තිබිල.. අජීර්ණයක් වගේ..
මම වහාම ක්‍රියාත්මක වන පරිදි shared folder එක ඉවත් කළා.. (අනෙක් ඩිරෙක්ටරියත් shared වුණාට ඉවත් කළේ නැහැ) යන්තම් ඇති. Virus මම පරිගණක නොදන්න කාලෙ මට හොඳ ආතල් දීල තියෙනව. දැන් නම් virus එකක් ආවොත් අයින් කරගන්න එක ගේමක් නෙවෙයි. ඒත් ඒව කරන්න ගියොත් අපේ project කරගන්න වෙලාවක් නැති වෙනවා.

13-Dec-2008 9:19 PM Shaakunthala 1960 Sign of "Win32:Trojan-gen {Other}" has been found in "D:\Entertainment\Shared\ltsnpb.exe" file.
13-Dec-2008 9:20 PM Shaakunthala 1960 Sign of "Win32:Trojan-gen {Other}" has been found in "C:\Users\All Users\Documents\ltsnpb.exe" file.

ඔන්න ඔහොමයි අද ගත්ත ආතල් එක. අත්දැකීම් ටිකක් විතර එකතු වුණා. ඒක වටිනවා. පිටු 1000 ක් 2000 ක් තියෙන පොත් ගිරව දානවට වඩා මේ ලබන අත්දැකීම් පොඩි වුණත් වටිනව කියලයි මට හිතෙන්නෙ.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

11 comments:

  1. එළ එළ... අපි හැමෝටම අමතන වෙලා ගිය එක ආයේ උඹ ගොඩ ගත්තා... එළ මචන්... කීප් අප්

    ReplyDelete
  2. ඉස්සරනම් Virus වලට පණ බයයි.
    දැන්නම් Virus ඇතුළු Malware එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්නෙ.
    දැන් Virus වලට වෙනම partition එකක් හදල දීල තියෙන්නෙ.

    ReplyDelete
  3. "මම එවෙලෙ වැඩ කරමින් උන්නෙ Windows වල. මම හවුල් බහාලුමක් (Shared Folder) හදල යාළුවට කිව්ව Windows Explorer හරහා \\***.***.***.***\Shared\ යන්න පුළුවන්ද බලන්න කියල."
    මූ මේවා කියන ලස්සන. ලැජ්ජ නැතුව ලියල ඉවර වෙලා මට ලින්ක් එකත් එවනවා. කැම්පස් වරෙන්කෝ අල්ල ගන්න.‍
    අඩෝ මමයි shared folder අදහස දුන්නේ.
    ඕං මමනං virus එව්වේ නෑ.උඹ දන්නවනේ මගේ machine එකේ බෙහෙතකටවත් virus නෑ කියල. අටවල තියෙන කෑලි බෑලි කන්දරාවේ හැටියට. firewallම දෙකක් නෙවැ ළඟක් වෙනකම්ම.
    මතකද ඔය වැඩකෑල්ල මුලින්ම අහුවුන දවසේ මම උඹේ local host එක බැලුවා. උඹේ htdocs folder එකම මම දැක්ක.(ඒ අදහසත් දුන්නේ මමනේ)
    dialog නම් ගන්න දෙයක් නෑ වගේ. subnet එක ඇතුලෙවත් 7.2Mbps නෑ වගේ. මහ වංචාකාරයෝ ව‍ගයක් වගේ

    වෙබ් server එක දියුණු කරපු එක නම් ගොඩක් හොඳයි. දැන්නම් මම ලියපු server එක කොහේ දැම්මද කියල මටවත් මතක නෑ. උඹට කියන්න අලුත් අවුරුද්දේ මාත් වැඩ ඇල්ලුවේ web server එකෙන් තමයි. මේ වගේ එලකිරි assignment එකක් දීපු චමත් සර්ටත් ස්තුති කරානම් හොඳයි මං හිතන්නේ.

    ReplyDelete
  4. අඩෝ... ඇත්ත තමයි... උඹනේ අදහස දුන්නෙ.. නිදිමතේ මට ඒක මතක් වු‍ණේ නෑ නොවැ.
    අනේ සමා වෙන්නෝනෙ.
    (C) 2008 by Pahan Sarathchandra වෙන්නත් ඕන.

    සොරි බුවා..!

    ReplyDelete
  5. ඔය ක්‍රමේදි හැම තිස්සෙම අනිත් පැත්තෙ ඉන්න කෙනාට ඔයාගෙ IP Address එක කියන්න ඕන නේද ශාකුන්තල මල්ලී. එහෙම නැතුව dyndns එකේ ලියාපදිංචි උනොත් ඔයාට IP එක මොකක් උනත් ස්තීර වෙබ් ලිපිනයක් ලබා ගන්න පුලුවන් http://shakunthala.dyndns.org වගේ. මේකෙන් FTP , WEB, MAIL, REMOTE DESKTOP, VPN වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්. වැඩි විස්තර ඕන නම් මට කතා තරන්න.

    ReplyDelete
  6. ශාකුන්තල අය්යේ ඔයා හිනාව දැම්ම්ට අපට පේන්නෙ :D කියලනේ

    ReplyDelete
  7. මොනාද කිව්වේ?

    ReplyDelete
  8. මම ඔතනින් දන්න එකම වච්නේ NAT විතරයී , එකත් ටොරන්ට් වලට රවුටරෙ හරිගස්සද්දි අහුවුනේ.... අර සමික්ශනයට මමත් සහභාගි වුනා...

    ReplyDelete
  9. මාත් ඔය බබාව හැදුවා වීබී + වින්සොක් වලින්...තව චැට් සේවර(එකපාර 3 දෙනයි ; වැඩියේ බෑ ); ටයිම් සේවර,පොඩි *** ෆිල්ටරක් හැදුවා....

    ReplyDelete
  10. @මලී,
    කිව්වෙ මේකයි. ඔයා එළකිරි යනවනේ.
    එළකිරි එකේ තියෙන ඔයාට ඕන thread එක ඔයා ගිනි හිවලට (Firefox) කියනවා. එතකොට ගිනි හිවලා ඒක එළකිරි එකේ ඉන්න X නැමැත්තාට කියනවා. එතකොට X ඔයාට අවශ්‍ය thread එක තියෙන තැනින් හොයල අරගෙන ගිනි හිවලට එවනවා. ගිනි හිවල ඒක ඔයාට පෙන්නනවා.
    මේ X නැමැත්තා තමයි Web Server/ HTTP Server කියන්නෙ.
    ඉතින් මම හැදුවෙ ළදරු අවධියේ තියෙන X එකක්. ඒක xට වඩා ටිකක් සිම්පල්. :P

    තේරුම් ගන්න පුළුවන්ද?

    @නාගයා,
    අපට ඕනම භාෂාවක් තෝරගන්න නිදහස තිබුණා. නමුත් ලිනක්ස් මත ධාවනය කළ හැකි වීම අවශ්‍යතාවයක් වුණ නිසා කළේ Java වලින්.

    ReplyDelete
  11. නෑ අයියේ මං 10 වසරෙදී විතර කලේ...පොඩි එකාගේ ආසාවනේ...ඊට පස්සේ වැඩියේ කෝඩින් කරන්න බැරිඋනා.....දැන්වත් කරන්න ඕන...රිසල්ට්ස් එනකන් නේ ඉන්නේ ;)

    ReplyDelete

Facebook ප්‍රතිචාර