මට ලැබුණු විද්‍යුත් තැපැල් පණිවුඩයක් හේතුවෙන් ඇති වෙච්ච කලකිරීම නිසා ලියන සටහනක් මේක. මේ දවස් වල නිවාඩු වුණාට බ්ලොග් ලියන්න වෙලාව නෑ. ඒත් මේක නම් ලිවිය යුතුමයි මේවට අහු වෙන පිරිස බේරාගන්න.
මුලින්ම මේ තිරපිටපත දිහා බලන්න. [පැහැදිලිව බලන්න තිරපිටපත මත ක්ලික් කරන්න]
ඒකෙ කියනවා Please Pass this email copying betogetherforall@gmail.com කියල. ඒ මොකටද කියල නිකමටවත් හිතුවද? ඊමේල් වලින් එන හැම දහජරාවම forward කරන්න පුරුදු වෙලා ඉන්න අය මේක දැක්කම මොකද කරන්නෙ? To field එකේ තමන්ගෙ යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික ඔක්කොම ඇතුළු කරල අන්තිමේ betogetherforall@gmail.com එකත් ඒකටම එක් කරනවා.
දැන් මොකද වෙන්නෙ? මෙතැන් සිට කතන්දරේ සත්‍යතාව ඔප්පු කරල පෙන්නන්න ක්‍රමයක් මට නැති වුණත් ඊළඟට වෙන්න පුළුවන් දේ ඒක බව අන්තර්ජාලයේ කළු කඩ මුදලාලිලාගේ වැඩ ගැන දන්න ඕන කෙනෙක් සනාථ කරාවි. betogether@gmail.com ට යනවා ඒ විද්‍යුත් තැපැල් ලිපින ඔක්කොම. එයා ඒ ටික පිටපත් කරගෙන සුරක්ෂිතව තියා ගන්නවා. ඔය අතරෙ කළුකඩ මුදලාලියෙකුට ඕන වෙනවා තමන්ගෙ වෙබ් අඩවිය ප්‍රචාරය කරන්න. එයා තෝරගන්නෙ ස්පෑම් යැවීමේ ක්‍රමය. ඒ සඳහා එයා betogetherforall@gmail.com ට මුදලක් ගෙවල betogetherforall@gmail.com විසින් එකතු කරගත් විද්‍යුත් තැපැල් ලිපින ටික මිලයට ගන්නවා.
ඊට පස්සෙ සිද්ධ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සමහර විට betogetherforall@gmail.com ම මුදලාලියා වෙන්න පුළුවන්.
ටිකක් හිතල බලන්න විද්‍යුත් තැපැල් පණිවුඩ 5,000,000 ක් හමුදාවට කන්නද? මොකක්ද මේ වැඩේ තේරුම? අඩු ගානෙ
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය ගැන වචනයක්වත් මෙතන තියෙනවද? අනික, මේක නිළ වශයෙන් කරන වැඩක් නෙවෙයි කියල ඔප්පු කරන්න හොඳම සාධකය, ඇයි මේක someone@defence.lk වගේ ලිපිනයකින් යවන්නෙ නැතුව Gmail ලිපිනයකින් යවන්නෙ? (Gmail එකෙන් නොමිලේ 7 GB+ දෙන නිසා කියල නං කියන්න එපා :D )
මට කලකිරීමක් ඇති වෙන්න හේතුව වුණේ අපේ වීරෝදාර හමුදාවන් විසින් බොහෝ කැපවීම් කරල ලබාගන්න ජයග්‍රහණ වෙනත් පාර්ශව විසින් අයුතු ලෙස යොදා ගන්නා ආකාරය දකින්නට සිදු වීම. මානුෂිකව හිතන කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද?
මේ වගේ පණිවුඩයක් ලැබුණාම එය තව කෙනෙකුට යවන්න කලින් දෙපාරක් හිතන්න. ඔබේ මෙන්ම ඔබේ මිතුරාගේත් පෞද්ගලිකත්වය ඔබේ අතේ! යවන්න අවශ්‍යම නම් යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික To වලට නොදමා Bcc වලට දමන්න.
අනිත් කාරණාව ඔබට ස්පෑම්, එනම් අනවශ්‍ය කරදරකාරී විද්‍යුත් ලිපියක් ලැබුණොත්
Report Spam button එක ක්ලික් කරන්න පැකිළෙන්න එපා. එවිට ඊමේල් සේවා සපයන්නන් විසින් ඒ පණිවුඩයේ ස්වභාවය පිළිබඳව වාර්තා තබාගෙන ඒ පණිවුඩයේ පැතිරීම නැත්තටම නැති කරන්න ඔවුන්ගේ ප්‍රයත්නය දරාවි. මට පහුගිය දවස් වල වැඩියෙන්ම කරදර කළ ස්පෑම් එක වුණේ Java Sri Lanka ප්‍රදර්ශනය ගැන ආපු ස්පෑම් එක. මම ඒක report කළාම ඒ අය වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයකින් එවන්න පටන් ගත්තා... කොහොමහරි දැන් නම් ඒ කරදරේ ඉවරයි... :)
මම ස්පෑම් ගැන කතා කරන්න ගිහින් ටිකක් විතර මාතෘකාවෙන් පිට පැන්නා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකයි. තමන්ට එන හැම විද්‍යුත් තැපැල් පණිවුඩයක්ම forward කරන්න එපා. පිළිතුරු යවන්නත් එපා. අවශ්‍ය වැදගත් පණිවුඩ ටිකට පමණක් ප්‍රතිචාර දැක්වුවාම හොඳටම ඇති. මොකද විද්‍යුත් තැපෑලත් සමග තමන්ගෙ විතරක් නෙවෙයි වටේ ඉන්න යාළුවන්ගෙත් පෞද්ගලිකත්වය බැඳිලා තියෙනවා. ඉතින්, මේ වගේ පණිවුඩයක් ආයෙත් එනකං මම ආසාවෙන් බලාගෙන ඉන්නෙ Report Spam ක්ලික් කරන්න. මොකද ඒක වැඩිය පාවිච්චි වෙන button එකක් නෙවෙයිනේ... ආසයි ඔබන්න. :D